පුතෙක් ඉපදුණු විට මවක් රුජිනක් වන බව රුවන් වැකි වල සඳහන්වේ, පණ ගැහෙන මල් පෙත්තක් දෝතින් ගත්තා සේම දරුවෙකු පපුව මතට ගන්නටත් පෙර මාස නවයක පටන් කුසෙහි වැඩෙන කළලය රකිමින්,අනේකවිද දුක් කන්දරාවක් දරා මෙලොවට බිහි කරන ඇය උතුම් අම්මා නම් වේ. අම්මා යන නාම පදයෙන් ඇය හඳුන්වන්නට ගත් දා පටන්ම, තමන්ගේ කුසගින්න, තමන්ගේ සුවපහසුව, තමන්ගේ රුව ලස්සන නොතකා තවත් ජීවියෙකු වෙනුවෙන් කැප වෙන ලොව එකම ජීවී විශේෂය මව්වරුන් නම් වෙයි. නිදි නොමැති රැය ගන්න ගෙවා තණ පුඩු රිදුම් දෙද්දීත් කිරි පොවා, මහ පාන්දර ඇහැරීගෙන ලිප ගිණි සමඟ පොර බදා, සියල්ලන්ගේම කුසපුරවන්නී ඇයයි අම්මා. කෙනෙක් කුසින් දරාගෙන අනෙකා අනිත් වඩාගෙන, පුතුන් පාසල් ගෙන යන්නිය ඇයමයි අම්මා. දැලි රුවුල් වැවෙද්දි කපන්නට සුදුහඳුන් උරගා, කිරිබතුත් උයා සතට සැමරු අය අම්මා නම් වේ.
මඟුල් කපුවන් පසුපස යමින් දන්නා අඳුනනට අයටත් කියමින් යන්තම් ඝණ රුවුල් වැවෙන විට පුතුට දියනියක් සොයන්නට මුලින් වෙහෙස වන්නේත් ඒ අම්මාමයි. පෝරු මස්තයෙන් බැස පතිනියක් කැන්දාගෙන එන පුතුට නොඉඳුල් කිරි කෝප්පය පොවන්නෙත් අම්මාමයි. නමුත් එතැන් පටන් ඇය දැරූ අම්මා යන රන් කිරුළ උනා දමා ඇයට "නැන්දම්මා" යන කටු කිරුළක් හිස පළඳවන්නේ ඇයි ඔබ?
මිනිසාගේ ආරම්භයේ සිට නොනවත්වාම අදටත් හෙටටත් නොවෙනස් වන එකම ගැටුම නම් නැන්දම්මා හා ලේලිය අතර පවතින මේ සීතල යුද්ධයයි. බොහෝ විට සමාජ ජාල සමූහයන්හී සැරිසරනවිට සිට දක්නට ලැබෙන්නේ ලේලි වරුන් විසින් තම නැන්දම්මා කමෙන්ටු තුල හා පෝස්ටු තුල අමානුශික වශයෙන් හංවඩු ගසන ආකාරයයි.
ගැහැණිය සතු ගැහැණු කම තුල අනිවාර්‍ය අංගයක් කිහිපයක් වන මමත්වය, උඩඟු බව, තන්හාව, ඊර්ෂ්‍යාව ඉතාමත්ම ආදරණිය ස්වරූපයකින් ඉස්මතුවීම තුලින් එක් මවතක් සහ බිරිඳක් විසින් පුතෙකුගේ සහ සැමියෙකුගේ චරිතයට එකවර සමවැදී සිටින පිරිමියෙකුගේ ආදරය ආරක්ෂාව හා අවධානය ලබා ගැනීමට වෙර දරන සමාජ සම්මත යුදධයක අතුරු ප්‍රථිපලයක් ලෙස ඇති වන මෙම සුළු සුළු සිදුවීම් මෙලස සමාජ අඩවි තුලට ගෙනැවිත් බෙදා හදාගැනීම තුලින් එවැනිම වට පිටාවක් සහිත සියල්ලන් තමා තුල ඇති පීඩාවන් ඇඟිලි තුඩින් පිට කිරීම ඇතැම් විට පිටතින් බලනා කෙනක්ට සංවේදනාත්මක දෙයක් විය හැකියි.
පෞද්ගලිකව මාද අතීතයේ බොහෝ පීඩා කාරී අවස්තාවන්වල මෙවන් ක්‍රියා කල වාර අනනන්තයි. නමුත් කාලයා විසින් මා හට තේරුම් කල දෙයක් අද මම ඔබට කියන්නම්.
පුතෙකුගේ මවක් වූ පසු ඉතාමත්ම කුඩා පුතුගේ ආදරෙන් මත්වී සිටින මම හිතේ පුංචි කොනක ඉදිකටු තුඩක් විදනා ලෙසින් වේදනා දෙන හැඟීමක් හැමදාම සඟවා සිටිනවා."කවදා හරි කෙල්ලෙක් හොයා ගත්තම මට මේ තරමට ආදරේ නැති වෙයි.!!!" සැබැවින්ම එය ස්වභාවිකයි. පුතෙක් ස්වභායෙන්ම තමන්ගේ මවට බොහොම ලැදියි. ආදරෙයි, අම්මා කෙනක්ට තමන්ගේ සැමියාගේ ආදරයට වඩා දැනෙන්නේ පුතෙකුගේ ආදරය. එය මම හැබැවට අත්දකින්නේ මගේ මව සහ සොයුරා අතර ඇති බැඳීම දෙස බලමින්. දියණිය වූ මට ගෙදර පාත්තියෙන් ස්ටෝබෙරි ගෙඩි දෙකක් කඩා දෙන විට, ඇය අවුරුදු 31ක් හුරතල් කල සුරතල් පුතාට අයිස්ක්‍රීම් පෙට්ටියකින් එකක් පිරෙන්නට සෑම දාම උදේ පාන්දර පාත්තියෙන් කඩන ස්ටෝබෙරි ගෙඩි ශිත කරණයේ එකතු කරනවා. ඒවාට අයිති කාරයෙක් සිටිනවානම් මාගේ සොයුරා නැතහොත් මාගේ වසය දෙකක් වූ සුරතල් පුතා පමණයි. සැබැවින්ම ඔනෑම මවකට කුමන වයසක සිටියත් තමන්ගේ පුතා හැම මොහොතකම අගනාම වස්තුව. ඉතින්!! එලෙස වටිනා පුතෙකු වෙනත් ගැහැණියටකට අයිති කර දෙන්න තරම් සිත පහදාගන්නට සිදුවුනු මවකට අපි ඇයගෙන් සිදුවන පුංචි අඩුපාඩුවකට මේ තරම් දොස් කියන්නේ මන්ද? මේ තරමින් ගරහන්නේ මන්ද? කිසිවෙකු සර්ව සම්පූර්ණ නොවන මේ ලෝකයේ සැමියාගේ මව පමණක් සර්ව සම්පූර්ණ විය යුතුයැයි නූගත් මානසිකත්වකට ගැහැණු අපි පත්විය යුතුද?

ඔබ මෙන්ම ඇයත් තවත් එක් ගැහැණියක්, පුතෙකු හැදූ වැඩූ මවක්... අවුරුදු ගණනාවක් ඇය සාත්තු කල පාත්තියෙන් මල් නෙලන්නේ ඔබ, ඉතින් ඔබ පළමුවැනියා වන්නට යාම නෙවෙයිද ගැටුමට හේතුව?
දයාබර සොයුරියනේ.. මා ඇත්තෙන්ම මෙය අත්දැක්කා. මුල් කාලයේ මමත් මාගේ සැමියාගේ මවට සියුම් ලෙස වෛර කලා. වචන වලින්, ක්‍රියාවෙන් ඇයත් මාව බොහෝ රිදවා තිබෙනවා, අදටත් එලෙසම සිදුවෙනවා. නමුත් මම ඇය දෙස බලන කෝණය වෙනස් කලා. ඇය මගේ සැමියාගේ මව, ඒ නිසා මටත් ඇය මවක්ම පමණයි, ඇය නැන්දම්මා කෙනකු නොවෙයි. අම්මා කෙනක්. මම මා මෙලොවට බිහිකල මගේම අම්මා ගැන කියන්නම්, ඒ අම්මාට මට බනින්න අයිතියක් තියෙනවා, මට වැරදි පෙන්නන්න අයිතියක් තියෙනවා, අම්මා මගේ හිත රිදෙව්වට මට ඒක දැනෙන්නේ නෑ.. මොකද මම අම්මට ආදරෙයි. අම්මයි මමයි රණුඩු වෙනවා, ටිකකින් ආයිත් යාළු වෙනවා. ඒ අපිට අපි නැතුව බැරි නිසා. මාව මෙලොවට බිහි කල අම්මාට ඇති අයිතියට සම අයිතියක් මාගේ සැමියා මොලොවට බිහිකල අම්මටාත් තිබෙනවා. දෙදෙනා දෙදෙනෙකු ලෙස නොව එක් අයෙකු ලෙස දකින්න. එය මූනිච්චාවට මුවින් පමණක් නොව හදවතින්ම සිතන්න. ඇතැම් විට ආමරු වෙයි.. ඒත් ඇය කරනා එක හොඳ දෙයකින් ඇයව අගයන්න. නිතැනින්ම ඔබට ඇයගේ හොඳ පෙනෙන්න පටන් ගනිවී. අද මම මං ගැන කියපු නිසාවෙන් මා ඔබට කියන්නම්, මා මගේ සැමියාගේ මවට ආදරය කරන්නට හේතුව, උදෑසන 5.30ට නිවසින් පිටවන මම නැවත නිවසට යන්නේ හවස 4.30ට ඒ වන තුරුත් ඇය මගේ පුතාව බොහෝම ආදරෙන් බලා ගන්නවා. මම බලාගන්නවාටත් වඩා උනන්දුවෙන් සහ වගකීමෙන් යුතුව. ඉතින් මට මේ ලෝකයේ වටිනාම වස්තුව ඇය අතට දෙන්නට පුළුවන් උනානම් ඇයි මට බැරි ඒ වස්තුව දවල් දවස පුරාවට රකින ඇයට ආදරය කරන්නට? ඇයගේ වටිනාම වස්තුව මට දී හිත හදා ගත් ඇයගේ පුංචි නපුරු කමක් ඉවසන්නට? ......
මම ඇයට සැබැවින්ම ආදරෙයි මා පමණට ඇය මට ආදරය නොකරනාවා ඇති, දියණියගේ තැන මට දෙන්නට ඇයට නොහැකි ඇති, නමුත් ඇය මාගේ මව වන්නේ නීතියෙන් පමණක් නොවෙයි මා හදවතින්ම ඇය මාගේ මව සේ සළකනවා, මා මුව විවර කරන්නෙ ඇය හා රණ්ඩු වන්නට නොවෙයි, අපිට නිවසේ එදිනෙදා කටයුතු ගැන කතා කලොත් හැරෙන්නට අන් කිසිවක් කතා කරනවානම්, ඒ මාගේ පුතුත් ඇයගේ පුතුත් අතර ඇති සමානකම් පමණයි. එය බොහෝම ආශ්වාදජනක සහ ආදරණීය කතා බහක්. ඒ තුලින් කලක් එකිනෙකාට මූණට මුලිච්චි වන්නට නොහැකි තරමින් අමනාපෙන් සිටි අප දෙදෙනා නැවත අළුත් සම්බන්ධයක් ගොඩනගා ගනිමින් සිටිනවා.
බිඳුණු බඳුන් පිරියම් කරන්න අපහසු නමුත් අපිට කැටයම් දමා පළුද්ද වසා දැමිය හැකියි...!!
දරුවා හඳුනා ගැනීම ලිපි මාලාවේ දෙවැන්න, අද අපි කතා කරමු පොඩ්ඩෝ එක්ක කාලය ගත කරන්න පුළුවන් කොහොමද සහ එය දරුවාගේ මානසික වර්ධනයට වැදගත් වෙන්නේ කොහොමද කියන එක.
ඇතැමි විට රුකියාව නිසා, නැතිනම් ගෙදර දොරේ වැඩ කටයුතු නිසා අපි දවසේ බොහෝ වේලාවක් කාර්‍යබහුලයි. ඒ වැඩ අධික කම නිසාම සාමාන්‍ය කෙනෙක්ගේ කෝප ගැනීමේ සම්භාවිතාවයත් ඉතා ඉහලයි. “ඉහට උඩින් වැඩ මේ ළමය ඇඟේ එල්ලිලා” කියලා දෙමව්පියෝ චෝදනා කරන වාරත් අනන්තයි. ඒත් ඔබ දන්නවාද? ඔබේ දරුවා ඒ සොයන්නේ ඔබේ උණුසුම බව? ඔබේ ආදරය සහ දයාව බව? “your child always seek for your love and affection”.
එලෙස ආදරය පතා එක දරුවා ඔබේ කාර්‍යබහුල බව ඔබෙන් දුරස් කර තබනවාද? . එසේනම් අද සිට මේ පියවර අනුගමනය කර බලන්න.
❤ දවසේ එදිනෙදා කටයුතු දරුවා සමඟ කරන්න.
උදාහරණයක් ලෙස, උදෑසන අවදි වීමෙන් පසු ඇඳ සකස් කිරීමට කොට්ට පිළීවෙලට තැබීමට දරුවා සම්බන්ධ කරගන්න. කුස්සියේ රජාකාරිය කරන විට දරුවාද සම්බන්ධ කරගත හැකි ක්‍රියාකාරකම්හීදි දරුවාටත් රාජකාරී පවරන්න.(ශීතකරනයෙන් යමක් ගෙන ඒම, බෝංචි වැනි එළවළු පිරිසිදු කිරීම.....) නිවස පිරිසිදු කිරීමේදී දරුවාගේ සෙල්ලම් බඩු පිළීවෙලට තැබීම දරුවාට පවරන්න.
සැමවිටම නිවසේ එදිනෙදා කටයුතු දරුවාගේද වගකීමක් බව ඔහුට හෝ ඇයට දැනෙන්නට හැරීමෙන් දරුවා වගකීම බාරගැනීමෙන් අනාගතයේදී බැබලෙන තරුවක් වනු නියතයි.
❤ දරුවාගේ ක්‍රියාකාරකම් වලට ඔබත් එකතු වෙන්න.
දරුවා සෙල්ලම් කරන විට, ස්නානය කරන විට, කෑම කන විට ඔබත් ඔහුට හෝ ඇයට එකතු වෙන්න. දරුවා සමඟ ගීත ගායනය, අත්වැඩ ක්‍රියාකාරකම් වැනි සියල්ලට ඔබට හැකි උපරිම දායකත්වය ලබා දෙන්න. පාසල් වයසේ දරුවෙකු සමඟ නම් ඔබට ඔවුන්ගේ පාඩම් කටයුතු සමඟ එක්විය හැකියි.
❤ වීවේකී දිනයක දරුවා සමඟ බැහැරට යන්න.
මසකට හෝ වතාවක් විවේකී දිනයක දරුවා සමඟ ළමා උද්‍යානයකට, මුහුදු වෙරළකට හෝ නැදැ නිවසකට හෝ රැගෙන යෑමෙන් දරුවා ඒකාකාරී බවින් මිදී අළුත් අත්දැකීම් ලබා ගනු ඇති.
❤ දරුවා නිදා ගන්නේ වෙනමනම් සතියකට වතාවක් හෝ ඔබත් දරුවා සමඟ නිදාගන්න. ඔහුට හෝ ඇයට ඔබේ උණුසුම අත්විඳින්නට අවස්ථාව ලබා දෙන්න.
❤ දරුවාගේ විනෝදාංශයට ඔබත් එක් වන්න,
උදා හරණ: පොත් කියවීම, මුද්දර එකතු කිරීම, මල් පැළ සිටුවීම...
ඉතාමත් වේගයෙන් ගතවන කාලය ගෙවී ගිය පහු වැඩිහිටි වන දරුවන් නැවත මෙලෙස සුරතල් නොපෙන්වනු ඇත. අද ඔහු හෝ ඇය ඔබ ගෙන් සොයනා උණුසුම නොසොයනු ඇත. ඔබේ දරුවාගේ මේ දිනය මේ මොහොත නැවත ගන්නට බැරි අගනා මොහොතකි. සැම තත්පරයක්ම ආදරණිය මතකයක් කරවීමට හැම විට දරුවා වෙනුවෙන් කාලය වෙන් කරන්න
ඔබට දරුවන් කීදෙනෙක් සිටිනවාද? එක්අයෙක්? දෙදෙනෙක්? හෝ ඊට වැඩි ගනනක්? කේසේ උවත් පවුලේ හා මිතුරු මිතුරියන් ගේ දරුවන් හා සසඳන කල සෑම දරුවෙකුම එකිනෙකාට වෙනස් බව ඔබ නොදන්නවා නෙවේ. දරුවන් සීයයක් අධ්‍යනය කල විට ඔවුන් සිය දෙනා සිය ආකාරයක් බව පැහැදිලිව හඳුනාගත හැකියි.
මවගෙන්, පියාගෙන්,සහෝදර සහෝදරියන්ගෙන්, ආච්චි හා සීයානේ සමීප අනෙකුත් නෑදෑයින්ගෙන් දරුවා සෑම විටම වෙනස් පුද්ගලයෙකු බව සිතන්න. ඔහුට හෝ ඇයට සැමවිට ඔවුන්ගේ ආකාරයට සලකන්නට පුරුදු වෙන්න. උදාහරණයක් ලෙස නිවැසියන් සියලු දෙනාම මස්මාංශ අනුභවයට කැමැත්තක් දැක්වුවත් දරුවා එය අප්‍රිය කරයි නම් එය දරුවාගේ කැමැත්ත බව තේරුම් ගන්න. ඒවෙනුවට ආදේශක ආහාර දරුවාට ලබා දෙන්න.
ඔබේ දරුවාව හොඳින් තේරුම් ගැනීම තුලින් ඔහුගේ හෝ ඇයගේ අවශ්‍යතාවයන් නිසිලෙස සපුරාලීමටත් එමගින් දරුවාගේ මානසික වර්ධනය නිවසතුලදී යහපත් ලෙස පවත්වාගෙන යාමටත් හැකිවනු ඇත.
දරුවා නිසි ලෙස තේරුම් ගැනීමට පහත සරළ ක්‍රම අත්හදා බලන්න.
💖දරුවා සමඟ කාලය ගත කරන්න.
💖දරුවා කොතරම් සංවේදීදැයි හඳුනාගන්න
💖දරුවාගේ හැඟිම් සංවේදනාත්මකව සලකන්න (දරුවාගේ ඇසින් දකින්න)
💖දරුවාගේ වර්ධනය සම්බන්ධ ලිපි පොත් පත් කියවා අධ්‍යයනය කරන්න
💖සම වයසේ දරුවන් දෙස බලා අදහස් ලබා ගන්න
💖දරුවා සංනිවේදනය කරන විට ශබ්ද ලීලාව(tone), ශරීර භාෂාව (body Langage) හා අභිනය (expression) හොඳින් අධික්ෂණය කරන්න.
💖දරුවන් එකිනෙකටෙ වෙනස් ලෙස භාව ප්‍රකාෂණයන් දක්වන බව හඳුනාගන්න.
💖දරුවාගෙන් නිවැරදි ලෙස ප්‍රශ්ණ අසන්න. නිවැරදි වචන කතා කරන්න.
💖දරුවාට අධික ලෙස අවාධානය ලබා දෙන්න. ඒ බව දරුවාට හැගෙන්නට දෙන්න.
💖දරුවාගේ පරිසරය හා මිතුරු මිතුරියන් පිළීබඳ අවධානයෙන් සිටින්න.
ඉහත සියලුම ක්‍රමයන් පිළිබඳ දීර්ඝ පැහැදිලි කිරීම් ඉදිරි ලිපිවලදී බලා පොරොත්තු වන්න.

අම්මා කෙනෙක් තමන්ගේ පුතාගේ විවාහයට පෙර දින ඔහුට මෙසේ පැවසුවා.
මගේ හුරතල් පුතේ.. ඔයා දැන් ලොකු මිනිහෙක් . හෙට ඔයාට අලුත් අම්මා කෙනෙක් ලැබෙනවා, අලුත් කෝකියෙක් ලැබෙනවා ඒ වගේම ඔයාගේ රහස් සේරම බෙදාගන්න අලුත් කෙනෙක් ලැබෙනවා. මීට පස්සෙ මං නෙවෙයි ඔයාගේ ලෝකය එයා. ඔයා මට ආදරේ කරනවට වඩා එයාට ආදරේ කරන්න. ඔයා ඒ අම්මගේ තුරුලට යන්න කලින් මට ඔයාට කියන්න කාරනා කීපයක් තියෙනවා. ඒ දේවල් ඔයා හෙටින් පටන්ගන්න ගමනට මග පෙන්වයි.
එක දවසක් ඔයාගේ තාත්තයි මමයි රණ්ඩු උනා දෙන්නම කේන්තියෙන් බැනගත්තා කෑගහහත්තා. එයයි මායි දෙන්නම පුදුම කේන්තියකින් උන්නේ. කේන්තියෙන්ම මං ඔයාගේ තාත්තට මෝඩයා කියල බැන්නා. තාත්තට පුදුමයි .. එයා ඇහුව ඔයා කොහොමද මට එහෙම කතා කරේ කියල. මං කේන්තියෙන් පිපිරී පිපිරී තව හයියෙන් කෑගැහුවා. මොඩයා බූරුවා ගොනා පිස්සා.. ඔය වගේ හැම වචනයක්ම.
ඔයා හිතන්නේ එයා මොනව කලා කියලද ...
කිසිදෙයක් නොකියා එයා මහ හයියෙන් දොර ඇරගෙන එලියට ගියා.
මගේ පුතේ... එදා එයා මට ගහල මගේ මූණ විරූපී කලා නම්, ඔයා අද කොහොමද මෙතන මාත් එක්ක වාඩිවෙලා ඉන්නෙ ? ඔයා එයාව ඔයාගෙ ආදරණීය තාත්තා කියල පිලිගන්නේ ?
ඔයා එයා ගැන ආඩම්බර වෙයිද? එයා එක්ක රණ්ඩු කලා කියලා මට දොස් කියයිද?
කවදාවත් ඔයාගෙ බිරිදට අතක් උස්සන්න එපා , මොන දේ මොන විදියට සිද්ද උනත්.. මොන තරම් තරහින් බැණ ගත්තත්.. රණ්ඩු උනත් . මොහොතකට ඈතින් ඉන්න.. හැමදේම ඉක්මනින් හරියාවි. කොයි මොහොතක හරි ඇය ඔබ සමග විරුද්ධ උනොත් , මේ කතාව,මතක් කරගන්න. ඒ ඔයාගෙ අම්ම වෙන්නත් පුලුවන් කියලා හිතන්න...
ඉතින් කතාවේ ඉතිරි ටික,
තාත්තා පිටවෙලා ගියාට පස්සෙ මට මං ගැනම ලැජ්ජාවක් ඇති උනා.. ඇයි මං එහෙම හැසිරුනේ කියලා..
අපි එක ඇදේ නිදාගත්තා ඒත් එකිනෙකාට කතා කලේ නෑ..
ඒත් පහුවදා මං ඔයාගේ තාත්තාට ලං උනා.. සිද්ද වුනු දේට මාත් කණගාටු වෙන බව පෙන්වන්න මං පුලුවන් හැමදේම කලා.. කොටින්ම එදා මං එයා ආසම කෑම වර්ග හැදුවා. එයා වචනයක්වත් නොකියා මට සමාව දුන්නා.. ඒ දවසින් පස්සේ කවදාවත් මං තාත්තාට නං පනං කිව්වේ නැහැ. එයා කෙරෙයි මගේ ගෞරවය තවත් වැඩි උනා.
මෙන්න මේ දෙයත් හොදින් අහන්න මගේ පුතේ..
හැමවිටම ඔයාගේ බිරිද ආරක්ෂා කරන්න. ඇය වෙනුවෙන් පෙනීහිටින්න.. ඔයාලා ඇසුරු කරන්නන් ඇයව අවතක්සේරුවට ලක් කරන්නේනම් , එයාව රැජිනක් වගේ නගාලීමේ හැකියාව ඇත්තේ ඔයාට පමණයි.
කුමන හේතුවක් නිසාදෝ ඔයාගේ සැමුවෙල් මාමා මට මුල් කාලේ බොහෝ අකමැති උනා..ඒත් ඔයාගේ තාත්තා ඒ වැරදි වැටහීම් දුරුවෙනකල් මා වෙනුවෙන් සිටියා.
මං තවත් කතාවක් කියන්නම්. දවසක් ඔයාගේ තාත්තගෙ කන්තෝරුවේ යාලුවන්ට අපි රෑ කෑමක් දුන්නා.
හදිස්සියට මට කෑමට ලුණු දාන්න බැරි වෙලා..
ඒ වෙලාවේ ඔයාගෙ තාත්තා හිනා වෙවී කිව්වේ.. "මං අසනීපයෙන් ඉන්න නිසා මගේ නෝනා වැඩිපුර ලුණු දාන්නෙ නැහැ. අපි අපේ ගානට කෑමට ලුණු එකතු කරගමු " කියලා.. එදා එයා මට අමුත්තන් ඉස්සරහ අවමන් කලේ නැහෑ. එයා කිව්ව දේ සනාථ කරන්න එදා එයා ලුණු නැති කෑම කෑවා.
සමහර වෙලාවට ඔයාගෙ බිරිද බබෙක් වගේ දැනේවි.. ඇයට තනියම කිසිදෙයක් කරගන්න බැරි වේවි. අන්න ඒ වෙලාවට තමයි ඔයා එයා එක්ක ඉන්න ඕනි.
ඔයා ඔයාගෙ බිරිදගේ හිත කියවන්න පුරුදු වෙන්න. එයාව එකතු කරන් යන්න පුලුවන් හැම ගමනටම ඇයව එක්කරගෙන යන්න. රස්සවට වගේම එයා වෙනුවෙනුත් වෙලාවක් අනිවාර්යයෙන් තියාගන්න.
මං දන්නවා ඔයා මට ආදරෙයි..ඔයාගෙ හැම ප්‍රශ්නයක්ම අද වෙනකල් ඉස්සෙල්ල කිව්වෙ මට, ඔයාගෙ අම්මට.. ඒත් පුතේ අදින් පස්සේ ඒ දේවල් වෙනස් කරන්න. හැම වැඩකදිම.. හැම තැනකදිම එයා ඉන්න ඕනි මට කලින්.. ඔයාගේ දේවල් දැන ගන්න පළමු කෙනා වෙන්න ඕනි එයා.
ඔයා එයා එක්ක ප්‍රශ්නයක් දාගත්ත ගමන්ම මාව හොයාගෙන එන්න එපා. දවසක් දෙකක් ගියත් එයා එක්ක කතා කරල විසදගන්න.. ඔයා ඔයා එක්කම කතා කරල ප්‍රශ්නය තේරුම් ගන්න.
අන්තිමට කියන්නේ මාසෙකට සැරයක්වත් දෙන්නම එන්න මාව බලන්න.. මොනදේ උනත් ඔයා හැමදාමත් මගේ පුතා. මේ උපදෙස් ඔයාට ලස්සන පවුලක් හදන්න උදව් කරයි.
**************--------*************
අද කාලේ සැමියන්ට කියාපු උපදෙස් ටික.. කෝක උනත් ලංකාවේ කිසිම නැන්දම්මා කෙනෙක් කියයි කියල හිතන්න අමාරු වචන ටිකක්...
මේ ඉංග්‍රීසි ලියමනක් .. පරිවර්තනය කරද්දි අපේ සංස්කෘතියට නොගැලපෙන කොටස් අයින් කලා...
බැදපු සහ බැදෙන්නට ඉන්න අයියලා මල්ලිලා.. කියවලා තේරුම් ගන්න.. සාම්ප්‍රදායික නැන්දම්මා ලේලි ගැටුමට හොද පිලියමක් වෙයි.
ඔන්න තවලම හෙමින් ගමන පටන්ගත්තා.. අවුරුදු හතරක් වාඩිගහන් ඉදලා :-)
https://m.facebook.com/story.php?story_fbid=10206997293319546&id=1495805143
මෙන්න හරිම ලියවිල්ල
එදිනෙදා ජීවිතයේදි ඉංග්රීසි භාෂාව ඔබට කොතරම් වැදගත්ද?. ඔබ නොයක් ආකාරයේ හේතු කියාවි. ඒ අතර මෙන්න මේ වගේ හේතු තියෙන්න පුළුවනි.
ඉංග්රීසි කියන්නේ විශ්ව භාෂාවක් වීම
වෙනත් ප්රාන්තවල සංචාරයේදී,
අත්තර්ජාලය හරහා ගණුදෙනු කිරීමේදී.
ළමයින්ට පාඩම් කියලා දෙන්න.
මේ අතරින් අද මම කියන්නේ අවසන් හේතුව නිසා ඔබ ඉංග්රීසි දැනුම මුවහත් කර ගත යුතුමයි. ඉතින් ඔබත් තමන්ගේ දෙවැනි භාෂා හැකියාව වැඩි දියුණු කර ගන්න වෙහෙස වෙන කෙනෙකු නම් මම මේ සුදානම් වෙන්නේ ඔබට ඒ සම්බන්ධ උදව්වක් කරන්න.
ඔබ හිතන්නේ ඉංග්රීසි ඉගෙන ගන්න පුළුවන් හොඳම විදිය කුමක් කියලාද?
ප්රසිද්ධ ගුරුවරයෙකු වෙත යාමද එසේත් නැතිනම් ප්රසිද්ධ ආයතනයකට ගොස් ඉගෙන ගැනීමද. මම හිතන්නේ ඒ ආකාර දෙකට අමතරව ඔබත් යමක් කලයුතු වෙනවා, ඒ තමයි භාෂාව භාවිතය, ඔබ කෙතරම් දක්ෂ ගුරුවරයෙකු යටතේ ඉගෙනුම ලැබුවත් එයින් කිසිම පලක් වෙන්නේ නැති වෙයි ඔබ භාෂාව භාවිතා නොකරනවානම්..
ඒත් කොහොමද භාෂාව භාවිතා කරන්නේ.. ??? ඉගැනිමේ අරමුණින් ඔබ ඔබේ මිතුරන් අතරේ ඉංග්රීසි භාෂාව භාවිතා කලොත් ඇතැමෙක් ඔබව සරදමට ලක් කරන්න තියෙන ඉඩකඩ වැඩියි. ඇත්ත සමාජය එහෙමයි. අනෙකාගේ අවශ්යතාවය දෙස ඔවුන් බලන්නේ ඒ කෙනාට සිනාසීමට තවත් හොඳ විහිලුවක් විදියට වෙන අවස්ථා එමටයි..
ඉතින් ඇයි ඔබ කවුරුත් වෙනුවෙන් බලා සිටින්නේ.. ඔබට ඉංග්රීසි භාෂාව කතා කරන්න පුළුවන් හොඳම කෙනා ඔබම පමණයි.. ඔබට වැරදුනු විටෙක ඔබ ඔබට සිනා නොවනවා ඇති.
හොඳයි , අතුරු කතා ඇති!! අපි යමු අද මම කියන්න හදන දේට..
ඒ තමයි ඔබටම ඔබේ ඉංග්රීසි දැනුම වර්ධනය කර ගන්න පුළුවන් ක්රම හතලිහක් ගැන මම කියලා දෙන්න උත්සහ ගන්නේ. මේ ක්රම හතලිහ ගැන අපිට කියලා දුන්නේ දැනට මම සේවය කරන පාසල හෙවත් නුවරඑළිය ලයිසියම් ජාත්යන්තර පාසලේ හිටපු විදුහල්පතිතුමියක් වන පී. ප්රකාෂ්පතී මැතිණිය. මෙයින් බොහොමයක් අදටත් මම උනත් භාවිතා කරන දේවල්.
සිංහල මාධ්යයෙන් ඉගෙන ගෙන උසස් පෙළට ඉංග්රීසි විශයට S සාමාර්ථයක් විතරක් ගත්තු මම, IDM ආයතනයේ Edexcel BTEC ඩිප්ලෝමාව හදාරන්න පළමු දිනයේ පනිත්තියට ගිහින් ඉංග්රීසියෙන් උගන්වන නිසා ආයිත් පන්ති යන්න බෑ කියාගෙන අඬාගෙන ගෙදර ආපු මම, ඒ බැජ් එකේ හොඳම සාමාර්ථය අරගෙන බැජ් ටොප් වෙන තරමට දියුණු උනෙත් අද ජාත්යන්තර පාසලක ගුරුවරියක් විදියට වැඩ කරන්න වාසනාව ලැබුනෙත්, මා විසින්ම මේ කියන උපක්රම බොහෝමයක් භාවිතා කරපු නිසා..
අදටත් ඉංග්රීසි කියන භාෂාව මම ඉගෙන ගන්නවා.. අළුත් ව්යාකරණ නීති, අළුත් වචන.... ඒ හැම දෙයකදීම මේ කියන ක්රම එකක් හරි භාවිතා වෙනවා...
එදිනෙදා අහන වැදගත් ප්රවෘත්ති ඉංග්රීසියෙන් ලියන්න උත්සාහ කරන්න.
2. Sign up for a regular English team
ඉංග්රීසි ඉගැන්වීම් කරන පන්තියක් හෝ වෙබ් අඩවියකට නිතර පිවිසෙන්න
3. Listen to English music
4. Read the lyrics of a song
ඉංග්රීසි ගීතවලට සවන් දෙන අතරතුර එහි ගී පද පොතක සටහන් කරන්න.. නැවත නැවත අසමින් සියළුම පද සටහන් කර ගන්න
5. Search only in English
අන්තරේජාලයේ සෙවීම් කරන විට ඉංග්රීසි පමණක් භාවිතා කරන්න
6. Read a book which already read, watches a movie which has dubbed in your own language with English subtitles.
ඔබ කියවා ඇති පොතක් ගෙන එහි පරිවර්තනය කියවන්න, එසේත් නැතිනම් චිත්රපටයක සිංහල හඬ කැවීමද නැවත නරඹන්න
7. Read the translation in English (skip first 10 pages)
ඔබ කියවන ඉංග්රීසි පොතෙහි මුල් පිටු 10 අත්හරින්න.. ඔබට කියවීමේ රුචිය වැඩිවනු ඇත, (හඳුන්වාදීම. පටුන, කතෘ ප්රකාශ වැනි දෑ ඔබගේ කියවීමේ රුචිය අඩු කරන්නේනම්)
8. Read a book with a lot of dialogs
දෙබස් බහුල පොත් කියවන්න.. ඡේද කියවීමේදී ඇතිවන කම්මැලිකම සහ තේරුම් ගැනීමේ අපහසුව මෙහිදී මඟ හැරෙනු ඇත
9. Read English language comic
ඉංග්රීසි බසින් ඇති විහිලු කතා කියවන්න.
10. Read English language entertainment guides
ක්රිඩා, සිනමා, සංගීතය වැනි අංශ පිලිබඳ දැන්වීම් මෙන්ම වෙළඳ දැන්වීම් ද ඉංග්රීසි බසින් ඇත්නම් ඒවා කියවන්න.
11. Read English language magazines
ඉංග්රීසි බසින් ප්රකාශනය වන සඟරා කියවීමට හුරුවන්න.
12. Teach your friends or children some English
ඔබගේ මිතුරෙකුට හෝ කුඩා දරුවන්ට ඉංග්රීසි භාෂාව උගන්වන්න
13. Have an English radio at home
නිවසේදී ඉංග්රීසි බසින් ප්රචාරණය වන ගුවන් විදුලි නාලිකාවන්ට සවන් දෙන්න
14. Try to create sentences with the work that you are doing
ඔබ කරමින් සිටින කාර්යය හා සම්බන්ධ කුඩා වාක්ය ඉංග්රීසියෙන් තනා ගන්න
(Now I am typing a blog post)
15. Watch English movies with English subtitles
ඉංග්රීසි චිත්රපට ඉංග්රීසි උපසිරැසි සමඟ බලන්න
16. Watch English movies with subtitles in your mother tongue
ඉංග්රීසි චිත්රපට ඔබගේ භාෂාවේ උපසිරැසි සමඟ බලන්න
17. Watch the same film over and over again
එකම ඉංග්රීසි චිත්රපටය නැවත නැවත බලන්න
18. Be realistic about your level
ඔබගේ දැනුම පිළිබඳ විමසිලිමත් වන්න. ඉංග්රීසි විෂය සම්බන්ධ විශේෂිත අයතනයකින් පාඨමාලාවක් හදාරා සහතික පත්රයක් ලබාගන්න
19. Be realistic about your reading level
ඔබගේ කියවීමේ හැකියාව පිළිබඳ විමසන්න. එය වැඩි දියුණු කරගන්න.
සරළ කියවීමේ පොත්. (පෙන්ගුවින් පොත්)
21. Read the whole thing with no help
සියල්ල තේරුම ගැනීමට උත්සාහ නොකර කියවා නිම කරන්න.
22. Read and learn everything
දෙවනුව සියල්ල කියවා තේරුම් ගන්න. (ශබ්දකෝෂයක ආධාරයෙන්)
23. Watch English children’s programs (Film / TV series)
කුඩා ළමුන් සඳහා සැකසූ රූපවාහිනී වැඩ සටහන් හා චිත්රපට නරඹන්න
24. Read English Children’s books
කුඩා ළමුන් සඳහා ලියූ පොත් කියවන්න
25. Keep vocabulary list (list of language to learn)
අළුත් වචන ලැයිස්තුවක් සකස් කර ගන්න
26. Go through your vocabulary list several times every day
වචන ලැයිස්තුව නැවත නැවත කියවන්න
27. Convert your vocabulary only in English
වචන ලැයිස්තුව ඉංග්රීසි භාෂාවෙන් පමණක් සකසාගන්න
ඔබ හොඳින් උගත් වචන ලැයිස්තුවෙන් ඉවත් කරන්න
29. Through everything and start it again in an interesting way
වචන ලැයිස්තුව ඉවත දමා, නවමු මාතෘකාවකින් නව ලැයිස්තුවක් සකස් කරන්න
30. Label the things is your surrounding (Home / Room/ Office)
නිවසේ, කාර්යාලයේ, කාමරයේ ඇති භාණ්ඩ ඉංග්රීසි භාෂාවෙන් නම් කරන්න
චිත්රයක් හෝ පින්තූරක් ගෙන එහි ඇති දෑ ඉංග්රීසි භාෂාවෙන් නම් කරන්න
32. Keep a diary in English ( your own feelings)
ඔබේ සිතුවිලි ඉංග්රීසි භාෂාවෙන් ඩයරියක ලියන්න
33. Online Chat in English
34. Listen to the news in English
35. Read English language newspapers by referring to a dictionary
ශබ්දකෝෂයක ආධාරයෙන් ඉංග්රීසි පුවත්පත් කියවන්න
36. Write fictions in English
ඉංග්රීසි භාෂාවෙන් කෙටි කතා ලියන්න
37. Use a dictionary while watching a movie
ශබිද කෝෂයක ආධාරයෙන් ඉංග්රීසි චිත්රපට නරඹා තේරුම් ගන්න
38. learn some spelling rules
39. learn as many words as you can, in the same category
එකම වර්ගයේ වචන හැකි තරම් ඉගෙන ගන්න (කුරුල්ලන්ගේ නම්, සතුන්ගේ නම්)
40. Set a goal (set a particular time to study)
ඉංග්රීසි භාෂාව වැඩි දියුණු කර ගැනීම වෙනුවෙන් දවසේ නියමිත වේලාවක් වෙන් කරවා ගන්න
කලියුගය
18 May 2012 3:49 AM (12 years ago)
නිදිමත
බේරෙන දෙනෙත පරිගණක තිරෙයන් මුදාගත් පංකජ කෙටි නින්දක් බලන්නට නිදියහන වෙත ඇදී
ගියේය. රුකියාවන් සොයන්නට වෙහෙසෛමින් කාලය
කා දමන දහවල් කාලයත් ලෝවටා සැරිසරමින් ගෙවන රාත්‍රි කාලයත් අතර විඩාපත්ව සිටි පංකජ
විගස නිදි ගොවට පිවිසියේය.
ජීවිතය
පුරාවට තමා විවේචනය කරමින් සිටින තාත්තාගේ තරහා පිරුණු දෙනෙතින් ඔබ්බට යමක් සිතන්නට පංකජට අවැසිව
තිබුනි. දහවලේ සාභාගී වු සම්මුඛ
පරීක්ෂනයේ දි එයට මුහුණ දුන් ආකාරය පංජට
සිහිනයක් මෙන් විය. එහීදි ඔහු සුදුසු කම් ලැබුවහොත්, රැකියාව කල
යුත්තේ දුෂකර වන්නි ප්‍රදේශියේයි. එනයින් රැකියාව නොලැබේවායි යන සිතුවිල්ල පංකජගේ
සිතෙහි හොල්මන් කරන්නට විය.
රැයෙහි
ජීවිතය සුන්දර වග ඔහුට දැනුනි. රසැති
කතාවලින් , පෙම් රංගන වලින් මෙන්ම විරහා වේදනා වලින්ද සැදුම් ලත් මිතුදම් සිත සනසාලීය. ඒ මිහිරියාව නිදි ලොවේදිත් පංකජගේ
සිතුවිලි හැඩකරලනු ලැබීය.
ඔහු
සිටියේ මිතුරන් සමඟින් බියර් කෑන් එකක් තොල ගාමිනි. ඉදිරි පස ක්‍රිඩා පිටිය වට
කොටගත් ප්‍රෙක්ෂකා ගාරය තරුණ තරුණියන්ගෙන් පිරි ඉතිරි තිබුනි. පංකජගේ දෙනෙත් නිතැනින් ඉහල අහස වෙත ඇදි ගියේය. කුරුළු පවුලට අයත් නෙවනා විරුපී සතුන් විසින් සුදු පරවියෙකු වට කොට ගෙන පරහ පිට පහර මෙන් සිටියෝය. ක්‍රිඩා පිටියෙන්
අවධානය ඉවතටගත් සියල්ලෝම අර විරූපි සතුන්
උසිගන්වන්නට විය. අසරණ පරෙවියා කැබලි වි
අර කි සතුන්ගේ අහරක් විය.
පරෙවියාගෙන් කුස පුරවාගත් සතුන් ක්‍රිඩාංගනය වටා
පියඹා ගොස් අතුරුදහන් වන විට අකාශයේ කිසිඳු පරෙවි කුරුල්ලකු ඉතිරි වී
නොතිබිනි.
සුහුවිලි
ඇවිස්සි ගෙන මහ පෙළව කම්මපා වන හඩක්
නංවමින් විශාල එළ දෙනුන් තිදෙනෙක් ක්‍රිඩා පිටිය මැදට දිව අවෝය. අවකාශය දුහුවිල්ලනේ වසා දමමින් වියරුවෙන් පිටිය
පුරා දුවපනිමින් ඔවුන් පෙළහර දක්වද්දි කිඳුරියන් තුරුලේ සිටි සඳකිඳුරන් ඔවුන් අතැර
එළ දෙනුන් පසු පසම දුවන්නට විය. එහි එකම ගොන් පොරයකි. මොහොතකින් වලිගය පිටුසය සඟවා ගත් බැල්ලියන්
මෙන් එළ දෙනුන් පසු බසිද්දි. කුමරබඹසර
බිඳී කිලිටි වුනු කිඳුරන් එකිනෙකා සමගින් මරාගන්නට විය.
පසුබා
යන එළ දෙනුන්ට ඔවුගේ වරද පෙන්වා දෙන්නට උත්සහ කල නාඹර වෙළඹක් එළදෙනුන්ගේ නින්දා වින්දාය. ඇයගේ තුරඟ රාජයා
ඒ දෙස බලා හිඳ මඳ සිනාවක් පා නිහඬ වුවේය.
වෙළඹ නොපෙනී ගියාය.
පිටියෙ
එක් කෙලවරක කපටි ඇස් ඇති අහික්ණ්ඨකයෙකු ගැඩවිලි පණුවෙකුට නයි විස පොවමින් සිටියේය. නයි විස පොවා ගැඩවිලි පණුවා අයිතිකරගන්නට කපටියා සිහින
මවන්නට ඇත. එහෙත් නයි විසෙන් ඔද බැඳි ගැඩවිලි පණුවා මානික්‍යයක් පෙනයෙන්
ගත් නාග රාජයෙකුට දෙසට ඇදෙමින් සිටියේය.
අහිකුණ්ඨකයා ක්‍රොධයෙන් වෙලී ගැඩවිලි පණුවාට දශ්ඨ කරන්නට ගැරඩියෙකු උසිගැන්නුවේය. පාඩුවේ ගමන් කරමින්
සිටි ගැඩවිලි පණුවා උසි ගැන්වී දශ්ඨ කරද්දි වැරදීමකින් අහික්ණ්ඨකයාගේ පුරුෂ
නිමිත්තටම විස වැදුනේය. දැන් අහික්ණ්ඨකයා කෑගමසින් සිටී.
සිංහ
දේනුවක් බල්ලෙකුගේ බොරු අසා සඳකිදුරියකට බැන වදිමින් සිටිද්දි. මේ සියලු දෑ දෙස
විස්මයෙන් බලා සිටි පංකජගේ සිරුර තෙමා හරිමින් අහසින් අසිනි වරුසාවක් ඇද හැලිනි.
"ලොකු මල්ලි කීයේ ඉඳන්ද කතා කරන්නේ....
දැන් උදේ දහයත් පහු වෙලා.. තමුසෙට කෝල් හය හතකට වඩා ආවා... "
"මොනවා..... කාගෙන්ද..."
"ඊයේ ඉන්ටර්වීව් ගිය තැනින්.. බැරිම තැන
මම පණිඩිඩේ අහගත්තා... තමුසෙට සඳුදා වන්නි යන්නම ලෑස්ති වෙලා එන්නලු....."
"මොකක්!"
"ඔව් .. ඇයි තමුසෙට යන්න බෑ..ද"
"නෑ... යනවා... කලියුගේ පටන් ගන්න කලින්
මේ මායාවෙන් මිදෙන්න ඔනි බන් ලොක්කක්කේ....."

සුබ
මධ්‍යහනක් හිතවත් මාධ්‍ය සහෘද්දයනි අද ඔබ අප හමුවේ අමු අමුවේ තමන්ගේ කතාව කියන්නට
පැමිණ තිබෙන්නේ නොකිලිටියාවේ ඔටුන්න හිමි කුමරිය
කීගිරිල් ගැදිරෙලෝනා
කුමරියයි.
නොකිලිටියාව
අප කවුරුත් දන්නා සමුද්දිමත් දේශයක්, නවීන තාක්ෂණය සමඟ ඉදිරියට යන නොකිලිටියාව දේශයේ මීලඟ ඔටුන්න හිමි කුමරිය වන්නේ අද ඔබ
හමුවේ කතා කරන කීගිරිල් ගැදිරෙලෝනා මෙනවියයි.
ඇ ගෙන් ඇසිය යුතු ප්‍රශ්න සියල්ල මේවන විටත් ඇයගේ පුද්ගලික ලේකම් වරයා වන
යැමිටෝ ඇකුටෝන්නා මහතා වෙත ඔබ මේ වනවිටත් බාරදී තිබෙනවා. ඇය සූදානම් ඔබ හමුවේ
අදහස් දක්වන්න.
නිවේදක : මුල්ම පැනය; මෙනවිය ඔබගේ පවුල් පසුබිම
විස්තර කරන්න
කීගිරිල් ගැදිරෙලෝනා කුමරිය : ඔහ්!! නෑත්ක්ස් මට මේ චාන්ස් එක දුන්නට ඇක්චුවලි අපේ
ඩෑඩ් තමයි මේ වෙද්දි නොන්ඩර්ට් කින්ග්, මම එයාගේ වන් ඇන්ඩ් ඔන්ලි ඩෝටර්. නොන්ඩර්ට්
කන්ට්‍රි එක ගොඩක් ඒන්ෂන් දවස් වල ඉඳන්
රූල් කරලා තියෙන්නේ අපේ ජෙනරේෂන් එකේ අය තමා.
(ප්‍රෙක්ෂකාගාරයෙන්
බාධාවක්.. අතුරු ප්‍රශ්ණයක්)
සමාවෙන්න
කීගිරිල් ගැදිරෙලෝනා කුමරියනි රූල් කලේ බාගේ අඩි රූලෙන්ද මීටරේ කොදුවෙන්ද.. ?
කීගිරිල් ගැදිරෙලෝනා කුමරිය: ඔහ්!! නෝ නෝ නෝ.... රූල් කලා කිව්වේ අපේ අය තමා
එහේ කින්ග්ස්ලා.. පලාණය පලාණය කලේ අපේ අය කියලායි මම කිව්වේ.
නිවේදක: ඔව්
කීගිරිල් ගැදිරෙලෝනා කුමරියනි මීලග ප්‍රශ්නයත් අතුරු ප්‍රශ්ණයක්.. ඔබ කැමති
ඔබව කුමන නමින් හඳුන්වනවාටද ?
කීගිරිල් ගැදිරෙලෝනා කුමරිය: ඔ මහි ගෝඩ්... !
(කොමල සිනා පා ) ආ... මම ආසයි මාට කිගී කියනවාට ඒක මගේ පෙට් නේම් එක ඒක තමායි
නිවේදක: එහෙනම් මෙනවිය මේ අවස්තථාවේ සිට මම ඔබ
තුමියට කිගී කියා ආමන්ත්‍රණය කරන්න අවසරද
කිගී: ෂුවර්...!! සූවර් වයි නොට් ඔයාට කැමති
දෙයක් කියන්න නිවේ....... (කුමරියගේ මුහුන වපර විලාසයක් ගනි ඒ ඇය එක ඇසක් පුංචි
කිරිමට තැත් කල නිසාවෙනි)
නිවේ: හොඳයි කිගී ඔයා දැන් මට කියන්න ඔයා ආදරය
දකින්නේ කොහාමද කියලා.
කිගී: ආදරය.. ඔහ්!! ආදරය.. ආදරය තරම් උතුම් දෙයක්
මේ ලොකේ තවත් නෑ නිවේ.. කිගීගේ ජීවිතේ ලොකුම දේ තමයි ආදරය ආදරය නැත්නම් කිගීට
හුස්ම ගන්නත් බෑ ඇත්තම කිව්වොත් මෙයා කිගී කියන්නේ ආදරේ කරන්න ගියාම පිස්සු හැදිලා
වගේ ආදරේ කරන කෙනක්.. ඔයා දැකලා තියෙනවාද අනර්කලී, බිම්මා බිසව්. අශොකමාලා. වගේ
අය. ආදරේ නිසා මොන තරම් දේවල් කලාද.. කිගිත් එහෙමයි.. කිගිගේ තාත්තා කිගීට හොයන්නේ
කිගී වගේම ආදරේ විශ්වාස කරෙන කෙනක්ව මේ දවස් වල තාත්තා කිගීට කෙනක් හොයනවා..
කැමතිනම් ඇප්ලයි කරන්න පුළුවන්
නිවේ: ඒකනම් ගොඩක් හොඳ ආරංචියක් වේවි අපේ කොල්ලෝ සෙට් එකට. අපි කියමුද කිගී අයදුම් කරන්න
ඔනි විදිය
කිගී: KGM <ස්පේස්>
Iliketodie කියලා
මුට්ටිය දුරකතන ජාලයෙන් SMS කරන්න
ඇති තරම් 3035 ට
නිවේ: ඔව් ඒක ගොඩක් හොඳ ආරංචියක්, ඔයාලා කැමතිනම්
කිගීගේ ස්වාමිපුර්ෂයා වෙන්න එහෙමත් නැතිනම්
නොකිලිටියාවේ අනාගත රජු වෙන්න මෙන්න අවස්ථාව , කිගී මොනවද විශේෂ කුසලතා ඔයා
බලා පොරොත්තු වෙන.
කිගී: හොඳ පළළ උරහිසක් තියෙන්න ඔනි, හොඳට උයන්න
පුළුවන් වෙන්න ඔනි, වාහන සොදන්න, කඩේ යන්න, රෙදි සෝදන්න, බල්ලෝ නාවන්න, ගේ අතු
ගාන්න වගේම අපේ ඩැඩීගේ රුවුල කපන්නත් වෙන්නේ එයාට තමයි.
නිවේ: සමාවෙන්න කිගී ඔයා හොයන්නේ ගෙදරට
මෙහෙකරුවෙක් නෙවීනේ
කිගී: වට් නොන්සන්ස් මෙයා. දැන් කාලේ හස්බන්ඩ්ලා
ඔය සේරම කරන්න ඔනි. ඔවට මට කොයින්ද වෙලා මෙයා , මගේ ෂෙඩූල් එකේ හැටියට උදේ පාන්දර
දහයට නැගිටලා ඇරොබික්ස් කරන්න ඔනි පැයක්. ඊට පස්සේ බ්‍රෙක්ෆස්ට් ඊට පස්සේ මම යනවා
බයිසිකල් පදින්න, ඇවිත් ලන්ච් ගන්නවා
ලන්ච් එකෙන් පස්සේ සැලෝන් යන්න ඔනි හයට ඒක ඉවර වෙන්නේ ඊට පස්සේ මම යනවා
මෙඩිටේෂන් වලට රෑ නවයට ඒක ඉවර කරලා එහෙමම ක්ලබ් එකට යනවා ඊලඟ දවසේ පාන්දර මට වෙනවා මෙයා ගෙදර එද්දි ආම් සෝ බිසී ...... ඒකයි.
නිවේ: ඔව් ඉතින් කුමාරිකාවක් උනාම කාර්‍යබහුල
වෙනවා තමයි. ඉතින් කිගී මට කියන්නකෝ ඔයා මීට කලින් කාටවත්ම ආදරේ කරලා නැද්ද.
කිගී: වයි නොට් මෙයා මම ගොනුස්සෙකුට ආදරේ කලානේ..
නිවේ: මොකා !! ?? ගෝනුස්සෙකුට. ???
කිගී : යා යා මෙයා එයා මට මීට් උනේ ෆේස් බුක් එකෙන්.. ප්‍රොෆයිල් එකට දාලා තිබුනේ ඒකෝන්
වගේ බ්ලැක් ඇමරිකන් ලුක් ගයි කෙනක්ව.. මාර හැන්ඩ්සම් මෙයා හරිම ස්වීට්. මම එයා
වෝල් එකේ ලියන හැම එක්කම කියෙව්වා. ලයික් කලා , එයා දැනගත්තා මම එයාට කැමතියි
කියලා එයා හැමදාම රෑට රෑට මා එක්ක චැට්
කලා.. ඒ චැට් මා ගාව තාමත් සුරක්ෂිතව තියෙනවා. අපි කොච්චර චැට් කලාද කියනවානම් අනේ
නිවේ ඔයාට කියන්න සමහර දාට එයා ටොයිලට්
යද්දිත් ලැප් එක අරන් යනවා මාත් එහෙමයි මෙයා.. හරිම ස්වීට් ඒ කාලේ.. මම ගොඩාක්
හැපී එකේ හිටියේ වාව්.... (මොහොතක් දෙනෙත් පියා අතීතය මෙනෙහි කරයි)
චැට්
කරලා කරලා අන්තිමේ අපි ලවර්ස්ලා උනා. එයා හැම වෙලාවේම වීඩියෝ කොල් ගන්න කොට අපේ
ඩැඩී ලොකේ වගේ ගිහින් ගෙනාපු ගොල්ඩ්, ඩයමන් , ජෙම් කාවින්ග්ස් වලින් හදපු ජුවලරීස්
දාගෙන මම හිටියේ. අපේ අළුත් බෙන්ස් එකට හේත්තු වෙලා අපේ අළුත් ගෙදර හොඳට පේන තැනකට
වෙලා මම එයාට වීඩියෝ කොල්ස් ගත්තේ ඒ උනාට
එයා හැමදාම වීඩියෝ එකට පේන්න ඉන්නකොට
පෙන්නුවේ ගෝනුස්සෙක් විතරමයි. ඒකයි මම ආදරේට ගෝනුස්සා කිව්වේ ඒත් අන්තිමේ එයා
ඇත්තම ගෝනුස්සකේ උනා.. ඉහි ඉහි ඉහි..( කිගී හොටු පෙරමින් හඬයි.. ලේකම් කඳුලු
පිසියි. ඔඩියන්ස් එකත් හඬයි... සෝක බරිත මොහොතකි)
නිවේ: අඬන්න එපා කිගී ප්ලීස්... කියන්න ඇයි
එයා ගෝනුස්සකේ වගේ උනේ කියලා....
කිගී: එයා දෙකයි හැත්තෑ පහේ ලොසින්ජරයක් කන්න
කියලා මගෙන් සල්ලි ගත්තා. මට චංචා කලා, මට බොරු කලා, වෙන කෙල්ලක් එක්ක චැට් කරනවා
මගේ අතටම අහු උනා.. එයා මහා බොරුකාරයෙක් වංචාකාරයෙක් මගෙන් යාළුවෙන්න ඇහුවා. මහ
දුෂ්ඨයෙක්, ඇත්තමයි නිවේ, මට පස්සේ හිතුනේ මං වගේ කුමාරිකාවකට නොගැලපෙන කෙනක්ට මම
මොකට ආදරේ කලාද කියලා මම හරියට මෝඩ උනා බොරුකාරයෙක්ට අහුවෙලා මම අපේ ෆැමිලි එකට
ඉන්සල්ට් කලා... මම මටම ඇත්තටම හේට් කරනවා නිවේ.. මට මැරෙන්න ඔනි.... මේ දැන්
මැරෙන්න ඔනි.....
ලේකම්: ප්ලීස් නිවේ මල්ලි.. අපේ කිගී හරි සෙන්සිටිව් මෙයා.. එයාට කවුරුත්
කවදාවත් බැනලා නෑ.. එයාට බැනුම් අහලා පුරුදු නෑ.. ඒ වගේම තමයි එයාගේ හිත කවුරුත්
රිදවලා නෑ.. එයා හැමවෙලාවේම අනිත් අය
වෙනුවනේ හිටියේ එහෙම කරන මෙයාට හිත රිදෙන ප්‍රශ්ණ වලින් දමලා ගහන්න එපා නිවේ... ඔයාට
පින් සිද්ද වෙයි.. මගේ ලේ කකියනවා මගේ කිගී මැඩම්ට කවුරු හරි හිතරිදෙන දෙයක් කියද්දි.. ප්ලීස් ප්ලීස් මට කියන්න මගෙන්
අහන්න ඔය ප්‍රශ්ණ ... වඳින්නම් කිගී මැඩම්ට නම් හිත රිදෙන්න දෙන්න එපා.... (ලේකම් පොළවේ පස්
කමින් හඬයි)
කිගී:
අඬන්න එපා ලේකි අයි නෝ යු ලව් මී.... (ලෙකම් කිගිගේ පෙතුල ලෙව කයි)
ලේකම්:
යූ ආර්ද බෙස්ට් කිගී.. ඔයා තරම් කෙනෙක් තවත් නෑ...
කිගී:
තෑන්ක්ස් ලේකී (පාවෙන හාදුවක් දෙයි.. ලෙකම් සිහිසුන් වෙයි)
නිවේ: ඔව් මිත්‍රවරුනි අපේ සංවාදය දැන් ඉතාමත් සංවේදී මොහොතකට ඇවිත් ඒ නිසා අපි අවසාන වශයෙක්
කීගිගෙන් අහමු ඇයි අද මේ වගේ Press conference එකක් තියන්න හිතුවේ.
කිගී:
ඇක්චුවලි නිවේ මට අද කරන්න වෙන වැඩක් තිබුනේ නෑ.. මම දන්නවා ඔයාලාටත් මගේ ඒවා
අහනවා තරම් සතුටක් නෑ කියලා ඒකයි
නිවේ:
අනිවාර්‍යෙයන්ම. කිගී අපි තවත් දවසක මේ වගේම හමු වෙමු.. අවසාන වශයෙන් දෙයක් කියන්න
තියේද..
කිගී : ෂුවර් ..... මතකනේ
ඔයාලාට KGM <ස්පේස්> Iliketodie කියලා මුට්ටිය දුරකතන ජාලයෙන් SMS කරන්න ඇති තරම් 3035 ට
බායි
බායි.. අයි ලව් යූ ඔල්......
අවසානයේ
තිරය වැසිනි..... සියල්ලෝම සතුටින් විසිර ගියෝය.
මේකත් බලන්න.....
අපි වෙනුවෙන් අපි
ස්ටේටස් එක හොරකම් කලේ මගේ මරණය අයියාගෙනි :D
Anushka Lakmal - බනියා (https://www.facebook.com/anushka.lakmal?ref=ts) අපි හැමෝම දන්නා බ්ලොග් සහෘදයෙක්..බනියාගේ චරිතයට හානි වන ලෙස ෆෙස්බුක්හි පිස්සු "හැදෙන සඳ (PissU HaDena SaDa)" (https://www.facebook.com/pisssu.hadena.sada) නම් පිටුවක් මාර්ගයෙන් මඩ ප්‍රචාරයක් මේ වන විට කෙරීගෙන යනවා.. අපේම සොහොයුරෙක් වන බනියා එවං දෙයක් නොකරන බව එම මඩ ප්‍රහාරය දෙස බැලු සැනින් වටහාගන්නට පුළුවන්.. එම මඩ ප්‍රහාරහ සදහා සබැදිය..
(https://www.facebook.com/anushka.lakmal/posts/322675214468005)
තව දුරටත් ඔවුන් විසින් එම පිටුවේ පල කර ඇති පොස්ටුවේ බනියට පක්ෂපාතිව දමන කමෙන්ටු ඉවත් කරමින් සිටිනවා. එම පොස්ටුවෙන් ඔවුන් බනියව රිපෝට් කරන්න කියා ඉල්ලා තිබෙනවා.
අපි ඔබ ඒකට බ්ලොග් ලියන්නනං වශයෙන් බනියා වෙනුවෙන් ඉදිරිපත් විය යුතු වෙලාවයි මේ.. ඔබත් බනියා මෙවැනි දෙයක් කෙදිනවකත් නොකරනවා යැයි සිතනවා නම් මෙමෙ තුප්පහි පේජ් ඒකරිපෝට් කරන්න.. මෙම පණිවිඩය අපේ බ්ලොග් ලියන යාළුවන් අතර බෙදාගන්න.. — at බනියා වෙනුවෙන් මල අතට ගෙන.
සිහිනය සියැසින්
29 Apr 2012 5:17 AM (13 years ago)

සිහින
ලොවක ජීවත් වීම සැබෑවට මුහුණ දීමට වඩා බෙහෙවින්ම කර්ෂකය, එහෙත් මම මේ සිහිනය
දකින්නේ ආශාවෙනි. මගේ සිතත් සිතිවිලි සමුදායක් මටම අවනත නැති වු කලෙක මා විසින්ම
මා හට දෙන්නා වු වේදනාව සතුටින් විඳ දරා ගන්නවා හැරනේනට අන් කිසිවක් කරන්නද. කාලයක් ජීවිතයේම කොටසක්ව පැවති විශයානු බද්ධ
පොත් පත් හා එහි වු විශය කරුණු මුළුමනින්ම මනසින් අතුරුදන්ව ඇති කලෙක නුදුරේ ඇති
විභාගයට සුදානම් වීමේ අසාර්ථක උත්සහය ඇතැර, පරිඝණක තිරයේ වු රුව දෙබ බලා භාවනා
කලෙමි.
මුහුනේ
සිනාවකදු නොමැතිව සිටින ඒ මුහුනේ රළු
හැඩතල දෙස බලා සිටියදීම නොදැනි කාලය ගතවන්නට ඇත.
නුහුරු
නුපුරුදු දුරක ඉඳන් ඔබ ඇවිත් සිත ලඟට හෙමින්......
ජංගම
දුරකතනය බොහෝ වේලාවක් නාදවී තිබේ.. සිහින අතරේම ගීතයට සවන් දී සිටි මට ඇමතුමට
පිළිතුරු දිය යුතු බව සිහිවුනේ හදිසියේය. ඇමතුම සංජලීගෙනි
“හෙලෝ....” මම ඔනෑවට එපාවට පිළිතුරු දුනිමි..
සිතට තනිවන්නට අවැසි වෙලාවට මිතුරියන්ද ඇතැම්විට කරදරයකි.
“මොට්ටියේ...
දැන් කියේ ඉඳන්ද.. මම රිනිග් කරන්නේ....” කිසිත් නෙකියාම මිතුරිය මැසිවිලි නගන්නට වුවාය.
“සොරි...
සාගුවෝ... මම පාඩම් කර කර හිටියේ.....” මම බොරුවක් කිවෙමි. පාඩම් කරන්නට කියා සිතුවද
පොත ඇල්ලුවේ හෝ නැත..
“ආ....
උඹට ඒක්සෑම් ලඟයි නේද..... හ්ම්ම්ම් එහෙනම් අද ප්ලෑන කැන්සල් කරන්න වෙයි....”
“මොන....
?”
“නෑ
නෙතුවෝ මම හිතුවේ පාක් එකේ එක්සිබිෂන් එකට යන්න... අළුත් මලක් ගැන කියෙව්වා බන් රොස මලක් වගේ.. ජෙබරා
වර්ගයක්ලු... ” මිතුරියගේ මල් පිළිබඳ උමතුව
විස්තර කරමින් ඇය කියා සිටියාය.
සීමිත
මල් වර්ග කිහිපයකට හැරෙන්නට අනෙක් මල් වලට එතරම්
උනන්දුවක් නොදැක්වු නමුත් සංජලී සමඟ නිතර නිතර මල් ප්‍රදර්ශන නැරඹිමටමට මා
හට සිදුවිය, නොයෙකුත් විශේෂයන්හී දෙමුහුන්
මල් පැල කොපමණ මුදලක් හො ගෙවා මිලදී ගැනීම ඇයගේ පුරුද්ද විය.
“කමක්
නෑ යමු... පොතේම හිරවෙලා පිස්සු වගේ.. ” මනස දැල්වෙමින් තිබියදී පැන් පොදන් සොයන්නා මෙන් මම ඇගේ ගමනට එක්තු වීමට කැමැත්ත
පල කලෙමි.
“අන්නේ....
උම්ම්මා සුද.... හිටපන්.. විනාඩි පහෙන් මම එනවා මම ලෑස්ති වෙලා ඉන්නේ... ” සංජලි සතුටින් කෑ ගෑවාය.
“හෙමීට
වරෙන් පිස්සු මැන්ටලේ... අද මමයි රයිඩ් කරන්නේ.... ”
“අපෝ..
මේ බෑ.. බෑ... ස්කූටියේ බෑ.... උඹලාගේ අම්මා කැමති නෑ අපි ස්කූටියේ රස්තියාදුවේ
යනවාට ”
“නිකා
හිටින් එහෙනම්, මට බෑ... බස් වල යන්න ”
“ට්‍රයිෂෝ
එකක යමු... ප්ලීස් ප්ලීස්..... ” සංජලී ඇවටිලි කරන්නට විය.
“අම්මා
මුකුත් කියන්නෑ... අනික ලඟටනේ.. මම කැමති කර ගන්නම්.. උඹ ස්කූටියේ වරෙන්.. නැත්නම්
එපා ... මම නාගන්න යනවා.. ” ඇයට කිසිත් කියන්නට ඉඩ නොතියා දුරකතනය විසන්දි කලෙමි.
යලිත් පරිඝණක තිරය මත වු රුවටම නොත් යොමු වද්දි
සිතැඟි මට්ටු කරමින් යාන්තමට ඒ දෙතොල මත දෙතොල් ස්පර්ෂ කර පරිගණකයෙන් මෑත්
වුනෙමි. හිතාමතාම නොවුනත් කලක සිටන්
පුරුද්දකට මෙන් එය සිදුවේ.
මනස
කැලඹුනු බොහෝවිට කෙතරම් සීතල දිනයක්දැයි නොසලකා වතුර මල යටට වී පැය ගනනක් ගතකිරිම
මසිතට සැනසිලි ගෙන දෙන්නකි. පියාගත් දෙනෙතින් යුතුව වතුර මල යට ගෙවෙන බොහෝ වේලාවන්
හීදි ලොවට පෙනෙන්නට හෙලිය නොහැකි කඳුලු
සීතල වතුරේ සේදී යයි.
නිවසේ
විදුලී සීනුව නාද වන හඬත් සමඟ ඇසුණු කිංකිණි හඬින් සංජලී පැමිණ ඇති බව නානකාමරයේ සිටියදිම මා
හැඳින ගත්තෙමි..
“සාගුවෝ..
කාමරේට පලයන්. දොර ඇරලා තියෙන්නේ.. “ඇයගේ දෙපාගැටෙන හඬ කොරිඩෝවෙන් ඇසෙද්දි
මම කෑ ගසා
කීවෙමි.
“අයියෝ..
උඹ තාමත් නානවද...” සංජලී දොරෙන් පිටත සිට කෑ ගැවාය.
“හිතුවද
මාත් උඹ වගේ නාන්න කම්මැලියි කියලා... ”
“ආ...
උඹ ආවානේ අපේ ගෙදර.. මම නානවද නැද්ද බලන්න...”
“හරි
හරි පලයන්.. කාමරේට... අම්මාට කියලා උඹට ඔනි දෙයක් හදාගෙන බීපන්..”
“මම
කම්පියුට එක දානවා...” කෙරිඩෝවෙන් ඇසුනු ඇගේ හඬ මගේ කාමර දෙසින් ඇසෙන්නට විය.
විනාඩි
කිහිපයක් ගතකොට නා ගැනීමෙන් අතුරුව තෙත කෙස් වැටිය තුවායෙන් පිසදමමින් මම කාමරයට
ගියෙමි. මට පිටුපා පරිඝණක තිරය දෙසටම නෙත්
යොමා සිටි සංජලී මා නුදුටුවාය. ඇය මගේ ඉලෙක්ට්‍රෙකික දින පොත කියවමින්
සිටියාය, මා නානකාමරයට යාමට පෙර යමක් ලියමින් සිට එය එලෙසම තබා ගිය වග මා හට
සිහිවුයේ මේ දැන්ය. සංජලීත් මාත් අතර වු මිතුදමේ ශක්තිමත් බව ඇයට මගේ දිනපොත
කියවීමට ලොකු අනුබලයක් විය. ඇයත් මාත් අතර කිසිම විටෙක රහසක් කියා දෙයක් නොතිබුනි.
නමුත් මා අනුහස්ට ඒකපාර්ෂවිය ලෙස ආදරය කල
බව ඇයට කියන්නට මා හට නොහැකි විය.
සංජලී
කෙලෙස තේරුම් ගනිදැයි සිතාගැන්මට හො නොහැකිව මම නිහඬවම ගොස් ඇදෙහි වාඩි වී පිටුපා සිටින ඇය දෙසම බලා සිටියාය. එවිට මා
කාමරයට පැමිණ ඇති බව ඇයද දැන සිටියාය. එහෙත් මාගේ පැමිණිම වගකට නොගත් ඇය දිනපොතේ
සියලුම සටහන් කියා නිම කලාය. ඇයට ඉඩදී මම සයනයේ උඩුබැලි අතට දිගාවී දෙනෙත තදින් පියාගතිමි. කතාකල නොහැකි කඳුලක්
හැමදාමත් ලෙස නෙත් කොනින් ගලා ගියේය.
දිනපොත
කියවා නිමකල සංජලී නිහඬවම ගොස් කාමරයේ දොර
වසා පැමිණියාය. මා පසෙකින් ඇඳේම දිගෑදුනු
ඇය කිසිත් නෙකියා මා දෙසම බලා සිටින්නට වුවාය. ඇයට මුහුණ දි ගත නොහැකි වු මා
දෙනෙත් තදින්ම පියාගෙන සිටියෙමි.
“නෙතූ....
උඹ මුකුත් කියන්න එපා කෙල්ලේ... මම සේරම
කියෙව්වා... එදා ඉඳන් අද වෙනකල් සේරම.... ඒත් මේ හැටිම තනියම විඳව විඳව ඇයි උඹ
මටවත් නොකිව්වේ කියලා විතරක් කියපන්.... ” ඇය සාවදානව අසද්දිත් මම නිහඬවම සිටියෙමි. ඇය
නැවත කතා කලාය.
“අනුහස්
දන්නවා නේද....”
“ම්ම්ම්ම්ම්
”
“ඇයි
නෙතු උඹට ඇත්තට මුණ දෙන්න බැරි.. අනුහස් සහ උඹ කියන්නේ පාරවල් දෙකක යන දෙන්නෙක්..
අඩුමගානේ හන්දියකදි හරි උඹලා දෙන්නා එකට මුණ ගැහෙන්න පුළුවන් කමක් නෑ උඹලා
දෙන්නා ජීවිතේ දකින්නේ දෙවිදියකට.. උඹ
පිස්සු හොන්තුවක්..දඟකාරම් වලට සීමාවක් නැති එකියන්. අනුහස්
කියන්නේ ජීවිතේ සංකිර්ණව දකින නිහඬ කෙනක්... ”
“අපි
අතර නොගැලපීම් විතරක්ම කියන්න එපා සාගුවෝ.... මම ඒ හැම දෙයක්ම දැනගෙන තමයි අනුහස්ට
ආදරේ කලේ... ඒ ඇරත්. මට අනුහස්ව මගේම
කියලා අයිති කර ගන්න උවමනාවක් නෑ.. ”
“මොකක්....
?”
“ඔව්...
මම ආදරේ දකින්නේ අනිත් උන් දකින විදියට නෙවී.. කොල්ලෙක් කෙල්ලෙක්ට කෙල්ලෙක්
කොල්ලෙක්ට හරි ආදරෙයි කියලා කිව්වොත් හැම කෙනෙක්ම ඒක දකින්නේ.. ගොඩාක් සංකිර්ණ
විදියට.. මුන් දෙන්නා කසාද බඳියි.. එකට ජීවත් වෙයි දරුවෝ හදයි... ඒත් ඒක
ජීවත් වීම මිසක් ආදරේ නෙවෙයි නේද... ඔය විදියට ජීවත් වෙන මිනිස්සු අතරේ ආදරේ නෑ...
ඒ මිනිස්සු අතරේ තියෙන්නේ කොලේක අත්සන් කරපු ගිවිසුමක් විතරයි.. මට ඔනි අනුහස්ව
ඒගිවිසුම එක්ක මගේ ජීවිතේට හිර කර ගන්න නෙවයි.. ඒ නැතත් සාගුවෝ ආදරේ කියන්නේ හදවතට
දැනෙන දෙයක්.. මම කාටහරි ආදරේනම් පරෙලා අනිත් මනුස්සයා මට ආදරේ කරන්න ඔනි කියන එක
බලාපොරොත්තු වෙන්න බෑ.. හිතලා බලපන් මේලෝකේ දකින විදියේ ආදර බැඳිමකින් බැඳිලා ඉන්න
දෙන්නෙත් ගේ ආදරේ තරාදිකට දාලා මැන්නොත් දෙපැත්ත සමානද .. නෑ නේද.. පොඩි හරි
වෙනසක් තියෙනවා... මට මගේ ආදරේ තරාදියේ දෙපැත්ත සමානවෙන්න ඔනි නැහැ මගේ පැත්තෙන් තරාදිය පහලම තියෙද්දි අනුහස්ගේ
පැත්තෙන් උඩින්ම තියේවි.. ඒත් ඒක මට ආදරේ කරන්න ඒක ප්‍රශ්ණයක් නෙවී. ”
“ඔය
සේරම විකාර අදහස් විතරයි නෙතුවෝ.. මුළු ලෝකෙම උඹට හිනා වෙනවා.. උඹ ජීවත් වෙන්නේ
විකාර අදහස් එක්ක.. උඹ ඔය හිතන බොළඳ විදියෙන් මේ ලෝකේ ජීවත් වෙන්න අමාරුයි. කාට
නැතත් අනුහස්ට උඹ දැන් පරාල ඇනයක් වෙලා කියලා උඹට හිතෙන්නේ නැද්ද... ඌ උඹට අකමැති
නිසානේ උඹව සත පහකට ගනන් ගන්නේ නැතිව ඉන්නේ.. මේ විකාර අත්ඇරලා දාපන් නෙතුවෝ මම ආස නෑ මගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ්
කොල්ලෙක් නිසා චාටර් වෙනවට.. ”
“උඹ
කියන දේ මට තේරෙනවා සාගුවෝ.. මාත් හිතනවා සමහර වෙලාවට.. ඇයි මම මේ තරම් පාච්චල්
වෙන්නේ කියලා.. ඒත් මට හිතෙන්නේ මට
දැනෙන්නේ වෙනස් විදියකට.. මම කෙල්ලෙක්
උනත්.. මේක ලෝකෙටම කෑ ගහලා කියන්න මම
ලැජ්ජා වෙන්නේ නැහැ.. මම අනුහස්ට ආදරයි
කියලා .. ඒත් මේක නිසා අනුහස්ව කොතනකදිවත්
අපහසුතාවයට පත් නොකරන්න මම හැමවෙලාවේම
පරෙස්සම්.. ඒ නිසා හිතට දැනෙන හැම දෙයක්ම හිතේම තියාගෙන මම ජීවත් වෙනවා..
අනුහස් ගැන කවදාවත් මට තරහක් හිතෙන්නේ නෑ සාගුවො... අනුහස් මේ ප්‍රශ්නෙදි හැසිරෙන
විදියට මම කැමතියි ගොඩක් කැමතියි.. ගෑණුන්ගේ බොළඳ කම් ඉස්සරහා දණ ගහන නපුංසකයෙක්ට
වඩා මේ දකින්නේ මේ ලෝකේ ඉන්න අන්තිම ගෑණි
කියලා ඒ ගැණි මත්තේ මැරෙන්න හදන පිරිමියෙක්ට වඩා ,කෙල්ලන්ව සතපහකට මායිම් නොකරන
ආඩම්බරකාරයට මම කැමකතියි. මාත් එක්ක කතා නොකරන, මම විකාර නටද්දි නොදැක්කා වගේ අහක
බලාගෙන එයාගේ වැඩක් බලානෙ ඉන්න අනුහස්ට මම ගොඩක් ආදරෙයි. මට බින්දුවක් වත් ආදරේ නැති වුනත් මම මේ වෙද්දි
මගේ ජීවිතේ ලස්සනම කාලේ එයාගේ ආදරේ වෙනුවෙන් කැප කරාලා ඉවරයි.. ආයි ජීවිතේට, ජීවිතේ විඳින්න පුළුවන් මේ කාලේ මට ලැබෙන්නෑ
තමයි... ඒත් හිතට එකඟව කරන ආදරයක් වෙනුවෙන්.. මම මගේ ජීවිතේ ලස්සනම කාලේ සහ මුළු
ජීවිතේම විඳෙව්වා කියලා මතකයක් තියා ගන්න එක මට සතුටක්.... මම දකින ආදරේ පෙරලා
උත්තර දෙන්න ඔනි දෙයක් නෙවී.. සමහර විට තව ටික දවසක් යද්දි අනුහස් වෙන කෙනෙක්ට
ආදරේ කරයි. කසාද බඳියි, ළමයි හදයි.. ඒත් නෙතූවට ඒක ප්‍රශ්නයක් වෙන්නෑ සාගුවෝ... ඒ
ඇයි දන්නවාද.. මම අනුහස්ට ආදරේ කලේ නොලැබෙන බව දැන දැන.. එයාව අයිති කර ගන්න එක
ගොඩක් දුර දෙයක් උනා මට... දැන් තව තවත්
දුරයි... ඒත් ලැබුනොත් ඒ වෙලාවෙම මම හුසුම හිර වෙලා මැරෙයිද කියලා කවුද
දන්නේ......”
නුපුරුදු සිනාවක් නඟා ගනිමින් මා කීවෙමි... විසල් දෙනෙතින් යුතුව සංජලී මා දෙස බලා
උන්නාය.

“උඹේ මේ
ආදරේ මට නම් මල සමයමක් නෙතුවෝ....” සියල්ල අසා අවසානයේ ඈ
කිවාය..
“අනුහස්ටත්
එහෙමයි..... මේ මේ.. දැන් ඇති නේද... අපි යමුද.. උඹේ අර මල් පැලේ වෙන කවුරු හරි
අරන් යාවි....” වේගයෙන් අඳෙන් නැගි සිටි මා
කොට්ටයෙන් සංජලීට දමා ගැසුවෙමි.
“උඹ හොඳ
මූඩ් එකකද. ඉන්නේ.....” සංජලී සුපරික්ෂාකාරීව මා දෙස බුලුවාය.
“sure ඇයි
එහෙම නෑ කියලා උඹට පේනවද.. ...... සාගුවෝ... මම හිතින් විඳවන්නේ අදක ඊයේක ඉඳන් නෙවෙයි කියලා ඩයරිය කියවපු උඹ දන්නවා.. ඒ අතර කාලේ අපි මෙන තරම්
පිස්සු නැටුවද කියලත් උඹ දන්නවා. හිතින් මම විඳවනවා කියලා මුල්ලකට වෙලා අඬ අඬ
හිටියට මට ලැබෙන දෙයක් නෑ.. වේදනාව හිතේ තියාගෙන ජීවිතේ එන හැමදේටම මූණ දෙන්න මම
පුරුදු වෙලා ඉන්නේ... එහෙම නැතිව බෑ.. ඉවරයක් නැති වේදනාවක් බදා ගත්තු කෙනෙකුට..
අනිත් එක මා එක්ක නටන්න තියෙන පිස්සු නටලා
ඉවර කරහන්.. මම දැන් ටික ටික මාවම වෙනස්
කරන් යනවා.. මට ඔනි අනුහස් තරමටම නිහඬ වෙන්න.. ඒත් මම ජීවත් වුනු විදියට එකපාර එහෙම වෙන එක ලේසි නෑ... ”
“අපෝ.....
ඇති ඇති උඹේ විකාර... ඔවා මට නම් මල සමයන්
විතරයි.. උඹට පිස්සු... හොඳටම පිස්සු... උඹේ හොඳ යාළුවා වෙච්චි මටත් හිනේනේ
එහෙමයි..... ඒත්... වෙලාවකට හිතෙනවා.. අනුහස් නැති කරගෙන තියෙන්නේ. . මේ
ලොකේ.. එයාටත් වඩා රැඩිකල් විදියට හිතන කෙල්ලෙක් කියලා...” සංජලී සිනාසෙමින් කීවාය.
“නෑ....
සාගුවෝ.... එයා නැති කර ගන්න යන්නේ මේ ලෝකේ එයාට ගොඩක්ම ආදරේ කරන කෙල්ලව..........”
“හෝ...
හේ. ඇත.. ඇති... යමු.... යන ගමන්
ඉතිරිය......”
කිංකිණි
සිනා හඬ නංවමින් අප දෙනෙවා ස්කූටරය වෙත දිව ගියෙමු..
නිර්මාණය සහ නිර්මාණ කරුවා යනු දෙදෙනෙකු බව මාවතේ වු පුවරුවක සටහන්ව තිබුණි .
සමහර හැන්දෑවරුවල මහ හයියෙන් වහිනවා. දෙකට තුනට පටන් ගන්න අනෝරා වැස්ස හවස හතර පහ වෙද්දි නැවතිනවා. මම ආසම අන්න ඒ වෙලාවට. වැහි වෙලාවේ ඇඳට ගුලි වෙලා නිදාගෙන වැස්ස පායද්දි මිදුලේ තෙත තණකොල ගොල්ලේ ඇවිදින්න මම ගොඩාක් ආසයි.
ඒ මහා වැස්සට පස්සේ පරිසරය කොයිතරම්නම් නිහඬද. ඒ නිහඬ බව මම විදින්නේ හදවතේ ගැඹුරුම තැනකින්. වැස්ට හැංගිලා හිටිය කුරුළු රංචු තම තමන්ගේ රාත්‍රී නවාතැන් වලට යන්නේ අහස පුරාවට මිහිරි කන්කරච්චලයක් ඉතිරි කරගෙන. ඒත් ඒ ගෝෂාව නිහඬ බවට බාධාවක් නෙවෙයි.
මිදුලේ ලස්සනට පිපිලා තිබුණු ඩේලියා මල් මැලවිලා සිනිදු පෙති වැහිදියට දියවෙලා. පිච්ච මල් වල සුවඳ සේදිලා ගිහින්. ඒත් මම වැස්සට ආදරෙයි. මැලවුනු මල් වෙනුවට අළුත් මල් ආයතේ පිපෙයි.. ඒත් වැස්ස නිසානේ..
වැහි හැන්දෑවේ නිහඬ සුන්දරත්වය වැඩි කරන්න ඈත නැගෙන හිර අහසේ දේදුන්නක් පායලා. ඉස්සර පුංචි කාලේ යාළුවෝ කතා වෙන්නේ දේදුන්න දිහාට ඇගිල්ල දික් කලාම දේදුන්න අතුරු දහන් වෙනවා කියලා. ඒ නිසා පුංචි කාලේ කවදාවත් දේදුන්නට ඇඟිල්ල දික් කලේ නැහැ.. ඒත් ටික ටික වයසින් වැඩෙනකොට ඒක ඇත්තක්ද කියලා බලන්න ඇඟිල්ල දික් කරලා බලනවා. ඒක මහා බොරු කතාවක්. දේදුන්න කියන්නේ පරිසරයේ විද්‍යාත්මක සංසිද්දියක් විතරයි.
ඒ කොහොම උනත් දේදුන්නේ පාටකොයි තරම් ලස්සනද. පුංචි කාලේදි ඉස්කෝලේ වැඩට පාට පෙට්ටියක් ගේන්න කියනකොට මම කියන දෙයක් තමයි. දේදුන්නේ පාට සේරම තියෙන පෙට්ටියක් ගේන්න කියලා. මගේ බොළඳ කතාවට අප්පච්චි හිනා වෙනවා. එදා මට එයා කිව්වේ නැහැ. දේදුන්නේ පාටින් පාට පෙට්ටි විකුනන්න නැහැ කියලා. වයසින් වැඩෙද්දි මම ඒක තේරුම් ගත්තා.
අපි හැමෝම එහෙමයි නේද.. පුංචි කාලේ අපි මවාගත්ත අපේම ලෝකෙක පුංචි පුංචි දේවල් එක්ක ජීවත් වෙලා වයසත් එක්ක අපිම පුංචි කලේ කරපු දේවල් වලට හිනා වෙනවා නේද...
මටත් එහෙම දෙයක් උනා.
ඉස්සර දේදුන්නේ පාට තියෙන පාට පෙට්ටිය හෙව්වා වගේම. පාසැල් වයසේ මගේම යෙහෙලියන් පෙම්වතියන් වෙනකොට මාත් හිතේ රූපයක් මවා ගත්තා කවදා හරි මෙන්න මේ වගේ කෙනෙක්ට මම ආදරේ කරනවා. මම මෙන්න මේ තරම් ආදරේ කරනවා කියලා. එක වයසකදි පන්තියේ පෙම්වතෙක් නැති එකම කෙල්ල මම වෙද්දි මනෝ චරිතයක් මවා ගත්තා. කතාවක් ගොතා ගත්තා. ඒ මටත් කෙනෙක් ඉන්නවා කියලා යාළුවන් ඉස්සරහා කියන්න.
නම නිසල් සූරිය බණ්ඩාර. මුණ ගැහෙන්නේ නුවර එළියේ ටියුෂන් ක්ලාස් එකේදී. ඒක හරියට මල් පත්තරේට ආදර කතාවක් වගේ. මාස ගානක් ඒ විහිලුව කරලා යාළුළුන්ව අන්දන්න පුළුවන් උනා. මමම ලියන කවි, ලියුම් මගේ හොඳට යාළුවා දිල්ට කියලා ආයි ලස්සන කොල වල ලියවගෙන දිලුයි මායි දෙන්නා පන්තියේ අනිත් කෙල්ලන්ව හොඳට ඇන්දුවා.
මට තාමත් මතකයි අපි ඒ ලියුම් වල ලියපුවා.
බබා ඔයාට කොහාමද.. අද ඉස්කෝලෙ යන්න නැගිට්ටේ කියටද.. උදේට කෑවේ මොනවද.. අද මොනවද හොම් වර්ක් දුන්නේ. එදා ක්ලාස් එකට ඔයා දැන්න ගවුමට මගේ පැටියා හරිම ලස්සනයි.. බ්ලා බ්ලා බ්ලා.. අන්න ඔය වගේ දේවල්...
ඉතින් ඔය ලියුම් කියවලා.. නිසල් කියන මනෝ චරිකට ඇත්තම චරිතයක් විදියට මවන්න අපිට පුළුවන් උනා. පන්තියේ කෙල්ලෝ පිස්සු වැටිලා හිටියේ නිසල් කවීට ඊලඟට එවන ලියුම කියවන්න. මොකද ඒ දවස් වල වැඩි ඉලෙක්ට්‍රොණික ආදර මෙවලම් තිබුනේ නැහැනේ. ජංගමදුරකතන ඊමේල් වගේ දේවල්.
කාලයක් යද්දි මටත් එපා උනා ලියන්න. දිල්ටත් එපා උනා. අපි නිසල්ගේ කතාව එහෙමම අමතක වෙන්න ඇරියා. ඒත් අදටත් මම දන්නවා නදීශා මං ගැන පුදුම ඉරිසියාවකින් හිටියේ. අර චන්දන ලියනාරච්චිගේ ප්‍රේමය හැමදාමත් නිසලයි සින්දුවටත් එයා වෛර කලා මගේ නිසල් නිසා… :D
ඒ ඉස්කෝලේ යන වයසේ පුංචි කෙල්ලන්ගේ ආදරේ. එයාලා ආදරේ කියලා බලාපොරොත්තු වෙන්නේ ඔය වගේ දේවල්. (ඉස්සර අපි ඉස්කෝලේ යන කාලේ) දැන් තත්වය ඊට ගොඩක් වෙනස්. අහන්න දකින්න ලැබෙන දේවල් එක්ක පාසල් යන යුවතියන් සමහර විවාහක ගැහැණුන්ටත් වඩා පරිනතයි.
ඒත් මට කියන්න ඔනි වුනේ ගොඩක්ම බොළඳ වසයක කෙල්ලෙක් ආදරේ කියලා බලා පොරාත්තු වෙන්නේ මොකක්ද කියන එක කියන්න.
මුළු දවසම විනාඩියෙන් විනාඩියට කතා කර කර ඉන්න එක. කරන කියන හැම දෙයක්ම කෙටිපණිවිඩයකින් හරි දැනුම් දෙක එක. බොළද ආදරේ කාලසටහනේ අනිවාර්‍යෙයන් තියෙන දෙයක්. මාත් මේ ලඟක් වෙනකල්ම අන්න ඒ වගේ ආදරයක් ගොය ගොය අයාලේ ගිය චරිතයක් බව මගේ සිහින තවලම එක්ක ඉන්න ඔයාලා නොදන්න දෙයක් නෙවෙයිනේ...
ඒත් ටිකක් නැවතිල්ලේ කල්පනා කරලා බැලුවහම ආදරේ කියන්නේ මොනම විදියකින්වත් තේර්මක් හොයන්න බැරි අකුරු හතරේ වචනයකත් විතරක්ම නේද කියලා හිතෙනවා. ආදරේ හරියට වතුර වගේ
මුලින් කිසිම පාටක් නැහැ. ඒ ආදරේ පාට කරන්න පුළුවන් ආදරේ කියන බැදි මෙදි එක්වෙන දෙදෙනට. ගොඩාක්ම බොළඳ ආදරයක්නම් අපිට පුළුවන් ඒ ආදරේ රෝසපාටින් පාට කරන්න. ඒත් ඒක මොන්ටිසෝරියක ළමයෙක් ටීචර්ට දෙන්න ඇඳපු චිත්‍රයක් වගේ වෙයි නේද..
ආදරේ දි ගොඩක් බොළඳ දේවල් බලා පොරොත්තු වෙන කෙල්ලෝ කොල්ලෝ නිකරුනේ තමන්ගේ අනෙකට වද දෙනවා කියලයි මම හිතන්නේ ඔයා මෙහෙ ඉන්න.. මෙහෙ කරන්න.. කන්න කලින් මට sms කරන්න.. නිදා ගන්න කලින් මට සුබ පතන්න, උදේට නැගිටිද්දි මට ඔනි ඔයාගේ කට හඬ අහන්න.. තවත් ගොඩක් නීති රීති...
ඒත් ඒ රෝසපාට ආදරේ ටික දවසක් යද්දි දෙන්නගේම හිත්වලින් ඈතට ගිහින් තියේවි.. හැමදචාම එකට දේ එකම විදියට.. ජීවිතේට විවිධත්වයක් ඔනි නේද...
එහෙනම් අපි පාට කරමුද රතු පාටින්..
ඒත්.. තද රතු කියන්නේ ලේ වල පාට. ආදරේ කියන්නේ උතුරණ ලේ කැටිති වලට ලෝබකම් කරන එක නෙවෙයි.. හරියට වැම්පයර් කෙනෙක් වගේ.. සමහර විට තද රතුපාටින් පාට කලොත් ඒත ගොඩාරියක් සරාගි වෙන්න පුළුවන්. අනෙක් කෙනාගේ ශරීර අවයව වලට ලොබ වෙන එක හිත්වල ගිනි ගන්න රගික හැඟිම් වෙනුවෙන් ආදරේදි බොළඳ වෙන එක. තමන්ගේ හැඟිම් සන්සිඳවා ගැනීමමද ආදරේ කියන්නේ.. නෑ ඊට එහා යන දෙයක් වෙන්න ඇති.
එහෙනම් ආදරේට සුදුසුම පාට සුදු පාටද...
සුදු කියන්නේ උදාසීන පාටක්.. නිසිම හැඩයක් නැහැ. ආදරයක් ජීවිතේට ගන්නේ තනියම ජීවත් වෙනවාට වඩා ජීවිතේට කෙනක් අවශ්‍ය නිසා වෙන්න ඇති. ඒත් ඒ එන කෙනා නමට ජීවිතේ ඉන්නවානම් ආදරේදි බලා පොරොතු වෙන කිසිම දෙයක් ඉටු වෙන්නේනැහැ නේද..
ආදරේට සුදුසුම පාට මොකක්ද එහෙනම්.....
මටනම් ආදරේ තාමත් තදම තද කළුපාටක් විතරයි...... අත් නොවිඳපු අත් නොදැකපු දෙයක......... හිස් මන්දාකිණියක්... ආදරේ පාට කළු!!!
ඔයාගේ ආදරේ පාට මොකක්ද....??
ගිජු ලිහිණි ආදරය
10 Mar 2012 10:39 PM (13 years ago)

නැවතිල්ලක් නැතිව දුවන ගමනේ පුංචි විවේකයක් ලබන එකම දවස ඉරිදාව. ඒත් ඒ දවසටත් ටිකක් වෙලාව යනකල් නිදා ගන්න වාසනාව නැහැ. උදේ පාන්නදර පිරිත් අහන්න රේඩියෝව දැම්මහම පුරුදු වෙලාවටම ඇහැරෙනවා. පාන්දර තුනට.
ඒත් නින්දත් නොනින්දත් අතර ගෙවන ඒ වෙලාවත් වෙලාවකට සුන්දරයි. ඉරිදාවේ අපේ ගෙදර රේඩියෝ කාල සටහන මෙහෙමයි. උදේම සිරසේ පන්සිල් මළුව, ඊලඟට සිරස කවිබණ මණ්ඩපය. ඊලඟට විරිඳු සිරිත. උදේ පාන්දර තුනට දාන රේඩියෝව නතර වෙන්නේ උදේ දහයට. ඊට පස්සේ තමයි අපේ ගෙදර අය ගෙදරින් එළියට යන්නේ.
සිරස කියන්ගේ පෞද්ගලික හේතුවක් නිසා මම අකමැති නාලිකාවක්., මම අහන්නේ හිරූ. ඒත් අහම්බෙන් අහන්න ලැබෙන ඉරිදාවේ වැඩ සටහන් තුන නම් අවිවාදයෙන්ම මම කැමති වැඩසටහන්.
අද උදේ පනිසිල් මළුවට කතා කලේ යශෝදරා චරිතය ගැන. යශෝදරාවතේ එන කවි, ඒ වගේම යශෝදරා චරිතය ගැන ලියැවුනු ගීත අතරේ පෙර ආත්ම භාවයන්ගේ ඉඳන් පැවත එන සිදුහත් යශෝදරා පුජනීය ආදර කතාව බොහෝම අර්ථවත් විදියට පැහැදිලි කලා.
ඒදේවල් අහගෙන ඉඳැද්දි මට කල්පනා උන දේවල් මේ විදියට පෝස්ට් එකකින් ඔයාලා එක්ක බෙදාගන්නයි මම සූදානම් වෙන්නේ.
මේ කියන්න යන හැම දෙයක්ම මට හැබෑවටම අහන්න දකින්න සහ විඳින්න ලැබුණු දේවල්.
පළවෙනි කාතාව.
පහුගිය සතියේ මම උන්නේ මිග්රේන් වැඩි වෙලා හොඳටම අමාරුවෙන්. ඒක කිසිම විදියකින් සහනයක් ගන්න පුළුළුන් ලෙඩක් නෙවෙයි. ඒ වගේම මට ඒක ගොඩක් දරුණුවට බලපානවා. වෛද්‍ය උපදේශයට අනූව මට මිග්රේන් වැඩි උනාම පැනඩෝල් පෙත්තක්වත් බොන්න තහනම්. ඒ මම කාලයක් නිදි පෙති වර්ගයක ඇබ්බැහි වෙලා හිටි නිසා. කරන්න ඔනි එකම දේ හොඳින් විවේක ගැනීම. ඒත් ඉතින් මොන විවේකයක්ද.. ඉස්කෝලේ. ටියුෂන් ක්ලාස්, ගෙදර ආවම පාඩම් කරන්න ඔනි. ඔය දේවල් අතරේ විවේකයක් ලබන්න වෙලාවක් හොයාගන්න අමාරුයි. (අයියෝ මම මාතෘකාවෙන් පිට පැන්නා...)
කියන්න ගියේ ඔය විදියට තදබල ඔළුවේ කැක්කුමක ඉන්න වෙලාවක ඉස්කොලේදි මම මගේ පර්ස් එක ඇද්දා මතකයි ඊට පස්සේ ඒක බෑග් එකේ තිබුනා. කවදාවත් මම මගේ පර්ස් එකේ සල්ලි හිස් කරගන්නේ නෑ හිස් වෙන්න වෙන්න කොහොම හරි වියදමට සෑහෙන්න අතේ තියා ගන්නවා. ඊයේ අදේ පාන්දර ඇහැරිලා පාඩම් කරලා හතහමාර වෙද්දි ගෙදරින් පිටත් වෙන්න හිටියත් නොදැනීම වොලව ගියා.. ඉක්මනින් ක්ලාස් එකට යන්න ඔනිවට විනාඩි පහෙන් දහයෙන් ලෑස්ති වෙලා පාරට දුවද්දීම ආව බස් එකට නැංගා. බස් එකට සල්ලි දෙන්න ගියාට පස්සේ තමයි ඉතිරි හරිය. පර්ස් එකේ සත පහක් නෑ. ඉසින් කනින් දාඩිය වැටෙන්න ගත්තා මට ජීවිතේට මෙහෙම දෙයක් වෙලා නෑ. ඒ බස් එකේ අයව අප්පච්චි අඳුනනනවා ඒත් එහෙමයි කියලා නිකම් යන්න බෑනේ.. ඔය අතරේ බස් එකේ හිටියා මගේ student කෙනක්. Student කෙනෙක් කීවට එයා අපිටත් වඩා වැඩිමහල් ළමයෙක්. මගේ පළවෙනි ඩිප්ලෝමා ක්ලාස් එකේ හිටපු ගෑණු ළමයෙකුගේ පෙම්වතෙක්. ඒ දෙන්නා එකටමයි ක්ලාස් ආවේ. අපේ ස්ටාෆ් එකේ අය විහිලු කලේ ඒ ළමයා ක්ලාස් එන්නේ ගෑණු ලමයාව බලා ගන්න ඔනිවට කියලා.
ඉතින් ඒ ළමයා මම පත්වුනු අපහසුතාවය දැකලා බස් ගාස්තුව ගෙව්වා. ඊට පස්සේ මම එයාට මුව නොසෑහෙන්න ස්තුති කරලා කතාවක් දාගෙන යනකොට අතේ මුද්දක් තියෙනවා දැකලා ඇහුවා. ඔයාලා මට නොකියාම කසාදත් බැන්දාද කියලා. ඒ වෙලාවේ මගේ මුනේ තිබුණු හිනාව තැනි උනේ එක තත්පරේට ඒ ළමයාගේ ඇසුවල කඳුලු පිරුණු නිසා.
“අනේ නෑ මිස්.. මම තාම බැන්දේ නෑ දර්ෂි මාව දාලා ගියා“ කියලා කියද්දි මට මාරම දුකයි. කෙල්ලෙක් දාලා ගියා කියද්දි කොල්ලෙක් බස් එකක මහ සෙනඟක් මැද මේ විදියට ඇස්වලට කඳුලු පුරවාගන්නවා කියන්නේ මොන තරම් වේදනාවක් හිතේ තියාගෙන ඇතිද. ඊට පස්සේ මාත් ඉක්මනින් මාතෘකාව වෙනස් කලා.
ඔය කාරනේ මගේ හිත ගොඩක් රිදවලා තිබුනා. උදේ ක්ලාස් එක ඉවර කරලා දවල් ක්ලාස් එක පටන් ගන්නකල් මට පැයක විතර පොඩි විවේකයක් ලැබුනා. ඒ වෙලාවේ උදේ වුනු සිද්දිය Institute එකේ වැඩ කරන මගේ student කෙනක් එක්ක කිව්වා. ඒ ධනංජය, කොල්ලාව එතනට රෙකමන්ඩ් කලෙත් මම නිසා මම ගියාම මගේ වටේ දැවටි දැවටි මෙහාන මොනවා හරි කියව කියව ඉන්නවා.
අද උදේ මට මෙහෙම වැඩක් උනා නුවන් තමයි උදව් කලේ .. මම දර්ෂි ගැන ඇහුවාම මෙහෙම කිව්වා මට මාර අප්සට් කියද්දීම. ධනංජය කිව්වේ..
“අයියෝ මිස් ඔයා දන්නේ නැද්ද දර්ෂි කොළඹට ගිය ගමන් නුවන් අයියාට බූට් එක තිබ්බා. ඒ නැතත් මිස් තාම දන්නේ නෑ දර්ෂිගේ තරම. මිස්ට මතකද මම ඒ දවස්වල trainee staff එකේ ඉන්න කොට ශානි එක්ක යාළු උනා. ඊට පස්සේ ශානි කිව්වා එයා මා එක්ක යාළු උනේ නැත්නම් අනිවා දර්ෂි මගෙන් යාළු වෙන් අහන්නලු හිටියේ. දර්ෂිට ඒතරම් අමාරුවක් තියෙන්නේ. තව ගොඩක් දේවල් තියෙනවා මිස් දන්නේ නැති. මිස්ට මතකද එයා තනියම මගේ යාළුවෙක්ට accounting package එක ඉගැන්නවා. එයා හැමදාම ක්ලාස් කලේ උඩ තට්ටුවේ ක්ලාස් එකේනේ. මරුවට උගන්නලා තියෙනවා මිස් මට පොරෙ ඒවාගේ ෆෝටෝ වීඩියෝ සේරම පෙන්නුවා “
ධනංජය එහෙම කියද්දී මගේ කන් සීතල වෙලා ගියා. මොකද දර්ෂි කියන්නේ මගේ student කෙනක් වගේම එයත් ස්ටාෆ් ගියේ මගේ රෙකමන්ඩේෂන් නිසා. ඊටත් වඩා දර්ෂිගේ තාත්තායි අපේ අප්ච්චියි දෙන්නා යාළුවෝ. ඒ හැම එකටම වඩා ඒ දවස් වල වැඩ ඇරිලා යද්දි හවස් වෙන හැමදාකම නුවන් දර්ෂිව එක්කරන් යන්න වැලිමඩ ඉඳලා නුවරඑළියේ ආවා. නුවන් වැඩ කලේ මාර්කටින් සයිඩ් එකේ නිසා එයා වැඩි හරිය හිටියේ ඔපිස් එකෙන් එලියේ. ඒක චාන්ස් එක්ක් කරන් පැය එකහමාරක් බස් එකේ ඇවිත් කෙල්ලව ගෙදරට එක්කරන් යන්න තරම් කැපවීමක් කරන්න පුළුවන් කොල්ලෙක්ට මේ කෙල්ල මෙහෙම චංචා කලා කියද්දී.. අනිත් හැමදේටම වඩා ඒ දවස් වල දර්ශි හවස් වෙනකල් ක්ලාස් කලේ ඔය කියන ධනංජයගේ යාළුවාට.
“චික් මේ කෙල්ලෝ“ මට එකපාරට කියවුනා. ඒත් මට මතක් උනේ මීට සති කිහිපයකට කලින් ධනංජය මා එක්ක කියපු කතාව.
දෙවැනි කතාව.
ඒදත් මම හවස ක්ලාස් එක පටන් ගන්නකල් ධනංජයගේ ලැප් ටොප් එකේ තිබුනු ෆොටෝස් බල බල හිටියේ. එතන තිබුනා මෙන්න මෙහෙම ෆෝටෝ එකක්.
ඔය කතාව ඇත්ත මිස්. මටත් ඔය වගේ එකම කෙල්ලයි හම්බ උනේ. ඒත් එයා නැති උනාට පස්සේ මම පිස්සෙක් වගේ කෙල්ලෝ එක්ක යාළු උනේ. ඔක්කකෝම කෙල්ලෝ 17ක්. දැන් මට වයස 22යි. කෙල්ලෝ එක්ක යාළුවෙන්න පටන් ගත්තේ 11 වසරේදි.. කොහොමද මිස් මගේ දක්ෂ කම. ඔය අතරින් මම කෙලින්ම ගිහින් ඇහුවේ සොනාලිගෙන් විතරයි (ධනංජය කියන හොඳ කෙල්ල) අනිත් හැම කෙල්ලෙක්ම මගෙන් යාළුවෙන්න අහන තැනට මම උන්ව අසරණ කලා. ඒකල්ලා මට ඇති හිතුනාම අත්ඇරියා. දැන් කාලේ කෙල්ලෝ ඉස්සර වගේ නෑ මිස් සමහර කෙල්ලෝ ඉස්සරහා මට හිටගෙන ඉන්න විතරයි තිබුනේ උන් කරන්න ඔනි හැම දේම කරනවා. ඔය අතරින් මට හම්බ උන විසේ වැඩිම කෙල්ල මුස්ලිම් කෙල්ලෙක්.. ඒකි දවසක් මට කියපු කතාවකට මට ඒකිගේ කණ පැලෙන්න ගහන්න හිතුනා මිස්, ඒකි කියනවා මා එක්ක දිගටම ඉන්නේ නැහැලු. ඒකි බැඳලා රට යනවාලු යන්න කලින් ඒකිට... ( කොල්ලට එතනින් එහාට කියාගන්න බෑ මා එක්ක, මම එයාගේ ගුරුවරිය නිසා. ඒත් මම තේරුම් ගත්තා. ඒක ඔයාලාටත් තේරුම් ගන්න පුළුවන් වෙයි.)
ඉතින් මිස් එහොම කෙල්ලෝ ඉන්න රටක කොල්ලෙක් කොහොමද සීරියස් ලව් කරන්නේ. මම මේ ලඟදි නෙදර්ලන්ත කෙල්ලෙක් එක්ක යාළු උනා අපේ නැන්දලා හොටෙල් එකේ සතියක් හිටියා ඒ සතිය එක්කම ලව් එකත් ඉවරයි.
ඊට පස්සේ මම හැම දේම නතර කලා මිස්. දැන් ඇති. මම එකපාර කෙල්ලෝ පස් දෙනෙක් එක්ක යාළුවෙලා තියෙනවා. සිම් තුනකින් එකපාර මල් කඩලා තියෙනවා. ඒ හැම එක්කම එකපාර නතර කලා. පෙඩ්ඩක් නිවිසැනසිල්ලේ ඉන්න ඔනි මිස්. කොළඹ නුවර මෙහේ හැම පැත්තේම කෙල්ලෝ ආශ්‍රය කරලා මම දැන් හොඳට උන්ව තේරුම අරන් ඉන්නේ. මෙහේම ඉන්නවා ඇරෙන්න ආයි මම ගෙදරින් පිට යන්නෑ මිස්.
ඒ වලොවේ නිහඬව සේරම අහන්හිටියට මම තේරුම් ගත්තේ එකම දේ සමහර කෙල්ලෝ කරන දේවල් නිසා. කොල්ලෝ මොන විදියේ පහත් සිතිවිල්ලකද ඉන්නේ කෙල්ලෝ ගැන කියලා.
ඔය වැරදි කරන කොල්ලොත් නැතිවා නෙවෙයි.
තුන්වැනි කතාව.
මේ කතාව අපේ ඉස්කෝලේ සර් කෙනක් ගැන. එයත් මගේ student කෙනක්. අපේ ඉස්කෝලේට ආවේ මේ ලඟදි ඒත් මගේ රෙකමන්ඩේෂන්. දැන් මම බයේ ඉන්නේ එයා නිසා මගෙත් පටිරෝල් වෙයි කියලා.
මේකෙදි සිද්ද වුනු සිද්දියක් මම one zero zero අඩවියටත් ලිව්වා. ඔය කියන සර් ඉස්කේලේයනකාලේ ( 9 වසරේ) ඉඳන් හරිම අහිංසක කෙල්ලකේ එක්ක ආදර සම්බන්ධයක් පවත්වාගෙන යනවා. ඒක මම දැන ගත්තේ මේ ලඟදි. ඒත් එයා ඒ සම්බන්ධය අතර තුර තවත් ගෑණු ළමයෙක් එක්ක සම්බන්ධයක් තිබිලා ඒක නතර උනා. එයා ගොඩක් දුක් වෙනා කියලා මා එක්කම කිව්වා. කෑම නොකා ක්ලාස් කට් කර කර පිස්සු නැටුවා. ඒත් කතාවේ ඇත්ත දන්න මම කිසිම දෙයක් නොකියා බලා හිටියා..
ගිය සතියේ දවසක ඒ සර් මායි තව ටීචර් කෙනෙකුයි ඉන්න තැන අනිත් ටීචර්ට කියනවා “ටීචර් මට හොඳ කෙල්ලකේ හොයලා දෙන්න.. ගමක හැඳුන අහිංසක කෙනෙක්“
මට යකා නැංගා ඒත් මම ඒක මට ඇහුනේ නැති විදියට හිටියා. එයා වෙන කෙල්ලෙක් හොයන්නේ අර ඉන්න අහිංසක කෙල්ලට තවත් වංචාවක් කරන්න නේද.. එතකොට ඉන්න කෙල්ල කවුද කියලා අහන්න මගේ කටට දෙතුන් වතාවක් හිතුනත්. මම සද්ද වහලා අහගෙන හිටියා.
ඒ තරුණ අයගේ ආදරේනේ.. අපි කතා කලොත් මැදි වයසේ පරිනත අයගේ ආදරේ ගැන. මෙතන මැදි වසය කිව්වේ අවුරුදු 30 පැන්න අය කියමුකෝ... ;)
( හරි හරි ඉතින් 30 පැනන් අපේ සෙට් එකේ අයට මට ගන්න පොලු හොයන්න එපා ;) මම කියන්නේ විවාහක ගැහැණු ගැන :D)
මම වැඩිවෙලාවක් ඉන්නේ කම්පියුටර් එක හෝ පොතක් පතක් එක්ක නිසා මට වැඩිය මිනිස්සුන් ආශ්‍රය කරන්න අවස්ථාවක් නෑ.. මම ඉස්සර දැනන් උන්නේ ගෙදර අය සහ ඉස්කෝලේ අය විතරයි. ඊට පස්සේ වැඩ කරන තැන අය .. මුල රැකියාවේදී හැමමෝම සම වයසේ... ඊට පස්සේ රැකියාවේ හමෝම මට වඩා ටිකක් වැඩිමහලු අය එයාලා මට කිව්වේත් චූටි කියලානේ. ඊට පස්සේ ඉතින් සයිබරේ උදවිය තමා.. වර්චුවල් මිතුරන්.
ඔය කියන කැටගරිය ඇරෙන්න මට ඇසුරු කරන්න ලැබුණු අය බොහෝම සුළු පිරිසක්. ඒ අය මම ලිස්ට් කරන්නම්.
- අපේ ගෙදර කුලියට හිටිය ශ්‍යාමලී ටීචර්
- මම දෙවැනියට වැඩ කරපු තැන මැනේජර් අක්කා.
- එතනම හිටිය කස්ටමර් කෝඩීනේටර් අක්කා
- බොඩිමේ කරුණා ආන්ටි
- ෂගානා. (නිමක් නැති කතාවේ ෂහීනා)
- බොඩිමේ මානෙල් ආන්ටි.
- බොඩිමේ මෝහනා අක්කා
- ඉස්කෝලේ ටීචර් කෙනක්.
මේ ඇරෙන්න ගැඹුරින් අධ්‍යයනය කරපු කාන්තා චරිතයක් නැති තරම්.. (අම්මා, අත්තම්මා , පුංචි සහ නැන්දා කියන චරිත මට හැමදාම සුදුයි හොඳයි. මම කතා කරන්නේ මගේ ජීවිතේට පිටින් ලන් වුනු චරිත ගැන)
අර මම උඩින් කියපු අට දෙනා අට විදියක්. ඒත් එයාලාගේ ජීවිත වල තිබුනු වේදනාත්මක පැත්ත හරි වෙනස්.
- ශ්‍යාමලී අක්කා
එයා ගුරුවරියක්, එයාලා අපේ ගෙදර හිටියේ අවසන් සටන කාලේ. එයාගේ මහත්තයා ඒ වෙද්දි ආර්මි එකේ කැප්ටන් කෙනෙක්.
එයා ඉස්කෝලේ යන කාලේ ආදරේ කරපු කෙනක් හිටියා. අපි කියමු එයා මහතුන්කියලා. ඒ කෙනා බැඳලා ළමයි දෙන්නෙක් ඉන්නවා. ශ්‍යාමලී අක්කට දුවෙක් ඉන්නවා. ඒත් ශ්‍යාමලී අක්කටයි ඒ මහතුන් කියන කෙනාටයි ෆෝන් එකෙන් කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඒ ඇරෙන්න එයාට එන ගොඩක් දුරකතන ඇමතුම් ගුප්තයි. මම දන්නවා ඒ කතා කරන්නේ එයාගේ මහත්තයා මංජුල අයියා නෙවි කියලා. මගේ කාමරේ ජනේලේ ඇරියොත් එයා දුරකතන සංවාද වලදි කියන ගොඩක් දේවල් මට ඇහෙනවා. ඔක අපේ අම්මා දන්න නිසා අප්පච්චීට කියලා ඔය කාලේ මගේ කාමරේ ජනේල් වලට ඇන ගැහුවා.
මංජුල අයියා උනත් හොඳ කෙනක් නෙවයි. එයාට යන යන තැන ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ලා. සතියෙන් සතියට අළුත් සිම් මාරු කරනවා. මේ දෙන්නා දන්නවා දෙන්නා කරන දේවල්. ඒ නිසා හැම වෙලාවේම රණ්ඩු.. මම ජීවිතේට අහලා නැති කුනුහරුප වලින් බැන ගන්නවා මහ රෑ මැද. ඔන්න ඔය හේතුව නිසාම අපේ අප්පචිචිට ඒ දෙන්නට නියමිත කාලෙට කලින් ගේ බාර දීලා යන්න කියන්න උනා.
- මැනේජර් අක්කා
සමාජේ ගැන බොහෝම අපූරු දැනුමක් තියෙන කෙනක්. විවාහකයි, ලසස්න හුරතල් පුතෙක් ඉන්නවා. ඒත් වොලවකට ගුප්තයි. එයා ඒ තරම් ලස්සන නැහැ. ඒත් හස්බන්ඩ් ගොඩක් ලස්සනයි. එයාට හැමවෙලාවේම හස්බන්ඩ්ව සැකයි. ෆෝන් එක කාර් එක හැම වෙලාවේම චෙක් කරනවා.
ඒත් අනිත් පැත්තෙන් එයා කරන්නේ හොඳ දෙයක් නෙවෙයි. හස්බන්ඩ්ගේම යාළුවෙක් එක්ක අනියම් සබඳකමක්. එයාට එයාගේ කතාව මුල ඉඳන් මට කියන්න උනේ. ඊමේල් එක්ක නිසා සිද්ද වුනු ටෙක්නිකල් පටලැවිල්ලකින් බේරෙන්න. ඒ කතාව අහලා මම නිගමනය කලේ. මේ තරම් හොඳින් ජීවත් වෙන්න පුළුවන් කම තියෙද්දි තියෙන කාලකණ්නි කම කියලා.
- කොර්ඩිනේටර් අක්කා.
එයා ගත්තොත් මගේ දැක්මේ හැටියට නරක කෙනක් නෙවෙයි.. ඒත් විඳින්න තියෙන ජීවිතේ නිකරුනේ විඳවන කෙනක්. හස්බන්ඩ් එයාට වඩා වයසින් වැඩියි. ළමයි එක්ක එයා හුදෙකලා වෙලා. හසබන්ඩ් එන්නේ සතියකට සැරයක්.. තනියම ජීවත් වෙන්න වෙලා.
ඔය වගේ ප්‍රශ්ණ තමයි එයාට තියෙන්නේ. එයා බලාන ඉන්නවා කවදාහරි ප්‍රින්ස් චාමින් කෙනෙක් ඇවිත් එයාව අරන් යයි කියලා..
- කරුණා ආන්ටි
කරුනා ආන්ටි විවාහ වෙන්න ආදරේ කරන්න ආසාවෙන් ඉන්න ඇති ඒත් දැන් වයස 55ක්. බෝඩිමේ වැඩකාර කමටම එයාගේ ජීවිතේ ගෙවිලා ගිහින්. ඒත් එයා දිහා මතුපිටින් බලන ඔනිම කෙනක්ට තේරෙනවා එයා හොද කෙනෙක් මුණ ගැහුනොත් දැන් උනත් විවාහ වෙන්න කෙසේවෙතත් අනෙකුත් අවශ්‍යතා පසුර ගන්න සුදානමින් ඉන්නේ කියලා.. ඒකට එයාට වරදක් කියන්න බෑ.. එයා දන්නෑ මේ සමාජේ ගැන එයා කූඩුවක හිරවුනු කුකුල් පැටියෙක් විතරයි.
- ෂගානා.
ෂගානාගේ කතාව මම කියන්නම ඔනිද... ඔයාලා දන්නවා.. බේබදු සැමියෙක් නිසා අදටත් විඳවන කෙනෙක් ෂගානා.
- මානෙල් ආන්ටි
පිරිමි කියන්නේ අමුතු සත්තු ජාතියක් කියන මානසිකත්වයේ ඉන්න කෙනෙක් තමයි මානෙල් ආන්ටි. බෝඩිමේ උඩ කොරිඩෝවෙන් පහලට වත්ත සුද්ද කරන පිරිමියාටවත් එන්න ඉඩ නොදෙන මානෙල් ආන්ටි. ආදරේ කරන මිනිස්සුන්ව දකින්නේ වල් සත්තු ගානට.
- මෝහනා අක්කා
මෝහනා අක්කාගේ ගැනත් ඔයාලා ටික ටික දන්නවා. මායි ෂගානයි මෝහනා ගානේ පීට්සා කාපු කතාව මම දවසක් ඔයාලා එක්ක කිව්වානේ. මෝහනා කියන්නේ නැන්දම්මාගේ ප්‍රශ්ණ නිසා සැමියාව දාලා අව කෙනෙක්.. මෝහනාගේ සැමියා කියන්නේ බිරිඳයි අම්මයි අතරේ කිරි බොන බබෙක්ගේ චරිතේ රඟපාන කෙනෙක්.
- ටීචර්.
මම කල්පනා කරන්නේ ඒ ගැන කියනවාද කියලා.. 1. සහ 2 චරිත වලට ගොඩක්ම සමානයි. එහෙම විතරක් කියන්නම්. වැරදිලා කවුරු හරි ඉස්කෝලේ ළමයෙක් මේක බැලුවොත් විනාසයි. ඒකයි.
මේ වගේ විශම චරිත අතරේ මම යශෝදරා කෙනක් හෙව්වා.. ඒක මහා විහිලුවක් නේද. මට මතකයි මම පුංචි කාලේ අපේ පුංචියි මමයි වත්තේ සෙල්ලම් කරන වෙලාවක කපා දාපු ගහක කොල ගොඩක් අස්සේ එයාගේ කරඹුවක බෝලයක් නැති උනා. එයා අඬ අඬ ඒ කරඹු බොලේ හෙව්වා.. හැමෝම කිව්වේ ඔය විශාල ගහේ කොළගොඩ අස්සේ කරඹු බොලේ හොයන එක විහිලුවක් කියලා..
ඉතින් ඒ වගේම තමයි. ආදරය කියන්නේ කාමයට කියන තවත් සමාන පදයක් කියලා හිතන සමාජයක, රතුපාට ලේ වලින් ආදරේ මිනුම් දඬු හදාගත්ත සමජයක, ගිජු ලිහිණියෝ වගේ මස් වැදලි වලට වහවැටුනු සමාජයක. කෝ සිදුහත්ලා කෝ යශොදරාලා.
ඉස්සර කාලේ රජවරුන්ට අන්ත:පුර තිබුනා. අපේ කාලේ අය හිතන්නේ ඒ රජවරු මහා වලත්තයෝ කියලා. ඒත් සිදුහත් කුමාරයාටත් අන්ත:පුරයක් තිබුනානේ. ලොව්තුරා බුදු බවට පත්වුනු උන්වහන්සේ වැරදි කාම සේවනයේ යෙදිලා නෑ අන්ත: පුර ස්ත්‍රීන් ලඟට ගිහින්.
ඒත් දැන්කාලේ කොල්ලෝ අන්ත:පුර වගේ කෙල්ලෝ තියාන ඉන්නේ ආදරේ නිසාම නෙවෙයිනේ. එක එක අවශ්‍යතා සපුරා ගන්න. සමහර විට ඒ කාමය වෙන්න පුළුළුන් එහෙමත් නැත්නම් ඒ මුදල් අරමුණක් වෙන්න පුළුවන්. ඒ දෙකම නැත්නම් වෙන මොකක් හරි වාසියක් නිසා වෙන්න පුළුවන්.
අදකාලේ සිදුහත් යශෝදරා අදර කතාව ලඟින් යන්න පුළුවන් එකම ආදරකතාවක් නැහැනේ.
මේ ක ගැන මම ඉස්කෝලේ යන කාලෙත් කල්පනා කලා. කෙල්ලෙක් කෙල්ලෙක් දෙන්නාට දෙන්නා දකිනවා. ආදරෙයිද අහනවා. ඔව්නම් ඔව් නෑ නම් නෑ.. එතනින් එහාට මොනවද තියෙන්නේ.. විකාර ලියුම් ලියාවි, SMS, E mail, මුණ ගැසිම්, ෆිල්ම්, ට්‍රිප්... ඔය හැමදේකම අවසානය මට එයා හරියන්නෑ.. එයා මගේ ටයිප් නෙවෙයි කියන එක. නෑ කිව්වොත්.. මොන විදියකින් හරි අර කෙල්ලගෙන් හරි කොල්ලාගෙන් හරි පළිගන්න එක තමයි එකම අරමුණ.
ඊට ටික දවසකට පස්සේ ඒ දේනනා තරම් නයි වෛරක්කාරයෝ දෙන්නෙක් තවත් නෑ.
මේයන ක්‍රෙම්ද ආදරේ කියන්නේ.. නැහැ නේද.. ආදරේ ආත්ම ගානක් විඳින්න ඔනි දෙයක් නේද.. ඒත් ඇයි මිනිස්සු මේ ආදරේ නිසා විඳවන්නේ..
අන්තිමට මට කියන්න තියෙන්නේ
Why this Kolaweri කියලා තමයි !!
A Very good morning to all of you, අද මම ගොඩාක් සන්තෝස වෙනවා සභාපති තුමා වෙනුවෙන් අපේ සමාගමේ ladiesලා එක්ක කතා කරන්න ලැබීම ගැන, ones a year කෙනෙකුට ලැබෙන මේ chance එක මේ පාර ලැබෙන්නේ මට කියලා දැනගත්තහම Oh !! I couldn't believe it, any way.
(ස්ට්‍රෙට් කරපු කොන්ඩේ දිගේ ඇඟිලි ටික යැවීම)
අද මම ඔයාලාව පර්සනලි ඇඩ්‍රස් කරන්න හඳන්නේ අපේ සමාගෙමේ ඉඳිරි දියුණුවට ඔයාලා අතින් වෙන්න පුළුළුන් mistakes කියන මාතෘකාවෙන්.
And You all know my dear ladies, ඔයාලා මම අපි හැමෝම මේ සමාගමේ කකුලෙන් හිටගෙන ඉන්නේ අපේ 64 strategies වලට පින් සිද්ද වෙන්න ඒ නිසා, please give a big hand to our 64 strategies.
(ගහපියව් බොලව් අත්පුඩියක්.. තව ...... විසිල් !! විසිල්!! )
Oh... Thank you….. thank you so much ඇන්ඩි අපි දැන් කතා කරලා බලමු එක එක ස්ට්‍රඅටර්ජීස් ගැන වෙන වෙනම
ඉස්සෙල්ලාම අපි කතා කරමු අපේ දැක්ම ගැන තියෙන ටොපික්ස් ටික ගැන නෙතඟ බැල්ම , ඇස කරකැවීම , ඇස් විටින් විට පියවීම, ඇස් නෙරවා බැලීම, වරින් වර බැලීම, ඇස් අඩක් වසා බැලීම, ඇස් සම්පූර්ණයෙන් විටක වැසීම, ඉවත බලා සිටීම.
ඔහ්!! ඩෑම්.. ඔයාලා ඔය හැම දිවියකටම බලන්න It's ok.. ඒත් I know ඔෆිස් එකේ ඉන්න හැන්ඩ්සම් බෝයිස්ලා දිහා බලුවට ඔයාලා වැඩ පාඩු කරන්නේනෑ කියලා... And another thing එහෙම බැලුවේ නැත්නම් සමහර ජෙන්ට්ලිමන්ලා ගස්සාගෙන යනවා මෙයාලා කිසිම වැඩක් කර ගන්න වෙන්නේ නෑ....
හැබැයි රජෝ.. බොස් දිහා බලන්න එපා... බොස්ගේ වයිෆ් ඔව්වාට ආසම නෑ...
(සිතෙන්: මාත් නෑ)
ඔකේ ladies දැන් අනිත් කැටගරි එක, යමක් සිඹගැනීම, නාසය අකුලුවා ගැනීම, සුසුම් හෙළීම, ඔෆ්කෝස් you have to do these things හුස්ම ගත්තේ නැත්නම් මැරිලා යයිනේ.. අනේනේ ප්ලීස්.. අපේ කම්පනි එකට ඒ තරම සල්ලි නෑ එක පාර ගොඩක් අයගේ ෆියුනරල් වලට වියදම් කරන්න, අනිත් එක.. නෙක්ස්ට් මන්ත් මායි බොසුයි ෆොරින් ටුවර් එක්ක යන්න ඉන්න නිසා ෆන්ඩ්ස් සේව් කරන්න ඔනි..
And next කට කොනින් සිනාසීම, තොල පිට පෙරළා සිනාසීම, කොක් හඬලා හයියෙන් සිනාසීම, තොලින් තොල පටලැවීම, බොරුවට කැස්‌සක් ඇති කරගැනීම, දිව දික්‌කිරීම, දිව සපමින් සිටීම, දිව ඒ මේ අත නැටවීම, කාරා කාරා එය යටපත් කිරීම, රෙද්ද නැවත නැවත ඇඳීම ( ඩ්‍රෙස් එක ඇරේන්ජ් කිරීම සහ මේකප් නැතව නැවත දැමීම ), පැළඳි ආභරණ විටින් විට නැවත නැවත අතගෑම ඔහ්!! මයි ගෝඩ් ( බොස් ;) ) ඇත්තටම මයි ඩියර් ලේඩීස් Do have you time to do these things ?
නෑ මමනම් පිළි ගන්නේ නැහැ.. මම දන්නවා ඔයාලාට ඔව්වා කරනවාට වඩා කරන්න දේවල් ඔනි තරම් තියෙනවාද.. So මම මොඩරන් ටොපික්ස් ටිකකට යන්නම්..
දැන් කල්පනා කරන්න උදේම ඔෆිස් අව ගමන් ඔයාලා කරන්නේ මොනවද කියලා. හස්බන්ඩ් ගෙයි බබාගෙයි මදර් ඉන් ලෝ ගෙයි වැරදි කියනවා එක්කෙනක්.. ඔහ් නෝ....!! අනිත් කෙනා කියන්නේ එයාලාගේ හොඳ...
ඊලඟ දවසේ හොඳ කියපු කෙනා වැරදි කියලා වැරදි කියපු කෙනා හොඳ කියනවා.... Oh !! Shit......... what a F**
Oh !! I apologize, sorry am so sorry, I forgot that I have to be too professional .
(වතුර වීදුරුව පානය කර දෑගිලි වලින් නෙත් පොඩි කරගනිමින් මදක් නිහඬව සිටී)
And next ඔෆිස් එකේ ඉන්න ජෙන්ස්ලාගේ වයිෆිව ක්‍රිටිසයිස් කරන්නත් ඔයාලා ටැලන්ට්ටඩ්නේ, .. අන්න ඒ ටැලන්ට් එක ඔයාලා ගන්න ඔන අපේ කම්පනි එක පැත්තෙන් ඇඩ්වාන්ටේජ් එකකට, If you are smart : try to criticize our competitors, in front of කස්ටමර්ස්,
And always be ජෙලර්සී... හැමෝටම ඒත් not to me ( වෙරෝනිකා දෙසට දෑස් සහ දඹරැඟිල්ල දිගුකොට) මම දන්නවා ඔයාලා මටත් ජෙලස් කියලා.. Who cares…. (සමව්වල් සිනාවක් මුවට නඟා ගනිමින්) මම තවත් දන්නවා මට ජෙලස් වෙන්නේ coz am too smart (සෙකට්‍රි නිල ඇඳුමේ කොලරය අතින් සකසමින්) ,
ඇන්ඩ් ඔල් සෝ... ඔයාලා මට ජෙලස් වෙන්න වෙන්න මම ප්‍රවුඩ් වෙනවා. සෝ ප්ලීස් ස්ටොප් දැට්.
ඇන්ඩ් මිසිස් ග්ලැරීඩා. දිස් ඉස් පර්සනල් බට් අයි හැවු ටු සේ..
මම ප්‍රෙජෙක්ට් ABC එකෙන් අයින් උනේ මට එතන ඉන්න ඔනි නැති නිසා.. අයි ටෝල්ඩ් බොස් , දැට් අයි කාන්ට්. ඔයා ඒකට පස්සේ ඔළුව දාගත්තාට හිතන්න එපා ඔයා ලොකු වැඩක් කලා කියලා.. මට පේන්න උඩ පැන්නාට මම දන්නවා you can’t act like me. Coz am smarter than you.
ඒ නැතත් ඔයා හිතනවාද මිස්ටර් පෝල් එක්ක වැඩ කරන්න ලැබීම ඩිස්නි කැරැක්ටර් එක්ක ලැබුනු වැඩක් කියලා. No my dear, මිස්ටර් පෝල් ස්මාර්ට්නම්. මේ මිස් සෙකට්‍රි කවදාවත් එයාව රිජෙක්ට් කරන්නෑ.
අනික මිස් වෙරෝනිකා. I have enough work other than searching gossips about you .. Nothing to search since you are acting publicly, And for me you a just a water balloon, with just one pinch you will blast. සෝ ප්ලීස් ඔයා ගැන මම බොස්ට කේලාමි කියනවා කියලා තැන තැන කියන එක නතර කරන්න.
(ආඩම්බරයෙන් කාන්තාවන් දෙස බලමින්: කාන්තාවන් කටවල් ඇරගෙන සෙකට්‍රි නංගි දෙස බලමින්)
මද නිහැඬයාවක්
Oh my dear ladies….. ( අවිහංසක කෝමල සිනාවක් මුවට නගා ගනිමින්)
ප්ලීස් ඔයාලාගේ ටැලන්ට් සේරම අපේ කම්පනි එකේ දියුණුවටම යූස් කරන්න. මම ගොඩක් කතා කරන්න යන්නේ නැහැ.. මට බොස් එක අපොයින්මන්ට් එක්ක තියෙනවා.. මාව අහගෙන හිටියාට ස්තූතියි!! THANK YOU SO MUCH
Wish you a happy Ladies day 2012 !!
(ඔපිස් කාමරය පිරෙන්නට මහා අත්පොලසන්නාදයක් සමඟ විසිල් හඬ!!)
ප:ලී
තොප්පි කියා දෙයක් නැත!! සියලු කාන්තාවන් තමා ගැන සිතා සිටිනා තරමටම ඔවුන් පරිපුර්ණ නොවන්නේය. ඔබ යහපත් පර්පුර්ණ ගැහැනියක්නම් ඉහත විවේචනයට ලක්කල දුර්ගුනයන්ගෙන් මිදිය යුත්තේ වන්නෝය..
සැමට සුබ කාන්තා දිනයක් වේවා
ප: ප: ලී
අයියෝ.. මීට වඩා ලියන්න තිවුනා.. හය වෙලා නොදෑනිම :(

කාර්‍යබහුල දවසක්.. ඒ වගේම හිත සැනසුන, හිත රිදුන දවසක්.. හිත සැනසුනේ පොඩි උන්ගේ දඟකාරකම් නිසා.. හිත රිදුනේ අද ක්ලාස් එකේ දවසේ බයිට් එක මම වීම නිසා.. හොම් වර්ක් නොකර අන්තිම මොහෝතේ ලියපු අකුරු ඇක්සිඩන්ට් වෙලා කියලා සර් පටන් ගත්ත නෝන්ඩි කිරිල්ල ඉවර වුනේ ඊලග සතියට ගෙදර වැඩ දේදදී කවීට අන්තිම මොහෝතේ ඇක්සිඩන්ට් වෙච්චි අකුරු වලින් ලියන්න ප්‍රශ්ණයක් දෙන්න ඔනි කියලා...
කොයින්දෝ ආව සැහැල්ලුවක් හිතට දැනුනේ සනීපෙට.. හැමදාම පන්තියේ හොඳම ළමයා නොවී දවසක් හරි නරකම ළමයා වීමත් එක අතකට හොඳයි... ඒත් අවිවේකි බව ශරීර ශක්තිය හීන කරලා, ගෙදරට ගොඩ උනේ මහන්සිය පිටින්ම වෙලාට පහයි හතලිස් පහයි.. ඇදුම් මාරු කර ගන්න හිතාන ඇඳ උඩින් ඉඳගත්තා විතරයි මතක,, අත්තාම්මා ඇවිත් සුදූ නැගිටින්න නැගිටින්න.. මෙන්න ඔයා බලන්න යාළුවෝ ඇවිත් කියද්දී.. මම උඩ විසි වෙලා ඇහැරුනේ.. ඇස් ඇරලා විනාඩියක් දෙකක් කල්පනා කරද්දියි මතක් උනේ මම පන්ති ඇරිලා ආව ගමන් තාම උදේට ඉස්කෝලේට ඇඳපු සාරිය පිටින් නේද කියලා,
නිදි මතේම සාලෙට යද්දි සැටිය උඩ කෙල්ලෙකුයි කොල්ලෙකුයි.. ගිය අවුරුද්දට එපිට අවුරුද්දේ ඔලෙවල් කරපු මේ කොල්ලා බැඳලාවත්ද... ක්ෂණිකව හිතට ආවේ එමෙ දෙයක්.. ඒත් කෙල්ල දිහා හොඳින් බලද්දියි මතක් උනේ මීට අවුරුදු ගානකට කලින් කාටත් නොකියා ගමෙන් ගිය පොඩි කෙල්ල කියලා...
මම දන්නවා ඔයාලාට කිසි දෙයක් පැහැදිලි නැහැ කියලා... ඉන්න මම පැහැදිලි කරන්නම්..
මට ඉස්සර පෙරපාසැල් යන්න නැගිටින්නේ හතහමාරත් පහුවෙලා.. මට මතකයි මගේ රෝසපාට බේබි කප් එකට අපේ පුංචි හදලා තියෙන කිරි එක.. එක හුස්මට ඒක බීලා පොරපාසලට දුවන්නේ අඬ අඬා...
දවල්වෙනකල් ඉගෙන ගෙන දොළහා කිට්ටුව පුංචි මාව එක්කරන් යන්න එන්නේ තවත් කෙනෙක් එක්ක.. ඒ තමයි සමන්ති, අපේ අල්ලපු වත්තේ ඉන්න දුප්පත් ගෑණු ළමයා.. පුංචිනම් කියන්නේ එයා මට වැඩිමහල් කියලා.. ඒත් මල්ලිටයි මටයි දෙන්නාටම සමන්ති මල්ලී කෙනෙක්.. අපේ සෙල්ලම් වල අතිරේක චරිත සේරම කරන්න උනේ සමන්තිට.. මට මොන්ටිසෝරියට ගේන්න කියන දේවල් ලෑස්ති කලේ සමන්ති.. හවසට අපේ ගෙදර ඇවිත් වත්ත පුරා ඇවිදලා ඉඟුරු මල්.. රෑකුමාරි මල් වල සුදුපාට ගෙඩි, අන්දර ගෙඩි , අන්නදර මල්... ඔය වගේ දේවල් හොයන්න වත්ත පුරා මා එක්ක යන්න ආවේ සමන්ති..
හොරා පොලිස් සෙල්ලම කරද්දි හැමදාම හොරා උනෙත් සමන්ති... අල්ලන සෙල්ලම කරද්දි අපිව අල්ලන්න උනෙත් එයාටමයි.. ඒ දේවල් වලින් එයා සතුටු උනා.. මම මොන්ටිසොරියේ ඉගෙන ගන්න දේවල් හවසට සමන්ති මගෙන් අහ ගත්තා.. ඒත් වැරදිලාවත් සමන්ති අපේ ගෙදර ඉන්න බව එයාගේ අම්මාට ආරංචි උනොත් අපේ පුංචිට හොඳ වචන වලින් බැනගෙන සමන්තිගේ අම්මා එනවා.. සමන්තිගේ අම්මා කැමති උනේ නැහැ සමන්ති ඉගෙන ගන්නවාට. ඒ නිසා සමන්තිට ඉස්කෝලේ යන්න බැරි උනා.. ඒකයි එයා හවසට ආවේ මට උදව් කරන්න..
සමන්තිගේ අම්මා විමලාවතී. හොඳින් ඉගෙන ගෙන ගුරුපත්වීමක් ලබන්න තරම් වාසනාවන්ත වුනු කෙනක්.. ඒත් දුප්පත් කම නිසාම එයාලාට ඒ කාලේ ජීවත් වෙන්න වෙලා තියෙන්නේ ගමේ ලොකු මිනිස්සුන්ගේ යටතේ.. ඒ නිසාම සමන්තිගේ අම්මාට ඉස්කෝලේ හාමිනේ කෙනක් වෙන්න බැරි වෙලා.. එයාගේ පත්වීම ගියේ ගමේම ලොකු පවුලක විමලරත්න කෙනෙක්ට. අවසානයේ සිද්දවුනේ සමන්තිගේ අම්මාට පිස්සු හැඳුන එක. සමන්තිගේ අම්මා හිටියේ එයාගේ අයියා ගාව.. පිස්සු නංගිගෙන් නිදහස් වෙන්න ගමේම හිටිය අමන මෝඩම මනුස්සයෙක්ට කසාද බන්දලා දීලා ඒ අය ගමෙන් ගියා..
සමන්තිට එයාට වැඩිමහල් අයියා කෙනක් හිටියා තව මල්ලි කෙනෙකුත් හිටියා ඒ වෙද්දී එයාගේ අම්මා තවත් ළමයෙක් ලැබෙන්න හිටියේ.. සමන්ති මගෙන් ඉල්ලගෙන යන ගිය පොත් පෑන් පැන්සල් සේරම අම්මාට පිස්සුව වැඩි අනාම අපේ කඩුල්ල ලඟට ගෙනත් දාලා යනවා.. සමන්ති ආයිත් ඇවිත් ඒවා අරන් ගිහින් හංගලා තියා ගන්නවා..
අම්මාගේ උමතු බවයි තාත්තාගේ මෝඩ කමයි හේතු වෙන්න ඇති, සමන්තිලා පවුල එන්න එන්න ලොකු උනා. අයියා, සමන්ති, ලොකු මල්ලී, ලොකු නංගි, මල්ලී සහ නංගි විදියට පවුලේ ළමයි හය දෙනෙක් වෙද්දි. පවුල බර වැඩි උනා.. කෑම බෑම අතිනුත් ගොඩක් අමාරු උනා.. සමහර දාට එයාලා මිරිස් වතුරෙන් දිය කරලා බත් කාපු දවස් තිබුනා.. අම්මා පිස්සුවෙන් බනින නිසා එයාලා අපේ ගෙදරින් උනත් කෑම කන්න බය උනා. ඔයා කාලේ සමන්තිගේ ලොකු අම්මා කෙනෙක් ඇවිත් අයියාවයි සමන්තිවයි ලොකු නංගිවයි ගමෙන් අරන් ගියා.. ගමේ ඉතිරි උනේ සමන්තිගේ මල්ලීලා දෙන්නායි නංගියි විතරයි.
එයාලා ඉගෙන ගත්තේ පොලොන්නරුවේ ඉස්කොලෙක.. අයියා ඉගෙන ගෙන කොළඹ ආවා.. මම ඒ ලෙවල් කරන කාලේ දවසක සමන්ති ආවා අපේ ගෙදර අහම්බෙන්.. එයා වෙනස් වෙලා.. අඳුන ගන්න බැහැ.. ඒ එයා කසාද බැන්දා කියලා අපේ ගදෙර අයිට කියලා යන්න.. ඔලෙවල් වලින් පස්සේ එයා විවාහ වෙලා. ගමට ආව ගමන් එයා දුවගෙන ආවේ මාව බලන්න. එදත් මම සමන්ති වෙනුවෙන් දුක් උනා.. මම දන්නවා එයා මට වඩා ඉගෙන ගන්න් දක්ෂයි...
සමන්තිගේ මහත්තයායි සමන්තියි ගමේ ඉන්න නංගිටයි මල්ලිලාටයි ඉගෙනගන්න උදව් කලා.. ලොකු මල්ලි ඔලෙවල් හොඳින් පාස් උනා.. ඔය අතරේ සමන්ති කාටත් නොකියාම එයාලාගේ නංගිව ගමෙන් අරන් ගිහින් තිබුනා.. ඒකට හේතුව අම්මාගේ උමතු ගතිය වැඩිවීම.. එ වගේ කෙනෙක් එක්ක ගෑණු ළමයෙක් තියන්න අමාරුයි.. සමන්තිගේ නංගිට අපි කියන්නේ බට්ටි කියලා.. හරිම හුරු බුහුටි කෙල්ල.. ඒ පවුලේ ඉන්න ලස්සනම ළමයා. එයාව ගමෙන් ගෙනියන්න ඒකත් හේතුවක්.. අම්මාට පිස්සුනම්, තාත්තා මොඩයෙක්නම් දුවකට හවුහරණක් නෑ කියන දේ සමන්ති තේරුම් ගන්න ඇති.
අපේ අම්මා බට්ටිට හරි ආදරෙයි.. සීතල දවසට රෑට ගිනි තපින්න පොල්කටු ගෙනියන්න හැමදාම බට්ටි එනවා.. එයාලා ඉන්නේ පොඩි කාමර දෙකක බිමට ගොමගාලා බිත්ති මැටි ගහලා වහල ටකරන් වහලා.. ඒක දැක්කහම ඇත්තටම දුකයි.. අපේ දිහා ඒ වගේ ගෙදරක රෑ ගෙවන එක ලේසි දෙයක් නෙවෙයි..
මට අඳින්න බැරි ඇඳුම් සේරම අම්මා දෙන්නේ බට්ටීට, එයාට ඒවා ලොකුයි ඒත් එයා ඒවා ඇඳගෙන ඇවිත් අම්මාට පෙන්වනවා.. ඒක අම්මාට ලොකු සතුටක්..
බට්ටි ගමෙන් ගියා කියලා අපේ අම්මා උන්නේ හරිම දුකෙන්, මටත් පාළුවක් දැනුනා තමයි ඒත් කාලයත් එක්ක බට්ටි අපිට මතකයක් විතරයි.
බට්ටිගේ අයියලා දෙන්නාගේන් ගමේ හිටිය ලොකු අයියා ඒ ලෙවල් විභාගෙත් හොඳට පාස් උනා. පොඩි අයියා ඔලෙවල් වලින් පස්සේ මැලිබන් එකේ වැඩට ගියා.. මම හිතන්නේ රත්මලානේ වෙන්න ඔනි. ලොකු මල්ලී සුසන්ත හොඳින් ඉගෙන ගත්තත් එයාට කරන්න උනේ ගමේ කුලී වැඩ.. ඒ ළමයාට රස්සාවක් හොයන්න මම නොගත් උත්සහයක් නෑ.. ඒත් ඒ ළමයා කිව්වේ අක්කා මට කොන්ක්‍රීට් අනලා ගෙදර වියදම හෙයන්න පුළුවන් හොඳ රස්සාවක් කරනවාට වඩා කියලා.. කොල්ලා ඒ වැඩ කරන ගමන්ම බාහිර උපාධියත් පටන් ගත්තා.
පොඩි එක්කෙනා නිතර ගමට ආවාම අපේ ගෙදරට අනිවාර්‍යෙයන් ඇවිත් අම්මා හදන තේ එක්ක බීලා ගියා. ඉඳලා හිටලා ඒ දෙන්නාගෙන් එක්කෙනක් සමන්තිලා දිහා යනවානම් අපේ අම්මාට කියලා මොනවා හරි කැවිල්ලක් හදාගෙන ගියා.
ඉතින් අද මාව බලන්න ඇවිත් හිටියේ බට්ටියි බට්ටිගේ පොඩි අයියායි.
බට්ටි මේ සැරේ ඔලෙවල් ලියලා.. දැන් කෙල්ල හිටියාට වඩා ලස්සනයි, බට්ටිව සමන්තිට කරදරයක් කරන්න බැහැ කියලා පොඩි කොල්ලා රස්සාවෙන් අයින් වෙලා ගමට ඇවිත්. කොළඹ වැඩ කරන කාලේ ජංගම දුරකතන අළුත්වැඩියා කරන්න ඉගෙන ගෙන , සල්ලි පුළුවන් තරම් ඉතිරි කරගෙන, දැන් ගමේ පොඩියට කමියුනිකේෂන් එකක් පටන් ගන්න යන්නේ . දෙන්නා ගමට ඇවිත් තියෙන්නේ ඊයේ හවස.. මම බස් එකෙන් බහැලා එනවා දැකලා තමයි ඇවිත් තියෙන්නේ,
ඇත්තටම මට දැනුනේ පුදුම සතුටක් හැමදෙටම වඩා පොඩි එකාගේ හිතේ හයිය..නංගියෙක් වෙනුවෙන් පොඩි වයසක ඉන්න අයියා කෙනෙක්ට උනත් කොයිතරම් ලොකු වගකීමක් දැනෙනවා .
දෙන්නා ගොඩක් දේවල් කතා කලා.. අළුත් බිස්නස් එක ගැන අම්මාව දොස්තර කෙන්ට පෙන්වන එක ගැන, ඒ අතර වැදගත්ම දේ උනේ. නංගිව පරෙස්සම් කරන එක ගැන...
අයියලා දෙන්නා නංගිට පන වගේ ආදරෙයි.. බට්ටි මේ ලොකේ ඉන්න වැසනාවන්තම නංගියෙක්.. ඒ සහෝදර කම දිහා බලලා හිත හදාගෙන මම මගේ ගැන හිතලා ආයි පුංචියට හිත රිදෝගත්තා.. පවුලක ලොකු ළමයා වෙලා.. වගකීම් ගොඩක් එක්ක හිර වෙනවට වඩා නංගියෙක් උනානම් අයියා කෙනක් ඉන්න.. අද මාත් සැහැල්ලුවෙන් ජීවත් වෙන කෙනක් නේද කියලා..
එව්ඩඩ් !! .... එඩ්වඩ් ෆයර්ෆැක්ස් රොචෙස්ටර්, මීදුම් අතරින් ඇවිත් අසුපිටින් ඇවිත් මා ඉදිරියේ ඇද වැටුණු ඔබ, මද අඳුරේ නඟරය දෙසට යමින් හිටපු මාව පේත්තුකාර බැල්මකින් රිදවලා ආඩම්බරකාර කතා කියපු ඔබ,
මම බලාපොරොත්තු වුනු මාන්නක්කාර නිවැසිප්‍රධානියා එලෙසින්ම මවා පෙන්නපු රදළ කුලයේ මාන්නක්කාර ඉඩම් හිමියා එඩ්ඩඩ්!! කහපාටින් දැල්වෙන් ගිනිඋදුනට මුහුණ ලා මට පිටුපා හිටිය ඔබ. දුඹුරුපාට ගුප්ත ඇස් වලින් කෙලින් මාදිහා බලාන මා තේරුම් ගන්න උත්සහ කලා ඒත් මම ඔබේ දුඹුරු ඇස් ඉස්සරහා බිය උනේ නැහැ. පුංචි ප්‍රංශ කෙල්ලට උගන්වන්න ඔබේ නිවසට ආපු ගුරුවරිය මම, ඔබේ මාන්නක්කාර කතා ඉස්සරහා සෘජු ඇස්වලින් ඔබ දිහා බලා උන්නු තරුණ අනාථ ගුරුවරිය මම ,
ගුප්ත අඳුරු නිවස පුරාවට ඔබ ඉන්නවා බවට සලකූණු පෙන්වමින් දහවල ගත කරන ඔබ අඳුරු රාත්‍රියේ ගිනි උඳුන අසල මත පැන් වීදුරුව සමඟ ජීවිතේ දුක සැප කතා කරන ඔබ. මත් මතින් දොඩමලුව තමා කඩවසම්දැයි මගෙන් ඇසුව ඔබ.. එඩ්වඩ්!!
ජීවිතේ කිසිම දිනක ඔබවන් ස්වාමියෙක් නොපතපු මාව ඔබේ මනාලිය වන තැනට අසරණ කරන්න කොයි තරම් නම් මායම් කලාද මගේ තරුණ හිත ගාව.
රදළ යුවතියන් සමඟ රඟමින්. ඔවුන් ඉදිරියේ මා සමච්චල් කරමින්. ආඩම්බර කාර ඇස්වලින් මාගේ හිත අසරණ කරපු ඔබ..
එක හීතල හැන්දෑවක පොඳ වැස්සේ තෙමෙන් ගමන් මගේ ආදෙර් ඉල්ලපු එඩ්වඩ්, සුදුපාට මඟුල් ඇඳුමෙන් සැරසුනු මාව මනාලිය කර ගන්න හීන දැකපු එඩ්වඩ්!!
ඒ ආඩම්බරකාර දුඹුරු පාට ඇස් දෙකේ දිස්නය අහිමි වෙලත් මගේ උණුසුමින් මාව අඳුන ගන්න පුළුවන් තරමට මගේ හුස්ම පොදට ආදරේ කරපු ආඩම්බරකාර එඩ්වඩ්!!
මම ඔබේ ආදර ජේන්.
එඩ්වඩ්!! .......යෝර්කී රාජකීය පෙළපතේ ඔටුන්න හිමි 4වැනි එඩ්වඩ් රජු. රාජකීය පැලැන්තියේ සිරිත් විරිත් පාගගෙන ශ්‍රීමත් ජෝන් නයිට් වරයාගේ බිරිඳව අගමෙහෙසිය කරගත්... රාජකීය අනංගයා. එළිසබෙත් වුඩ්විල් රැජිනට රහසින් මගේ සෙනෙහස හොයාගෙන ආපු ආදරණිය පෙම්වතා..
ආදරණිය එඩ්වඩ්!! වංශවත් ඉංග්‍රීසි නයිට් වරුන්, සාමි වරුන්, මගේ ආදරේ පතාගෙන මගේ රෑපයට වශීවිගෙන මගේ අත පතදද්දි ලන්ඩනයේ උදවිය මට කිව්වේ ලන්ඩනයේ රෝස කුසුම කියලා.
විවාහය ආදරය මායිම් නොකරපු මම විවාහ උනේ වසර පහලොවක් වැඩිමහළු විලියම් සමඟ.. මගේ මනමාලයා ඔහු රන් කරුවෙක්, ඒත් මගේ විවාහය ලන්සුවට තිබ්බේ ඔබේ ප්‍රංශ සංචාරය නිමවීමත් සමඟ එඩ්වඩ්, මම ඔයාට ආදරේ කලා වශි උනා.
මතකද ඔබ මා ගැන කල හැඳින්වීම.
"ඇසුරේදී මන බඳින ඔනෑමදෙයකට ඉක්මනින් බුද්ධිමත් පිළිතුරක් දීමට ඉවක් ඇති ගැහැණිය, ...... එසේම... ප්‍රීතිමත්ම , බුද්ධිමත්ම.. ජූජනීයම පෙම්වතිය..... "
මට එහෙම ආදරේ කරපු ඔබ අවසන් හුස්ම හෙලුවේ මගේ ජීවිතේ අදුරක තනි කරලා බව ඇත්ත... ඔවුන් මට වෛර කලා.. ඔබේ පුතා ජූනියර් එඩ්වඩ් අවුරුදු පහක පොඩි එකා.. ඔබේ බිරිඳ එළිසබෙත් වුඩ්විල්..
ඔවුන් මාව සිරගත කලා.. ප්‍රසිද්ධ වෛශ්‍යාවකට මෙන් දඩුවම් කලා.. ඉරිදාවක ගල් බොරළු සහිත මාවතක සැහැල්ලු කබායක් සහ යට ගවොමක් සමණක් හැඳ ඉටිපිහනක් අතැතිව යන්න නියම කලා.. ඒ එඩ්වඩ් මම ඔබට ආදරේ කරපු පාපයට... ඒත් මම ලන්ඩනයේ රෝස කුසුම විදියට ඒ දඩුවම ආත්මාභිමානයෙන් විඳදරා ගත්තා ඒ ඔබේ ආදරේ නාමයෙන්.. !!
මම ඔබේ ජේන් ෂෝ.
ප:ලි
මගේ හිතට වැදුනු නම් දෙකක් ඒ එඩ්වඩ් සහ ජේන්..
ඒ අය මට හුමුවුනු ආකාර දෙකක්.. මොහොතට ජේන් වෙන්න උත්සහ කලා පමණයි :)

දැඩි සීතලෙන් දෙපා හිරි වැටෙද්දි කේතකී පොරෝණය තුලට තව තවත් ගුලි වුවාය. පාන්දරම හන්තාන නිම්නය වැසි දෙව්දුවට යටත් වි ඇත. සති අන්තය පටන් ගත් බැවින් කේතකී පෙර දින රැයේ නිදි යහනට වැටුනේ සෑම සිකුරාදාවකම සිතට දැනෙන අපුරුතම සැහැල්ලු බවත් සමහිනි. රැය ගෙවී යනවා ඇයට නොදැනෙන්නට ඇත්තේ නින්ද සුවපහසු වු නිසාම විය හැක.
හන්තාන නිම්නයට වැසි වැටෙන පාන්දර යාමයේ සුන්දරත්වය වචනයෙන් කියනවාට වඩා විඳය යුත්තකි. මීදුම් තිරයෙන් වැසී ගිය හන්තාන කන්දත් හැල්මේ ගලායන මහවැලියත් සිප හමා එන සීතල සුළං කැරලි ජනෙල් වීදුරුව මෙපිට සිට කේතකීට සුන්දර හිරිහැරයක් කරයි.
මෙවන් වැහිබර පාන්දර යාමයක දැනෙන දැඩි නිදිබරබව කේතකී කවදත් ලෝබකමින් වැලඳගත්තකි. පොරෝනය තුල සිටි බූල් වලස් පැටියා ලයට තුරුළු කරගත් ඇය දෑස් පියා යලි නිදන්නට වුවාය. පසුබිමින් ඇසෙන වැසි බිදිති වල ගීතවත් නාදය සහ වැහි සීතල විසින් නින්දත් නොනින්දත් අතර වු සුන්දර මිටියාවතක කේතකීව අතරමන් කොට තිබුනි.
ඒ මිහිරියාව විසින් තද නින්දකට ඇද දමනු ලැබූ කේතකී අවදි වුයේ උදෑසන නවයත් පසුවු පසුය. ලාහිරු රැස් වියැකී සැඩ හිරු රැස් කෙමෙන් කාමරයට එබෙද්දී ඇයජනෙල් තිර මෑත් කර ආලෝකය වින්දාය.
“ආ...නේනා හාමු නැගිට්ටද... මම මේ ආවේ පස්ස පැත්තට දෙකක් දීලා ඇහැරවන්න” සකුන්තලා කාමරයට එබෙමින් කීවාය.
“ගුඩ් මෝනිං ලොකු බබා..හ්ම්ම්ම්ම්ම්ම්.. කම්මැලියි අනේ....”දෑත් දෙපසට විහිදා කම්මැලි ස්වරූපයක් මවමින් කේතකී කීවාය.
“කම්මැලි කම යන්නත් එක්ක අන්න ආත්තම්මා කොළ කැඳ හඳනවා ගිහින් උදව්වක් කරන්න.. මම ගේ අතුගානකල්..” කේතකීගේ කාමරය තුලට පැමිනෙමින් සකුත්තලා කීවාය.
“අම්මී ඔය හදන්නේ මගේ කාමරෙත් අතුගාන්නද....” කේතකී කලබලයෙන් ඇසුවාය.
“ඔව්.... ඇයි??”සකුන්තලා පුදුමයෙන් කේතකී දෙස බලා සිටියාය.
“න්....නෑ අනේ... මම පස්සේ අස්කරලා අතුගාන්නම් කියලා උන්නේ.. පොත් රාක්කේ අස් කරන්න ඔනි..”
“අපෝ.. මේ.... ඔයා කම්මැලි කමේ අස් කරනකල් මට ඉන්න බැහැ සුදු.. මම අතුගාගෙන යන්නම් ඔයා පොත් රාක්කේ අස්කරලා ආයිත් අතු ගාන්න.... දැන් ගිහින් මුණ සොදගෙන ඇදුම් මාරුකරලා ඉන්න.. අප්පච්චිගෙන් බැනුම් අහන්නේ නැතිව...”
සකුත්තලා අතුගාමින්ම කියද්දී, කේතකී තුවායත් රැගෙන කාමරයෙන් පිටවුනාය. කුස්සිය හරහා යන අතරතුර, පහත් පුටුවක වාඩිවී කෑඳට කොළ තෝරත අතරම ගුවන් විදුලියේ ධර්ම දේශණයට සවන් දෙමින් සිටි පොඩී නෝනා හා සුපුරුදු ලෙස සුරතල් වුවාය.
“අපෝ.... තාම මූණ සෝදලත් නෑ නේද.. එන්න එපා මාව ඉඹින්න.. යන්න මැණික මට මේ බණ කතාව අහන්න දීලා...” පොඩී නෝනා කේතකීගේ ග්‍රහණයෙන් මිදෙමින් කීවාය.
“ආ... හේමද... එන්න එපා ආයි මගෙන් කිස් ඉල්ලන්න... තලායි මම තලාම තලායි පොඩී එක්ක...” බොරුවට පොඩි නෝනා දෙසට රවමින් කේතකී කුස්සීයේ දොරෙන් ලිඳ දෙසට හැරුනාය.
“යසයි ගෑණු ළමයා මූණ සෝදන්න යන වෙලාව..” මිදුලේ උඳුපියලිය පලස මත සක්මන් කරමින් උන් නන්දන කේතකී දැක කීවේය. බයාදු සිනහවකින් අප්පච්චීට සංග්‍රහ කල ඇය ඉක්මන් ගමනින් ලිඳ වෙත ගියාය.
ලිඳ ලඟ පරිසරයේ සුන්දරත්වය නිසාම නිවාඩු දිනයන්හී මුහුණ සේදීමට කේතකීට වැඩි වෙලාවක් ගතවෙයි.. අනෙකුත් දිනයන්හී රාජකාරියට යෑමේ කලබලය විසින් ඇයට මගහැරෙන වින්දනය සති අන්තයේ ඇය රිසි ලෙස වින්දාය.
-**-
“සුදු පුතේ අද මොකක් හරි විශේෂ වැඩක් දාගෙනද ඉන්නේ...”
කේතකී ආපසු මුහුණ සෝදා පැමිනෙන විට සාලයේ පුටුවක හාන්සී වී පත්තරය බලමින් අන් අප්පච්චී ඇයව ඇමතුවේය
“න්..න්නෑ අප්පච්චී....” සාලට මැද නැවතුනු කේතකී නන්දන දෙසට හැරී කිවාය.
“ආ.. හොඳයි එහෙනම් ඇඳුම් මාරු කරලා , උදේට කාලා එහෙම එන්නකෝ අපි දෙන්නා පොඩි වැඩක් කරන්න... ” තම අතවු පත්තරයට මුහුණ ඔබාගත්වනම නන්දන කීවේය.
පාසැල් ගුරුවරයෙක් වු නන්දන බොහවින්ම නිහඬ පුද්ගලයෙකි. පාසලට නිමවී නිවසට පැමිනෙන වෙලේ පටන් කුමක් හො කාරියක නිරතව සීටිම ඔහුගේ පුරුද්දයි. ඇතැම් දිනෙක දහවල් කාලයේ නිදා ගැනීම හැරෙන්නට මොනයම් හෝ දෙයක් නොකොට නිකරුනේ කාලය ගෙවන්නට ඔහු නොකැමතිය. ඉඳ හිට පොතක් පත්තරයක් බැලුවද, ඔහු වඩාත් ප්‍රිය කලේ වත්තේ පිටියේ වැඩක් හෝ සකුන්තලාගේ කාරියට උදව්වීමටයි. එයින් නිවසේ කෑම පිසීමට ඇවැසි දර පලා සකස් කීරම නන්දන ආශාවෙන් කල කාරියකි.
උදැසත තේ වෙනුවට අත්තම්මා පිළියෙල කල කොළකැඳ කෝප්පය පානය කල කේතකී සැහැල්ලු ඇඳුමක් ලාගෙන සාලයේ සිටි නන්දන සොයා ගියාය..
“හරි අප්පචීචී.... ආවා....” නන්දන අසුන්ගෙන සිටි පුටුවේම අසුන් ගනිමින් කේකතී කීවාය.
“ආ.. ආවද... අපි දෙන්නා අද සාලේ ටිකක් වෙනස් කරමු... හැමදාම එකම විදියට දැකලා එපා වෙලා..” පත්තරය හකුලා දමා පුටුවෙන් නැගිටිමින් නන්දන කීවේ නැවුම් ජවයක්ද සමඟයි. කේතකීද කැමැත්තෙන්ම හිස වනා අප්පච්චී අනුව නැගී සිටියාය. මාස කිහිපයකට වරක් ගේදොර බඩු භාන්ඩ අසුරා ඇති පිළිවෙල වෙනස් කිරීම නන්දන කවදාත් සතුටින් කල දෙයකි. බොහෝවිට කේතකී හෝ කේනුල ඔහුට උදව් කරයි.
අප්පච්චී සමහ එක්වී පැය කිහිපයක් ගතකොට සියලුම ගෘහ භාන්ඩ පිස දමා නැවුම් ලෙස සකසා නිම කල කේතකී තම කිලිටි ඇඳුම් ද රුගෙන නැවතත් ලිඳ කරා ගියාය. දහවල් හිරු රුස් වලින් ලිඳ අවට උණුසුම වැඩි කරද්දී.. දිඹුල් ගස් අතරින් මතුවන නැවුම් දිය දහරින් සැනහුනු කේතකී දිගු වරලසින් ජලය වැස්සෙද්දීම සෝදා නිම කල ඇඳුම් අව්වේ දමා කෑම මේසයට වැඩි වුවාය.
දහවල් අහාරයෙන් පසු සුපුරුදු ලෙස සකුත්තලා නින්දට ගිය අතර නන්දන සමාජ සත්කාරයක් සඳහා නිවසින් පිටව ගියේය. පොඩි නෝනා පැරණි පොතක් බලා තාලයට ජන කවි ගායනා කරද්දී. කේතකී තම පරිඝණකය ඉදිරියට වී ඇය බෙහෙවින් ආශා කල හින්දි චිත්‍රපටයක් නැරඹුවාය.
“ටිං ටොං!! ” කණ අසලින්ම ඇසුණු භාග්‍යගේ හඬට චිත්‍රපටයේ දැහැන් ගතව උන් කේකකී ගැස්සී හැරුණාය.
“අහ්!! මල්ලි බබා.. එකතල්ම දැක්කේ කෑ අනේ....” චිත්‍රපටය ධාවනය වීම තාවකාලිකව නවතා කේතකී භාග්‍ය දෙසට හැරුණාය..
“අක්කී බිසී වගේ...” අසලවු පුටුවෙන් වාඩි වෙමින් භාග්‍ය කතාව ඇරඹුවේය.
“මොන බිසීද මල්ලීයාස්... අම්මා නිදි අප්පච්චී කොයිදෝ ගියා.. මම ඉතින් කම්මැලි කමටත් එක්ක මේක බලන්න ගත්තා...”
“හප්පෝ.. මේක අක්කී දැන් බලන කී වෙනි වතාවද.... මට මතකයි අක්කී මේක මුලින්ම බලලා උඩ පැන පැන හිටියා... ” භාග්‍ය කේතකීට සරදම් කරමින් කීවේය...
“හිහ්... හිහ්!! හී..... දැන් ඒ පිස්සුව නෑ හලෝ... ආයි බලන්න ආස හිතුනා බැලුවා... ” පෙර දිනක තමාම කී කතාවක් සිහිවී කේතකී මහ හඬින් සිනාසෙමින් කීවාය.
“ඒක එහෙමනම් හොඳයි සුදු අක්කියෝ... මම අක්කට ආදරේ නිසා කියන්නේ... ලක්මාල් අයියා අක්කිට හොඳ නෑ... ඊට වඩා ගොඩක් හොඳ කොල්ලෙක් අක්කිට ලැබෙයි.. ඒක මට සීයයට දෙසීයක් විශ්වායසි.. මගේ අක්කී නිකං එයා නිසා හිත රදවා ගන්නවට මම නම් කැමති නැහැ. ..” භාග්‍ය හැඟීම්බර ලෙස කීවේය.
“මාත් කාලයක් විශ්වාස කලා තමයි මල්ලා.. කවදා හරි දවසක ලක්මාල් අයියා ආයිත් එයි කියලා.. එයා තරම් හොඳ කෙනෙක් ආයි මේ ලෝකේ නෑ කියලත් මම විශ්වාස කලා.. ඒත් මම කෝල් කරද්දී කවදාවත් ආන්සර් නොකරපු.. මගේ එකම එක එස් එම් එස් එකකටවත් උත්තර නොදීපු එයාගේ හිත කොයි තරම් ගල් හිතක්ද කියලා මම තේරුම අර ගත්තා... අනික.. ලක්මාල් අයියා කෝච්චියක්නම් මම එක ස්ටේෂන් එක්ක විතරයි මල්ලයෝ... මට එහෙම ටෙම්පරි ස්ටේෂන් එකක් වෙන්න ඹනි නෑ.. මට ඔනි ගමනාන්තයක් වෙන්න... කවදා හරි කවුරු හරි කෙලක් ඒ වී මගේ ගාව ගමනාන්තය හදාගෙන. ඒ දවස එනකලු බලමු....” අමාරුවෙන් සිනාසෙමින් කේතකී කීවාය.
“අන්න.. ඔය ඉන්නේ මගේ අක්කීයා... අන්න ඒ වගේ හිතන්න අක්කීයෝ....ඇත්තම කීවොත් මම චුට්ටක්වත් කැමති නෑ මගේ අක්කී ලක්මාල් අයියා වගේ කෙනක්ගේ වෙනවට..”
“ඔබ බොරු කියන්නේ.. හොර ගෙඩියා.. ඔයානේ එයා එක්ක ට්‍රිප් යන්නේ... කතා කරන්නේ....”
“ඒ ගිහින් පොරව දන්න නිසා තමයි සුදු අක්කියෝ කියන්නේ.. එයා නරක කෙනක් නෙවෙයි.. කොල්ලා හොඳ එකා.. ඒත් මගේ අක්කිට හොඳ නෑ...” අව්‍යාජවත් සහෝදරත්වයක් භාග්‍යෙගේ හඬෙහි විය. කේතකී ඔහු හා ආදරයෙන් සිනාසුනාය.
“ම්ම්ම්ම ඔයා කියන නිසා විශ්වාස කරන්න ඔනිනේ... ඒ නැතත් මගේ දුක සෙල්ලමක් කර ගන්න නිසා මට දැන් ඇත්තටම ලක්මාල්ව පේන්න බැහැ මල්ලා....”
“ඇති.. අක්කියෝ.. ඔය ඇති.... අපි වෙන මොනා හරි කතා කරමු..... මොනවද හවස ප්ලෑන්....” කතාව වෙනතකට ගෙනයමින් භාග්‍ය ඇසුවේය.
“ම්ම්ම්ම්... හ...ව..ස... එහෙමට මුකුත් නෑ... අපි යමුද පන්සල්.... ”
“ආච්චී අම්මවත් එක්කගෙන යමු.. කොහේද යන්නේ... මාළිගවට?..”
“අන්නේ දුරයිනේ මල්ලාස්... අපි ලඟට යමු.....”
“එහෙනම් ගැටඹේ යමු... අක්කි ආසයිනේ.....”
“බෑ.....!!! මම ආස නෑ....!!!! ඔයා දන්නවා නේ ඇයි කියලා..... ”
“ආ.... ඔව් ඔව්.. දැන්ම අමතක කරපු මාතෘකාව ආයි ඹනි නෑ... හරි.. අපි ගැටඹේ යන්නේත් නෑ... අපි යමු හන්දියේ බොධියට.. කොතන ගියත් එකම ආනිසංසේනේ...”
“ම්ම්ම්.... යමු ගිහින් චේන්ජ් කරන්න ඉක්මනට එන්න. මම පොඩීව ලැස්ති කරන් මල් කඩලා රෙඩි වෙන්නම්.. ” නැවුම් සතුටකින් උඩපනිම්න් කේතකී කැහැවාය..
භාග්‍ය පිටවී ගිය පසු , මල්වටියත් දෑතත් දෝවනය කරගත් කේතකී තණකොල ගොල්ල හරහා වත්තේ ඇවිදිමින් මල් කැඩුවාය. හන්තාන නිම්නයේ පිහිටි ඇයගේ නිවස වටා පිහිටි විශාල ඉඩම පුරාවට නොයෙක් වර්ගයේ ගස් වවා තිබුනත් වීහාල ඉඩ ප්‍රමාණයක අරක්ගෙන සිටියේ තණ කොලත් ඒ අතර වැඩුණු ඩැන්ඩිලයන් පඳුරුත්ය. කහ පැහැයෙන් මල්ල පිපී හැඩවෙන ඩැන්ඩිලයන් මල් යායේ ඇවිදින්ට මෙන්ම විවේක වෙලාවන්හීදි ඒ මත වැතීර පොතක් බලන්නටත් කේතකී බොහෝසේ ඇළුම් කලාය.. බුදු පුදට ගෙන නොයන මලක් වුවත් ඩැන්ඩිලයන් මල් පොකුරක්ම කඩා ගත් කේතකී පුංචි ළදැරියක මෙන් දුව පනිමින් වත්තේ මල් පදුරු ගානේ ඇවිද්දාය.
-**-
සවස් වරුවට තවත් සුන්දරත්වයක් එක්කරමින් බාග්‍යත් කේතකීත් දැල්වු කහපැහැති පහන් වැටිය පින්පාටින් බබලන්ට විය. අත්තම්මා විසින් සකස් කල සුවඳ කුඩු බහාලු පැන් කලයත්, හවස් වරුවේ වත්ත පුරා ඇවිදිමින් නෙලාගත් මල් අසුරා සකස් කල මල් වට්ටිත්, සුවඳ වර්ග හතකින් යුත් සුවඳ කුරු වල සුවඳන්. බෝමළුවේ සිලි සිලියත් එක්ව ඇති වු මනරම් බවට වශිවී උන් කේතකී වැලි මළුවේ වාඩිගෙන දෙනෙත් පියා ගත්තාය. දැඩි ලෙස ඇලී ගැලී නොගියද දෙනෙත් පියාගෙන භාවනාවට සමවැදීම සිතට සැනසුම බලා දෙන අපූර්වතම ව්‍යායාමයක් බව කේතකී අත්දෑක්මෙන්ම දැන උන්නාය.. බොමළුවේ සිලි සිලි නඳට කන්දීගෙන බොහෝ වේලාවත් දෙනෙත් පියාගනෙ සිටින්නට කේතකී කවදත් ආශා කලාය.
“අක්කීයෝ..... ඇති නේ.... යමු ගෙදර....” භාග්‍ය කේතකීගේ කණ අසලම සිට රහසින් ඇසුවේය.. කේතකී දෙනෙක් විවර කල බැලුවාය..
“යන්නත් බෑ වගේ...... හිතට පුදම සැහැල්ලුයි...”කේතකී ලෝබ කමින් කීවාය...
“ඒක නම් ඇත්ත අක්කීයෝ....හැමදාම පුළුවන්නම් එන්න හිතෙනවා....” භාග්‍යද වශීවී ගිය හඩකින් කීවේය.
“අපි රේස් එකක් දුවනවා මල්ලා... හති වැටිලා ඇඬලා කියලා අපිවත් දන්නැ.. ඒත් ඒ රේස් එකේ අපි දිව්වේ නැත්නම් අපිට ජීවත් වෙන්නත් බෑ... ඔයා දැකලා තියෙනවද පිට රටවල කුළු හරක් එක්ක මිනිස්සු රේස් දුවනවා.. අපිත් වැටිලා ඉන්නේ අන්න ඒ වගේම රේස් එකකට.. දිව්වේ නැත්නම් අපි ඉවරයි...” කේතකී හැඟුම්බරව කීවාය

“Good morning අයියේ..” කේතකී ගේ ඇමතුම් විලාශයෙන්ම ඇය අවුල් වී ඇති බව බවන්ත හඳුනා ගත්තේය.
“Good morning කේතූ... මොකෝ.. සනීප නැද්ද..” බවන්ත විමසිලිමත් විය.
”ම්... න්නෑ... ඇයි එහෙම ඇහුවේ...” යලිත් සාමාන්‍ය තත්වයට පත්වීමේ ආසර්ථක උත්සහයක යෙදෙමින් කේතකී කිවාය.
“නෑ ළමයෝ.. කට හඬ වෙනස්.. ඒකයි ඇහුවේ..”
“ආ.... මේ ටිකක් හෙම්බිරිස්සාව වගේ.. ඒකයි...” කේතකී බොරුවක් කීවාය.
“හරි ඉතින් එහෙම කිව්ව නිසා පිළිගන්නම්කෝ.. හැබැයි ඉතින් දැන් ටිකකට කලින් මට ගවී ගේ කැබින් එක පැත්තෙන් ආව සද්ද වල හැටියටනම් කේතූට කිසි ලෙඩක් තිබුනේ නැහැ..” බවන්ත සිනා සෙමින් කීවේය..
“අයියා.. හදිස්සියේ කතා කලේ....”
“ආ.. ඒක අමතක උනානේ... මේ.. අර ලක්මාල් ජෙම්ස් ප්‍රෙජෙක්ට් එකේ ඩොකියුමන්ට් මුකුත් ඔයා මෙහෙට එව්වේ නෑ නේද..”
“නැහැ අයියේ.. ඒක අපි මෙහ්මනේ ෆය්නලයිස් කලේ.. සේරම තියෙන්නේ මෙහේ...” මාතෘකාව ලක්මාල්ම වුනු බැවින් කේතකී මැලවුනු හඬින් කීවාය.
“අනේ මන්දා මූට පිස්සුද කියලා.. ඔන්න මෙහෙට ඇවිත් receipt ඉල්ලනවා...”
“ආ.... අර චෙක් එකේ වෙන්න ඇති අපි ඒකට receipt issue කලේ නෑනේ clear වෙනකල්.. ඒක මෙහේ.. Accounts section එකේ තියෙන්නේ.”
“ පොර කොළඹ ආපු ගමන් ආවාලු.. දැන් ඉතින් මොකද කරන්නේ.. ”
“කැමතිනම් ඇවිත් Accounts section එකෙන් ගන්න කියන්න නැත්නම් මම ඔහේට currier කරන්නම් කියන්න”
“අනේ.. නංගි මම පොරට ෆෝන් එක දෙන්න ඔයාම කියනවද....” බවන්ත ඇසුවේ යටි අරමුණක්ද ඇතිවය
“ආයි... ඔය ටික කියන්නත් මම ඔනියෑ.. අයියාම කියන්න..අනික.................................” කියන්නට ගිය දේ නවතා කේතකී මදක් නිහඬව සිටියාය.
“අන්නේ.. Sorry නංගියෝ... ඇත්තටම මට අමතක උනා... ” බවන්ත කේතකී සහ ලක්මාල් අතර සිදුවු සියල්ල තමා දන්නා බව අඟවන්න මෙන් කීවේය.
“අහ්! අවුලක් නෑ..ඔක මොකක්ද අයියේ.... ” කේතකී සැහැල්ලු හඬින් කීවාය.
“ඒක නෙවෙයි අර textile වැඩේ කොහොමද.. ඔයා script එකක් හැදුවද...” බවන්ත කතාවදිග් ගස්සනට සිතා අළුත් මාතෘකාවක් පටන් ගත්තේය.
“Script හදන්න තාම project proposal දුන්නේ නෑනේ...”කේතකී නුවමනාවෙන් කීවාය.
“අයියෝ.. තාම නැද්ද.. බලන්නකෝ ඉතින් ඉන්නකෝ මමවත් ඇවිත් ඒක ඉවරක් කරන්න.. අනුරංගිටත් වැඩ වැඩියිනේ.. එයාට නැති ඒව ඉඳන් බදාගෙන නිසා මුකුත් කියන්නත් බෑ. ”
“ඉතින් අයියේ ඔයාට පුළුවන්නේ ජෙස්මින් එක්ක එකතු වෙලා ඔහේදි කරන්න.. අනික ලේසියිත් නේ දෙපැත්තට යන්න එන්න ඔනෑත් නෑ.. ” කේතකී ගැලවිජ්ජාවක් සෙව්වාය
“ජෙස්මින්නම් හොඳයි තමා ඒත් එයා අපේ section එකේ නෙවෙයි නේ.. හොඳම යාළුවා උනාට මම කැමති නෑ කරදර කරන්න.. ලබන සතිය දිහාට මම එන්නම්කෝ ඔය පැත්තේ.. ඔයයි අනුරංගියි එකක් මට ඒ වැඩේ ලේසියි ” බවන්ත කේතකීට කිසිත් කියන්නට ඉඩ නොතියා කීවේය.
“ම්............ මම තියන්නම් අයියේ.. වැඩ ගොඩයි.........” බවන්ත අළුත් මාතෘකවක් පටන් ගන්නට මත්නේ කේතකී කීවාය
“හ්ම්ම්ම්ම් හ්ම්ම්ම්ම් හොඳයි හොඳයි.... සුබ දවසක් එහෙනම්..”
“ඔයාටත්.....” එසේ කියා කේතකී වහා ඇමතුම විසංදි කලාය
ගවේශා සමඟ කතා කොට මේසය මත තෑබු රිසිවරය යලිත් දුරකතනය මතම තබා කේතකී ලිපි ගොනුව වෙතට මුහුන යොමු කලාය. බොඳවුනු අකුරු පේලි ඇරෙන්නට කිසිටක් අගේ මනසේ නොවිනි. එක්වරම ලක්මාල්ගේ කටහඬ අසන්නට සිතුනේ මන්දැයි ඇය කල්පනා කලාය.. අනවශ්‍ය දෙයක් කොට තමාගේම සිත රිදවා ගැනීම පිළිබඳ ඇය තමාටම දොස් පවරා ගත්තාය... යලිත් දුරකතනය නාද දෙද්දී ඇය දුරකනත තිරය දෙස බලා සුසුමක් හෙළුවාය. ඇමතුම ගවේශාගෙනි. ඇමතුමට පිළිතුරු නොදී නාද වෙන්නට හැර කේතකී යලින් ලිපි ගොනුවට මුහුණ ඔබා ගත්තාය. ගවේශාගෙන් ඇමතුම් කිහිපයක්ම පැමිණි නමුත් ඒවාට පිළිතුරු දෙන්නට කේතකීට සිත් නොවීය.. ඇය දැන් රස කර කියනු ඇත්තේ ලක්මාල් ඇය හා පැවසු දේවල්ය.. එය කේතකී ගේ සිත රිදවයි දැනටත් රිදී තිබෙන සිත යලි යලිත් රිදවා ගන්නට ඇය කැමති නැත.
යලිත් රැහැන් දුරකතනය නාද වෙද්දි කේතකී බරවු සිත් ඇතිවම එයට පිළිතුරු දුන්නාය.
“Hello kethakee ”
“ඇයි බන් phone answer නැත්තේ...” එහා කෙලවරේ උන්නේ ගවේශාය ඇය කොපයෙන් මෙන් කේතකීව ඇමතුවාය.
“අහ්!! Sorry කෙලී... silence දාලා තියෙන්නේ බෑග් එකේ...” කේතකී බොරුවක් කීවාය
“කෙහෙල් මල තමා.... මම බය උනා මොකද කියලා..” ගවේශා කේන්තියෙන් කීවාය.
“මම වැඩක හිරවෙලා ගවී.. මම පස්සේ ඔයාට ගන්නම්....” ගවේශා කතාව පටන් ගන්නටත් පෙර කේතකී කිවාය
“හා..කෝ... හාකෝ.... මේ මේ අක්කේ.... උඹ අප්සට් ගියේ නෑනේ...නේද.. මම අරයට හොඳට දෙහි කැපුවා...”
“නෑ බන් පිස්සුද... මොන අප්සට්ද...all iz well ”
“එහෙනම් ඇති.. උඹව අප්සට් කරලා මට බෑ අර බාග අයියගෙන් බැනුම් අහන්න...” .ගවේශා භාග්‍ය සිහිකර කීවාය. ලක්මාල් නැමැති මාතෘකාව කේතකීට සිහිකිරිම පිලිබඳ ගවේශා දෙතුන් වරක් බාග්‍යෙගන් බැනුම් ආසාගෙන තිබුනි.
“මගේ මල්ලිට එක එක එව්වා කියන්න එපා හොඳඳ.....”කේතනී සිනාසෙමින් කීවාය...
“අන්න එහෙම හිනා වෙලා ඉන්නවකෝ අක්කේ...” ගවේශාද සතුටින යුතුව කීවාය..
“කඳලු නොම දත් මගේ දෑසට
කඳලු දුන් ඔබ යන්න ගියදා
සිනාසෙන්නට ඉගෙන ගත්තෙමි
නෙතේ කඳුලෙන් පාර අසලා” කේතකි මුවගට ආ පද තාලයකට කීවාය..
“මං කවිකාරිලු මං කවිකාරිලු.... අගෙයි අගෙයි.. කඳුලු ගැනම කියන එකක් නොවුනනම්..”
“පණ්ඩිත කම් කියන්නැතිව හිටපන්.. මමයි මෙතන අක්කා” කේතකී සරදම් කලාය
“උඹ අක්කා උනාට මෙතන තොත්තම තොත්ත බබා වගේ හැසිරෙන්නේ උඹනේ බන් අක්කේ”
“මගෙන් අහගන්න එපා ගවේසියෝ....”
“සිකේ.... මොකක්ද බන් අපේ අම්මා තාත්තා තියපු නම කැත කරන්නේ නිකම් හරි ඔකේ අකුරු අඩුවෙන් ඇහුනනම් නින්දාවනේ බන් අක්කේ..”
“හි හි.. අඩේ නියම නම බන්.... ” කේතකී සියලු දුක් සංකා අමතක කොට ගවේශිට සරදම් කලාය
“පල පල කේ..ත....ලේ......” ගවේශිද පොඩි එකියක සේ වාදයට පැටලුනාය.
“අවුලක් නෑ බන් හදිස්සියට වතුර ටිකක් හරි උණු කර ගන්න පුළුන්නේ...”
“අනේ බන්... අක්කේ.. ඇයි බන් මේකේ සීනියර් Project Coordinator කෙනෙක් වෙලත් උඹට ටිකක් වැදගත් විදිට හැසිරෙන්න බැරි..” ගවේශා සිනාසෙමින් කීවාය.
“උමලා වගේ උන්නේ මං ආස්සරේ කරන්නේ.....” දැන් ඔක තියපන් මට වැඩ තියෙනවා..
“හා.. හා.. බුදු සරණයි...”
“බුදුසරණයි පොඩ් කෙල්ලේ...” ආදරයෙන් කියා කේතකී දුරකතනය විසන්දි කලාය
.
ගවේශි සමඟ කතා කිරීම කේතකීගේ අවුල් සිතිවිලි නිරවුල් කරන්නක් විය.. ඇය ගැඹුරු කල්පනාවකින් යුතුව යලිදු ලිපි ගොනු අතරේ නති උනාය.

කේතකී කාර්‍යාලයේ ගේට්ටුව අසලන් වහනයෙන් බැස ගිය පසුත් ඇය ප්‍රධාන දොර පසු කර යන තුරුම සේනක වාහනය නවතා බලා සිටියේය. කේතකීව උදෑසට කාර්‍යාලයට අරලවීමත් හවස ඇය ආපසු නිවස වෙන කැඳවාගෙන ඒමත් සේනකගේ දිනචර්‍යාවේම අංගයක් විය.
සකුන්තලාගේ සොයුරා වු සේනක කේතකී කුඩා කාලයේ සිට ඇයට බෙහෙවින් ආදරය කලේය. සේනකගේ සෙනෙහස නිසාම ඔහු හැමවිටම කේතකීව නීති රීති වලින් සිර කර තැබුවේය. සකුන්තලා ඇතුළු සොයුරු සොයුරියන්ගේ දරුවන් සමඟ කාලය ගෙව් නිසාමදෝ.. සේනක විවාහ වුයේ මෑකතදීය. ඒත් පොඩි නෝනාගේ බලවත් පෙරත්තය නිසාය.
විවාහයෙන් පසුව මහගෙදරින් ඈතව වාසය කලත් මව සහ සොයුරු සොයුරියන් වෙනුවෙන් ඉටුවිය යුතු යුතුකම් ඔහු නොපිරිහෙලා ඉටු කලේය. එහෙත් ඔහුගේ බිරිද ශ්‍යාමලී ඒ පිළිබඳව වැඩි මනාපයක් නොදැක්වූවාය.
-**-
“ගුඩ් මෝනිං මිස්...” ප්‍රධාන දොරටුව අසල මුරකුටියේ සිටි සුනිල් කේතකී දැක අසුනින් නැගිට ආචාර කලේය.
“වෙරි ගුඩ් මෝනිං අන්කල්...” සුපුරුදු සිනාවෙන් ඔහුට සංග්‍රහකොට කේතකී ඉක්මන් ගමනින් පඩිපෙල ඉහලට දිව ගියාය.
“ආ.. සුදු මිස් අදත් උදේම ඇවිත්.. ගුඩ් මෝනිං මිස්...” කේතකීගේ කාර්‍යාල කුටිය අතුගාමින් උන් විමලා සුපුරුදු ලෙස කේතකීට ආචාර කලාය.
“වෙරි ගුඩ්මෝනිං විමලෝ..” තම අත් බෑගය පුටුව මත තබා ජනෙල් නිරය විවර කරම්න්ම කේතකී සිනා මුසුව කීවාය.
“මම අතුගාලා ඉවර වෙනකල් එලියෙන් ඉන්න මිස්... මේ දුවිල්ල හරි සැරයි..කාපට් එකේ දුවිලේ හරියට විස බීජ”
“අපෝ.. විසබීජ වලට මම බය නෑ.. විමලා දන්නවානේ.. මම ඉන්නේම විස බීජයක් එක්ක කියලා..” සැරපරුෂ කලමනාකරු සිහිවි කේතකී සිනා මුසුවු කීවාය.
“හිහ්!! හිහ්!! හී..!!! මිස් නම් කියයි ඇහුනොත් හේම ඉඳලා ඉවරයි අදත් උදේ පාන්දර.. කෝ කෝ.. කිව්වම අහලා එළියෙන් ඉන්න ...” මහ හඬින් සිනාසෙමින් විමලා කියද්දි කේතකී පනාවත් රැගෙන විවේක කාමරය වෙත ගියාය.
උදෑසන කලබලයට මනාව පීරාගන්නට නෙහැකි වු කෙස්කළඹ පිරාගෙන කේතකී පැමිනෙන විට විමලා, කාර්‍යාල කුටිය පිරිසිදු කර අවසන්ව තිබුනි. පෞද්ගලික ආයතනයක් වු නිසාත් නිතර ගනුදෙනුකරුවන් කේතකීගේ කුටියට නොපැමිණුන නිසාත් කේතකී ඇයට ඇවැසි පරිදි කුටිය සකසා තිබුනාය. කුඩාකල සිටම ආශාකල ඩිස්නි සුර කුමරියන්ගේ පින්තූර කිහිපයක් රාමු කර බිත්තිවල රඳවා තිබු අතර, කේතකීගේ පුටුව ඇයහා සමව අයිති කරගත් සෙල්ලම් වලස් පැටියෙකුද කාර්‍යාලයේ විය. මේසය මත කෘත්‍රීම කානෙෂත් මල් පොකුරක් සහිත බඳුනක් තිබූ අතර, අසල රාක්කයෙ කේතකීගේ රාජකාරීන්ට අදාලා ලිපි ගොනු පිළිවෙලට ගොඩ ගසා තිබුණි.
“මිස්....” යාබද කුටිය පිරිසිදු කරමින් සිටි විමලා වීදුරු දොරින් එබෙමින් කේතකී ඇමතුවාය.
“ම්ම්ම්ම්...” ලිපි ගොනු සහිත රාක්කය දෙසටම යොමා ගත් නෙත් ඇතිව සිටි කේතකී.. ගෙල හරවා විමලා දෙස බැලුවාය.
“අද සමන්ති මිස්ගේ උපන්දිනේ..මට අමතක උනානේ මිස්ට ආව ගමන් කියන්න...”
“ආ..න්..නේ..... කෝ කෝ.. සමන්ති අක්කා ආවාද? ” කලබලයෙන් පිටතය පැමිනෙමින් කේතකී ඇසුවාය.
“තාම නෑ මිස්.. නවය කිට්ටු කරලානේ එන්නේ...”
“අන්න විමලෝ.. එහෙනම් අනිත් අයටත් කියලා පටස් ගාලා රිසෙප්ෂන් එක ලඟ ලෑස්තිවෙන්න මම දුවලා ගිහින් මල් ටික අරන් එන්නම්... ” විගසින් තම කුඩා අත්පසුම්බියත් දුරකතනයත් අතට ගත් කේතකී වේගයෙන් පඩිපෙළ බැස රථගාල වෙත දිව ගියාය.
“බණ්ඩාර.. එන්න ඉක්මනට... ලස්සන මල් එකට දුවලා එමු...” වාහනයට පිටදී දුරකතන ඇමතුමක සිටි රියදුරු අමතමින්ම කේතකී ඉදිරි පසු අසුනේ හරිබරි ගැසුනාය.
“ආ... ඇයි මිස් උදේම...ලස්සන මල් යන්නේ...” දුරකතන ඇමතුම විසන්ධි කොට රියදුරු අසුනට බරවු බණ්ඩාර සුපුරුදු ලෙන්ගතු කමින් ඇසුවේය.
“අද සමන්ති අක්කාගේ උපන්දිනේ.. මටත් දැන් විමලා මතක් කලේ..”
“අයියෝ.. මිස් උදේ කිව්වනම් එන ගමන් ගේනවානේ.. අපරාදේ.. මිස් අන්තිම මොහෝතේ දුවන්නේ...”
“අන්නේ.. බන්..... මම කලින් දන්නවනම් ඉතින් කියනවනේ.. මටත් දැන් විමලා තමයි කිව්වේ.. අමතකම වෙලා හිටියේ...”
“ආ..... ඔව් නේද.....” බණ්ඩාර සුපුරුදු මෝඩ සිනාව පාමින් වාහනය ඉදිරියට ධාවනය කලේය. ඒ අතර යලිත් ඔහුගේ දුරකතනය නාද විය.
“බණ්ඩාරගේ ගෑණු ළමයා හරියට වද දෙනවා නේද..”කේතකී ඉගිමරමින් කිසා බණ්ඩාරට සමච්චල් කලාය.
“නෑ.. මේ වෙන එක්කෙනක් මිස්..හදිස්සියකට සල්ලි වගයක් ඉල්ලනවා...” බණ්ඩාර තනමින් කීවේය.
“මොකා?.. ගෑණු ළමයෙක්ද? ”
“ඔව් මිස් දන්නේ නැද්ද.. මම කලින් ට්‍රයි කරපු එක්කෙනක්..”
“දැන් ඉතින් ඇයි ඔයාගෙන් සල්ලි ඉල්ලන්නේ... එයා ඔයාට අකමැති උනානේ...”
“ඒකනම් එහෙම තමයි මිස්.. ඒ උනාට ඉතින් උදව්වක් ඉල්ලුවාම නොකරත් බෑනේ..”
“අනේ.. මෝඩයෝ... ඔය සල්ලි ආපහු දෙයි කියලා ෂුවර්ද...” කේතකී පුදුමයෙන් ඇස් විසල් කරමින් ඇසුවාය
“දෙන්නේ නෑ කියලා මාත් දන්නවා මිස්.. ඒත් ඉල්ලුවාම බෑ කියන්න බෑනේ... අනික එයා දන්නවා මට හොඳ පඩියක් හම්බු වෙනවා කියලා ”
“ගොඩාක් හිත හොඳ උනාමත් මේ ලෝකේ ජීවත් වෙන්න අමාරුයි බණ්ඩාර..” කේතකී හැඟිම් බරව කීවාය.
“ඒක වෙන්න ඇති මිසුත් හාමදාම දුකික් ඉන්නේ... අනිත් අයව සතුටු කරන්න මිස් මොන තරම් දේවල් කරනවද.. සුනිල් අයියට, විමලක්කට, මට , මිස් කොයිතරම් කරුණාවන්තද.. ඒත් ඔපිස් එකේ අනිත් අය මිස්ට කොයි තරම් ඉරිසියයිද මිස්.. මිස්ගේ වැඩ අවුල් කරන්නම ඔපිස් එන කීදෙනක්නම් ඉන්නවද.. ඒත් මිස් කවදාවත් කාටවත් වචනයක් කියනවා මම දැකලා නැහැ.. හැමෝටම එක විදියට සලකන්නේ.. මට ඉස්සෙල්ලා මිසුයි ඔය දැන් කියපු දේ හිතට ගන්න ඔනි.. ” බණ්ඩාර හැඟිම්බරව කියා බයාදු දෙස කේතකී දෙස බැලුවේය. ඒ වන විට ඔවුන් මල් වෙළඳ සල අසලට පැමිණ තිබුනි.
“හ්ම්ම්ම්ම්.. ඇති ඇති පණ්ඩිත කම.. විනාඩි පහක් යයි ඔය අයිනෙන් පාක් කරන් ඉන්න.. මම පටස් ගාලා එනවා..” කියමින් කේතකී වාහනයෙන් බැස ගියාය.
සමන්තී වෙනුවෙන්ම සුන්දර මල් කළඹක් සකසා ගත් කේතකීත් බණ්ඩාරත්, නැවත වේගයෙන් කාර්‍යාලය වෙත ගියෝය. ඒ වන විට සියලු දෙනාම පිළිගැනිමේ කවුන්ටරය අසල සමන්ති පැමිනෙන තුරු බලා සිටියෝය. කේතකී රැගෙන ආ මල් කළඹ සමන්තියේ සමීප යෙහෙලිය අතට දුන් කේතකී අන් අය අතරට එක් වූවාය.
තම උපන්දිනය දා කාර්‍යාල සුමිතුරන්ගේ උණුසුම් පිළිගැනීම සමන්තිගේ සිත බෙහෙවින් සතුටු කලේය. සමන්තියේ දෑසේ සතුට දැක කේතකීද බෙහෙවින් සතුටු වුවාය.
-**-
සුපුරුදු ලෙස ලිපි ගොනුවල සිරවී සිටි කේතකීගේ අවධානය බිඳුනේ මේසය මතවු දුරකතනයේ නාදයෙනි. ලිපි ගොනුව අත තබාගෙනම ඇය දුරකතනය ගෙලට සිර කර කතා කලාය
“කේතකී හියර්...”
“ආ... ආන්ටී... ගුඩ් මෝනිං.. ”
“ගුඩ් මෝනිං මහී... කියන්න...”
“Call from Colombo”
“okz connect it ” කේතකී කියද්දිත් මහි ඇයව පැමිණ තිබු ඇමතුම හා සම්බන්ධ කර අවසානය.
“Hello Kethakee hear…”
“ආ.. මැට්ටී.....” දුරකතන ජාලය හරාහා ඇදී ආ ගවේශාගේ හඬ කේතකීට හඳුනා ගත හැකි විය
.
“අහ්!! ගල් ඉබ්බී.... උඹද....? කියු කියු..” ලිපි ගොනුවේ පිටු පෙරලමින්ට කේතකී පුටුවේ හරිබරි ගැසුනාය.
“කම්මැලියි බන් අක්කේ...” ගවේශා සුපුරුදු ලෙස ඇදෙන ස්වරයකින් කීවාය...
“හෑ.. මොකා...!! දැන් උඹට කම්මැලියි කියලා මම පලිද.. වැඩ තියෙනවා පිස්සියේ...” කේතකී ආදරයෙන් කියා සිනාසුනාය..
“මොකක්ද බන් අක්කේ.. අපිට ඔපිස් එකේ මේ සා අධිවේගී දුරකතන පද්දතියක් දීලා තියෙන්නේ Branches අතරේ communication develop කරන්නනේ.. මොනවා මොනවා හරි කියනවකෝ...” ගවේශා.. සුරතල් වුවාය..
“මේ ගවේසෝ.. මගෙන් මුකුත් නාහා හිටින්.. Head office එකේ උඹලා අයිස් ගහනවා අපියි කටු කන්නේ මෙහේ.. වැඩ කරපන් වැඩ කරපන්..” කේතකී සිනාසෙමින් ගවේශාට තරවටු කලාය..
“ඒ.. මේ මාර සීන් එකනේ......” ගවේශා ලොකු කතාවකට සැරසුනාය.
“ආ.. අර අද උදේ බස් එකේ ලස්සන කොල්ලෙක් ලඟ වාඩි වෙලා ආපු සීන් එක නේද..” කේතකී ගත් කටටම ඇසුවාය.
“උඹ කෝමැයි ඒක දන්නේ..” ගවේශා පුදුමයෙන් ඇසුවාය.
“ඇයි බන් අද BBC News වලට කිව්වේ...” කේතකී සරදම් කලාය...
“ඒ.. ඇත්ත කියනවා.. කොමද දන්නේ...”
“ඇයි බන් ගවේසෝ උඹ උදේට ටොයිලට් යන ඒකේ ඉඳලා.. රෑට නිදා ගන්න කලින් දත් මදින එකට එනකල් සේරම Facebook එකේ දානවනේ.. ” කේතකී මහ හඬින් සිනා සෙමින් කීවාය. ඇගේ සිනාවට යාබද කුටියේ සිටි අනුරංගී පවා හැරී බලද්දි ඇය සිනාව පාලනය කර ගත්තාය..
“යනවා යනවා මැට්ටී..... ඒ මාර හැන්ඩ්සම් පොරක් බන් අක්කේ....”
“හැබෑට.. උඹට තිබුනේ නොම්මරේ ඉල්ල ගන්න... අපාදේ නේ....” කේතකී නැවත නැවතත් ගවේශාට සමච්චල් කලාය.
“සික්... කොහේද.. පොර පුම්බගෙන හිටියා මිසක්.. මා දිහා හැරිලා බැලුවේ නෑ බන්...”ගවේශා කනස්සල්ලෙන් කීවාය..
“දෙන්නෙයි ෆ්‍රි ඇඩිවයිස් එකක්.....”
“දී කෝ බලන්න...”
“හැමදාම ඒ බස් එකටම නැගපන් අඩුම ගානේ එක දවසක් හරි ආයි සැට් වෙයිනේ..”
“අනේ මන්දා.. බන්...”
“බැරිනම් නටා ගනින්...”
“ඒ... ඒ...අක්කේ.... මාරම සීන් එකක් වෙමින් පවතී.....” එක්වරම කතාව වෙනස් කල ගවේශා රහසින් මෙන් කීවාය..
“මොකක්ද ගවී...” කේතකීද පුදුමයෙන් මෙන් ඇසුවාය.
“ඒ.. ඔයාගේ ලක්මාල් අයියා ඇවිත්.. බවන්ත අයියාගේ කැබින් එකේ...” ගවේශා.. රහසින් මෙන් කීවාය..
“ආහ්!! .ඇ....ත්...ත..ද..” කේතකී ගනනකට නොගෙන කම්මැලි ස්වරයකින් කීවාය. ඇයට ලක්මාල් ගේ නම ඇසීම පවා මානසික වදයක් විය.
“ඒ දැන් බලමු පොර මා එක්ක කතා කරයිද කියලා.. ... අම්බේ... අන්න පොර මගේ කැබින් එකට එනෝ... ඒ.. ඒ... මම තියන්නම්..” ගවේශා කලබලයෙන් මෙන් කීවාය
“ඒ.. ඒ.. ප්ලීස්.. කට් නොකර හිටු.. ප්ලීස් ප්ලීස්.... මම සුට්ටක් කට හඬ අහන්න...” කේතකී බැගැපත් වුවාය.
ගවේශා කිසිත් කියන්නට හෝ දුරකතනය විදන්ධි කරන්නට පෙර ලක්මාල් ඇය අසලට පැමිණියේය.
“අලෝ.. සුදු නංගියා.. කොහෙමද ඉතින්....” ලක්මාල්ගේ කට හඬ දුරකතන ජාල හරහා පැමිණ කේතකීගේ සවන් පත් මෙන්ම හදවතද රිදවුවේය. ඇය වෙව්ලන සුරතින් රිසීවරය සිරකරගෙන අසා සිටියාය නමුත් ඇයට ඉන් පසු කිසිත් ඇසුනේ නැත. පසෙක තිබු. ඇයගේජංගම දුරකතනය නාද වෙද්දි ඇය රිසීවරය අතහැර ජංගම දුරකතනය අතට ගත්තාය. ඇමතුම බවන්තගෙනි.

“සුදු මැණිකේ නැගිටින්න... දැන් හයට ලඟයි....“ කේතකීට අත්තම්මාගේ හඬ ඇසුනේ සිහිනයක් මෙනි.
“හ්ම්ම්ම්ම්ම්.....“ කියමින් ඇය අනෙක් ඇලයට හැරී යලිත් නිදන්නට වුවාය .
“ අනේ අනේ... අද යන්නේ නැද්ද.. රෑට රෑ වෙනකල් ඇහැරිලා ඉන්නවා. පාන්දර ජාමේ නිදාගෙන අපිටයි වදේ උදේට ඇහැරවන්න ගියාම... ඔනි එකක් කර ගන්න මම යනවා යන්න..“ පොඩි නොනා කේතකීට දොස් පවරමින් යන්නට හැරානාය.
“ඇහැරිලා ඉන්නේ පොඩි නෝනේ.... ඔය හැටි තරහා ගන්න එපා.. ඔය මදෑ වයසට ගියා..“ කේතකී සුපුරුදු ලෙස අත්තම්මා සමඟ සුරතල් වූවාය.
“මාත් එක්ක කෝලම් කර කර ඉඳලා හරි යන්නේ නැහැ. ඉක්මනට ලෑස්ති වෙන්න දන්නවනේ ලොකු මාමාගේ තරම... බස් එකේ එන්න කියලා දාලා යයි. මට එහෙම කියාගෙන එන්න එපා ඔන්න ඊට පස්සේ..“ ජනෙල් තිරය ඇද කාමරයට මද ආලෝකය වැටෙන්නට සලස්වමින් පොඩි නෝනා කීවාය.
“අයියෝ.....ඔයා දන්නවද පොඩී.. මම හිතාන උන්නේ ලොක්කට මනමාලියෙක් ගෙනාවම සේරම මුලග්ගිනි අඩු වෙයි කියලා.. කොහේද.. තිබුනටත් වඩා වැඩි වෙලා වගේනේ..“ ඇඳෙන් පැන ජනේලයේ එල්ලෙමින් කේතකී සිනාසෙමින් කීවාය..
“ඔය හිනාව නැතිවෙයි ඇහුනනම්..යන්න යන්න ගිහින් ඉක්මනට ලෑස්ති වෙන්න.. අන්තිම මොහොතේ දුවන්න ඉන්නේ නැතිව...“ පොඩි නොනා විධානාත්මක ස්වරෙයක් කියද්දි කේතකී තුවායත් ගෙන මිදුලට පල්ලම් බැස්සාය.
සමන් පිච්ච ආරුක්කුවට යටින් වැටුනු අඩි පාර දිගේ ලිඳ වෙත යන ගමන කේතකීගේ දින චර්‍යාවේ සුන්දරතම අංගයකි. යන්තමින් හිරුමොදුවන උදෑසන කහ අන්දර වැටිය මතට වැටුණු පින්න අතගාමින් ඇවිදන් යන්නට කේතකී කවදත් ආශා කලාය. අත්තම්මා විසින් දෙපස වවන ලද කංකුං මුගුණු වැන්න, ගොටුකොල වැනි පලාවර්ග කොළ පැහැයෙන් බැබලීම කේතකීගේ සිතේ සතුට වැඩි කරන්නක් විය.
ඉඩම කෙලවරේ විශාල දිඹුල් ගස් දෙකක් අතර පිහිට ස්වභාවික ලිඳ වටා බැම්මක් ඉදිකර ගස් වැටියට අතුරින් පහලට වැටෙන සේ සකසා තිබෙන බැවින් ඉතාමත්ම සුන්දර දසුනක් මවයි.
පාන්දර යැයි නොසලකා.. ගස් අතරින් වැටෙන සීතල වතුරෙන් කේතකී නෑවාය. හැකි සෑම දිනකම පාන්දරින් නා ගැනීමට කේතකී අශා වුවාය. එහෙත් නාගෙන නිවසට ගොඩවන විටම ඇයට අසන්නට ලැබුනේ අත්තම්මාගේත් අම්මාගේත් ගෝරණාඩුවයි..
“එනවකෝ හවසට ඔළුව බදාගෙන මම නම් හැරිලා බලන්නේ නැහැ.. අදම අප්පච්චිට කියන්න ඔනි.. ලිඳ වහන්න කියලා.. මෙයා දිය කිඳුරි වගේ ඒකේමයි.. ලෙඩ උනාම පොඩි බබා වගේ අපිටම වද දෙනවා..“ අම්මා නෝක්කාඩු කියමින් කුස්සිට ගියාය
“අපි දෙයක් කිව්වටනම් කවදාවත් අහන්නේ නෑ. අන්තිමේ ලෙඩ උනාම අපිත මයි වද විඳින්න ඔනි.. එයයිට මොකද දේවින් වහන්සේට වගේ අපි හැමදේම කරලා දෙනවනේ“ වියපත් සුදු මුහුණ රත් පැහැයට හරවාගෙන අත්තම්මා කීවාය..
“පොඩි නෝනේ.. පොඩි නෝනේ... දෙන්න කිරිත් එක්ක සමහන් එකක් මුකුත් වෙන්නේ නෑ.. ...අන්නේ... මෙයාට තරහා ගියාම ලස්සන..“ තමාට පසුපස හරවා සිටි අත්තම්මාව වැලඳ ගෙන ඇගේ මුව සිප ගනිමින් කේතකී සුරතල් වුවාය.
“ඇති ඇති... කපටියා.. මොකක් හරි අණ්ඩ පාල වැඩක් කරලා උම්මා දිලා ෂේප් වෙන්න එනවා.. එන්වා යන්න ඔය කොන්ඩේ පිහ දාන්න තෙත කොන්ඩේ පිටින් ඒසී ඒකේ ඉඳලා පීසන හදාගන්නද යන්නේ.. අනික ඔය ඒ සී වලට කොන්ඩේ යනවා.. අපි මෙච්චර ඔක වවන්න මහන්සි වෙනවා මෙයාට කිසි ගානක් නෑ..“ අත්තම්මා කේතකීත් සමඟ ඇගේ කාමරට යමින් තව තවත් ඇයට දොස් පැවරුවාය.
කහපැහැති ටීවීටී තුවායෙන් අත්තම්මා හිස කෙස් පිස දමද්දි කේතකී කාර්‍යාලයට ඇඳිමට සුදු ඇඳුමක් තේරුවාය. කේතකීගේ උදෑසන ආහාරය රැගෙන කාමරයට පැමිණි අම්මා ඇය සූදානම් වන තුරු ඇයට කැව්වාය.
“මෙයාට හැමදේම කරලා දීලා අපියි මුලින් වැඩ වරද්ද ගත්තේ.. අම්මා ගිහින් කෑම එක ඔතන්න නැත්නම් ඒකත් දාලා තමයි අද දුවන්නේ..“ අවසන් බත්පිඩත් කේතකීගේ මුවට ලන් කරමින් අම්මා කීවාය.
“අයියෝ.. අයියෝ.. වෙලා ගිහින් සුදු... මම කඩෙන් මෙනවා හරි ගන්නම්.. අරයට තද වෙයි.. අන්න වෑන් එක එනවා.. “ බඹ කිහිපයක් ඈතිනි පිහිටි ලොකු මාමාගේ නිවසේ ගේට්ටුව දෙස ජනේලයෙන් බලාගෙන කියූ කේතකී. ඉක්මනින් මුහුනේ පුයර බිඳක් තවරාගෙන සාලයට දිව ආවාය.
“නෑ නෑ.. කඩවල ජරාව කන්න ඔනිනෑ.. මෙන්න මම කෑම එක දාලා ඉවරයි..“ කෑම පෙට්ටිය සහ වතුර බෝතලය සහිත රෙදි බෑගය අතින් ගෙන සාලය හරහා කඩිසරව එමින් අත්තම්මා කීවාය.
අත්බෑගයත් පාවහන් යුගලත් බිම තබා බුදු කුටිය වැඳවැටුනු ඇය මිදුලේදීම අම්මාටත් අත්තම්මාටත් දණ ඔබා වැන්දාය.
“මම යනවා පොඩ්ඩියේ.. අර මම ඊයේ ඇඳපු ටී ෂර්ට් එක පොඩ්ඩක් සෝදන්න හොඳේ.. “ ඇය අත්තම්මාව සිප ගනිමින් කීවාය..
“ඇති ඇති බටර්.. අන්න මාමා ආවා ...“ අත්තම්මා කේතකීගේ පහසින් මිදෙමින් කීවාය..
“ඔක්කේ.. බා....යි....“ ගේට්ටුව දෙසට දිව යමින් කේතකී කෑ ගැසුවාය...
කේතකී රැගත් සේනකගේ වැන් රථය නොපෙනී යන තුරුම පොඩි නෝනාත්, සකුන්කලාත් මිදුලෙහිම රැදුනෝය.
“ඇති යාන්නං යුද්දේ ඉවර උනා. අපිට උදේට කන්න මොනවා හරි හදන්ඩ ඔනි ලොක්කියේ. උදේට සුදු හාල් බත් කෑවම සීනි වැඩි වෙනවා.“ මිදුලේ වූ සිමෙන්ති බංකුව මත වාඩි වෙමින් පොඩි නෝනා කීවාය.
“ කැකුළු හාල් පිටි ඇති අම්මේ... ඉඳි ආප්ප දෙකක්වත් හදා ගමු.. කොහේද මේ සුදු මැණිකේගේ කෝලම්, කැකුළු හාල් කන්නේ නෑනේ.. දෙපාර දෙපාර උයන්න ගියාම එපා වෙනවා. අපි තමයි ඔය ළමයා ඔය හැටි හුරතල් කරලා වැඩේ වරද්ද ගත්තේ.“ පෙරදින හවස සෝදා තිබූ ඇඳුම් ම්දුලේ අන්දර වැටිය මත අතුරමින් සිටි සකුන්තලා කීවාය.
“ඔය සැප සේරම ගෙදර ඉන්නකල්නේ ලොක්කියේ.. කවුද දන්නේ එයාට මොන විදියේ මහත්තයෙක් හම්බ වෙයිද කියලා... හොඳ වෙන්නත් පුළුවන් නරක් වෙන්නත් පුළුවන්... “
“නන්දන නම් කියන්නේ ඉක්මනට කාව හරි හොයලා සුදු මැණිකේගේ වැඩ කටයුතු ඉවරක් කරමු කියලා.. දැන් එයාගේ වයස හරි අම්මේ.. තව කල් තියාගෙන බැහැ..“
“හැමෝම ඔයාගේ නන්දන වගේනෑ ලොක්කී.. චූටිට සිද්ද වුනුදේ දැක්කනේ.. යෝජනා හතලිස් ගානක් ආවා.. කොච්චර හොඳ මිනිස්සු ආවාද.. අපියි වංශේ කබල් ගෑවේ.. අන්තිමේ හම්බ උනේ.. කුණු ලෝබයෙක්.. කෙල්ලටයි දරුවන්ටයි උදේට තේ එකක් බොන්න කිරි පිටි පැකට් එක්ක වත් ගේනේනේ නැති ලෝබයෙක්.. බැංකු පොත්වල සල්ලි පොදි ගහන්න විතරයි ලෝබ නැත්තේ.. සුදු මැණිකෙටත් එහෙම වෙනවට මම කැමති නෑ“ වියපත් දෙනෙත් වල මතුවු කඳලු කැට වීත්ත පොටින් පිස දමමින් පොඩී නෝනා කීවාය.
“එහෙම දෙන්නම් වාලේ දෙන්න දෙන්නේ නැ අම්මේ.. හොඳට හොයලා බලලා දෙන්නේ.. එදා මම කඩේට ගියවෙලාවේ ඉස්කෝලේ නැන්දා ඇහුවා සුදු මැණිකේ ගැන.. හසන්තලාගේ නෑ කෙනක්ට... චූටිගේ මඟුලෙන් පස්සේ මට නම් ඉස්කෝලේ නැන්දගේ යෝජනා තිත්ත උනා.. මම කීවා කෙල්ල තාම ඉගෙන ගන්නවා කියලා..“
“ඔය යෝජනා පසසේ යනවට වඩා මම නම් කියන්නේ කෙල්ලට කැමති කෙනෙක් හොයා ගන්න නිදහස දෙන්න කියලා. අනික.. ඔයා උනත් නන්දනව හොයා ගත්තා මිසක අපි නෙවෙයිනේ ඔයාට හොයලා දුන්නේ..“
“ඒක ඇත්ත තමයි අම්මේ.. ඒත් ඉතින් අම්මා කරපු දේ දුවත් කරන්න ඔනි කියලා නෑනේ.. පුතා උනත් කියන්නේ අක්කට අම්මලාම කවුරු හරි හොයලා දෙන්න කියලා අනික දැක්කනේ ලක්මාල් කරපු වැඩේ.. එයාට තාම තේරෙන්නේ නැ තනියම තීරණයක් ගන්න.. ලක්මාල් ගැන කියද්දි කොහොමද කිව්වේ.. අන්තිමේ කරන රස්සාවේ ඉ දලා මිනිහා කෙල්ලට කියලා තියෙන්නේ බොරු... මෙයත් ගොන් ගහ වගේ ඒකා කියන හැමදේම විශ්වාස කලා.. සුදු මැණිකේ බොළඳ වැඩියි. අම්මේ.. අපිම එයාට කවුරු හරි හොයලා දෙන්න ඔනි.. නන්දනටත් වෙලාවකට එයා තාම අවුරුදු පහේ දහයේ කෙල්ල වගේ.. ඒත් ඉතින් ඓහම කියලා බැනේ.. හැමදාමන් අපිම හැමදේම කරලා දෙන්න ගියොත්. කවදා හරි කසාදයක් බැඳලා ගිය දවසකට අපිටත් යන්න වෙයි එයා එක්ක මහත්තයාගේ ගෙදරට..“ සකුන්තලාද පැමිණ පොඩි නෝනා අසල වාඩී වී කීවාය..
“ලොක්කි හිතන්නේ ඔය කෙල්ල බැඳලා ගිය දාකටත් අපිට නිදහසේ ඉන්න පුළුළුන් වෙයි කියලද.. දරුවෙක් එහෙම ලැබෙන්න ඉන්න කොට අපිට තමයි විඳවන්න වෙන්නේ.. දැනටත් උණක් හෙම්බිරිසාවක් හැදුනත් එයාට වඩා වද විදින්නේ අපි දෙන්නානේ..“ පොඩි නෝනා සිනාසෙමින් කීවාය..
“ඒකනම් ඇත්ත අම්මේ නන්දනත් හැමවේලේම ඔක කියනවා.. අර පහුගිය දවසක රෝස කටුවකට අත සීරිලා තිබුනේ.. එවෙලේ නන්දන ගෙදර ආපු හැටියේ දුවගෙන ගිහින් කියනවලු.. අප්පච්චි අත කැපුනා.. ඉන්න බෑ දනවා බෙහෙත් දාන්න කියලා.. නන්දන හිනා වෙනවා මා එක්ක කියලා.. මොකෙන් හරි හුරතල් වෙන්න බලන්නනේ කියලා..“ සකුන්තලාද සිනහවට එකතු වුවාය ..
“කෙල්ල නන්දනගේ පණ.. අපි වගේ හැම වෙලාවේම හුරතල් කරේ නැතිවට නන්දනට කෙල්ල නැතිව ඉනන බෑ.. ඒදා උපනන්ද ආපු වෙලාවේ අයියලා මල්ලිලා තුන් දෙනා බෝතලේ හිස් කරලා ඉවර වෙනකල්ම කතාව කෙල්ලගේ මඟුල ගන්න විදියක් ගැන.. ශිවන්ත කෙල්ල ගෙන්නලා අහනවා කොල්ලෙක් ඉන්නවද.. ඉන්නවනම් බාප්පිට කියන්න පුතේ.. මම අප්පච්චිට කියලා කොහෝම හරි කරලා දෙන්නම් කියලා..“
“ශිවන්තත් හරියට මහන්සි වෙනවා සුදු මැණිකෙට හොඳ තැනක් බලන්න .. නන්දනලගේ පවුලේ එක කෙල්ලෙක් හරියට දීගයක් ගියේ නෑනේ.. සේරම හිතුවක්කාර කමට ගියේ. උපනන්ද අයියත් එයාට ඉශ්ධ කර ගන්න බැරිවුනු බලාපොරාත්තු ඉශ්ඨ කරගන්න ඉන්නේ සුදු මැණිකෙගෙන්.. පෙනෙන්නේ නැද්ද උපන්නදයියලා දෝනියන්දෑගේ මනුස්සයා.. උපන්ගෙයි මෝඩයෙක්නේ.. මොකට මේ කෙල්ල ඔය යකා එක්ක පනලා ගියාද මන්දා.. අයියා ඒ ගැන ඉන්නේ පුදුම හිතේ ආමාරුවකින්..“
“එහෙමයි කියලා ඔයා සුදු මැණිකේව හිර කරන්න යන්න එපා.. ලොකු දුව.. ඔයයි නන්දනයි යාළු වෙලා කියලා නොදැන මම ඔයාට මඟුල් කතා කරලා අන්තීමේ ඔයා කාටත් හොරෙන් බැන්දා.. ඒතනදි ඔයාට වැරදුනේ නෑ තමා.. අන්තිමේ ඔයාලට විරුද්ධ වුනු මටත් කන්න බොන්න දෙන්න උනේ නන්දනට.. කේතකියි කේනුලයිත් සමාජෙට හොඳට හදන්න පුළුවන් උනේ නන්දනගේ ගතිගුන නිසා. .. අම්මට වගේ දුවටත් බැරි වෙන එක්ක නෑ. හොඳ මහත්තයෙක් හොයා ගන්න.. එයා කොහොමත් හොයන්නේ අප්පච්චිගේ ගතිගුණ තියෙන කෙනෙක්වනේ..“ පොඩි නෝනා මද සිනහවකින් මුව සරසා කියද්දි, සතුන්තලාද එය අනුමක කර සිනා සුනාය..

කෙටි නින්දෙන් අවදි වුනු කේතකී මිදුලේ ලී බන්කුව උඩ සුපුරුදු ගොම්මන් මෙහෙයට වාඩි වුවාය. අත රැඳ නවකතා පොතේ පිටු අතර සැඟවුනු සො දුරු ආදර කතාවට සම වැදී උන් ඇයට වට පිටාව ගැන නිනව්වක් නොවිනි. යොවන් ආදර කතාවක් වු එහි සෙනෙහෙබර නව යොවුන් ආදරයේ මිහිරියාව විසින් ඇයව අපුරු මනෝලෝකයකට ගෙන ගොස් තිබුනි. එක්වරම කන්පෙති කිති කැවී යද්දි ඇය ගැස්සි පසුපස බැලුවාය. ගෙදර ඇති කරන සුදු බළලාගේ වල්ගය අතින් ගෙන බළලා දෑත් මත හොවගෙන සිනාසෙමින් සිටි භාග්‍ය කොක් හඬලා සිනාසුනේය.
“කොහේද සුදු අක්කීයෝ හිටියේ... හෙහ් ... හෙහ්... හොඳට බය උනා නේද....“ සුදු පූසා උකුලට ගනිමින් භාග්‍ය කේතකී අසලින් වාඩි වෙමින් කීවේය.
“ ඔයාටනම් හිනා.. මම හොඳටම බය උනා මල්ලා ගහ උඩින් සතෙක් වත් වැටුනද කියලා..“ තිගැස්මට පසු සිහි එලවාගත් කේතකී භාග්‍යගේ උරහිසට පහරක් ගසමින් කීවාය.
“ඔය තරමට බය තිබුනොත් ඇති අක්කියෝ.. කෝ.. බලන්න මොකක්ද කියවනනේ කියලා.. අපි නොදන කවුරු හරි ලව් ලෙටර් එකක් වත් හවලාදි කියලා..“ භාග්‍ය කේතකී අතවු පොත ඩැහැ ගනිමින් කිවේය.
“ හප්පෝ.. කවුරු නොදැන ලව් ලෙටර් කියෙව්වත් කොහොමද ඔයා නොදැන ලව් ලෙටර් කියවන්නේ.. අනේ පලයන් බන් යන්න විකාර කියවන්නේ නැතිව...“ මෙතෙක් වේලා භාග්‍ය අතවුන් බළලා තම උකුල්තලයට ගනිමින් කේතකී ඇත බලාගෙන මිමිනුවාය..
“හ්ම්ම්ම්ම් මොනවද අක්කේ ස්පෙෂල් අද....? මට අදත් උදේ ලක්මාල් අයියා කෝල් කලා“ භාග්‍ය කේතකී ගේ මුහුණ මගහරිමින් කීවේය..
“ ඇහ්!!.. ඇත්තට.. මොකද කිව්වේ....“ කේතකී නැවුම් උනන්දුවකින් භාගය දෙස බලා ඇසුවාය.
“ විශේෂයක් නෑ අක්කී.. අළුත් බිස්නස් පටන් ගත්තලු. අක්කීගේ වෙඩින් එක කියලා බිසී කිව්වා“
“මම ගැන ඇහුවේ නෑ.....? “
“ඇහුවා.. ඇහුවා... සින්දු කිරිල්ලි සනීපෙන් ඉන්නවද කියලා ඇහුවා“ භාග්‍ය සිනාසෙමින් කීවේය..
“යන්න මල්ලා ඔයා මට බොරු කියනවා ....“ කේතකී නෝක්කාඩුවට මුහුණ හකුලා ගනිමින් කීවාය.
“ අනේ ඇයි ඉතින් මම මගේ අක්කියාට බොරු කියන්නේ සත්තයි අක්කී ඇහුවා...“ භාග්‍ය යාප්පුවෙන් කේතකීට ලන්වෙමින් කීවේය.
“ සින්දු කිරිල්ලි කියලම ඇහුවද?“ හිස් බැලුමෙන් අහස දෙස බලමින් කේතකී මිමිනුවාය..
“ඔව් සුදු අක්කී.. අයියණ්ඩියාට තාම කියවෙන්නේ එහෙම.... ආදරේ.. අක්කී ආදරේ.... ඔකට තමා ආදරේ කියන්නේ.....“ කේතකී අත උන් බළලාගේ කන් පෙති පිරි මදින් භාග්‍ය කිවේ මදහස රැ දි මුහුනින් කේතකී දෙස බලාගෙනමයි..
“ කෙහෙල්මල් ආදරේ ... එහෙමනම් නොකියාම දමලා ගාහලා ගියේ ඇයි.... “ කේතකී ගේ ස්වරයේ ආවේගයක් විය.
“එහෙමත් කියන්න එපා අක්කේ.. අයිණ්ඩියාට තාමත් නන්දුත්තරාව අමකත කරන්න බැහැ.. ඒක අපි කවුරු උනත් පිළිගන්න ඔනි.. අවුරුදු හතකට කිට්ටු වෙන්න ආදරෙන් හිටපු දෙන්නෙක් එප පාර වෙන්වෙනවා කියන්නේ කාටඋනත් දාරා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි.“ භාග්‍ය සාවදානව කියාගෙන ගියේය..
මම නැහැ කියන්නේ නැහැ මල්ලියා.. නන්දුත්තරා කියන්නේ අයියගේ ජීවිතෙන් ඇත් කරන්න පුළුවන් මතකයක් නෙවෙයි. ඒත්.. එයාට, මට මෙහෙම කරන්න වටිනනේ නැහැ.. ඔයාට කියන්න මට එහෙම කරන්න එයාට වටිනවද?... මම එයාගේ අතිතේ අමතක කරන්න ගොඩක් උදව් කලා.. ඒත් ඉතින් එයා ලෑස්ති නෑනේ.. දකින දකින හැම එක්කෙනා එක්කම නන්දුත්තරා ගැන කියව කියව නාහෙන් අඬනවා. අර.. තරම් මම ආදරේ කරද්දිත් එයා කියෙව්වේ නන්දුත්තරා එයාව දාගා ගිය එක විතරයි.. මම එයාගේ ජිවිතේට ඇවිත් එයාට ආදරෙන් ලඟට වෙලා ඉනන්වා කියන එක පිළිගන්න එයා කොයිම වෙලාවකවත් ලෑස්ති උනේ නැහැ.“ කේතකී වේදනාත්මක හඬින් කියා ඇත බලා උන්නාය. ඇයගේ ප්‍රකාශය හමුවේ භාග්‍යද මොහොතක් නිහඬවිය.
“ මම අයියාව සුද්ද කරන්න හදනවා නෙවෙයි අක්කී අයියා කියන්නේ සීයයට සීයක් සුදු චරිතයකුත් නෙවෙයි.. “ නිහඬතාවය බිඳිමින් බාග්‍ය බිඳුණු ගඩින් කීවේය.
“ඒක මම දන්නවා මල්ලී මමත් එක දවසක් හරි එයාට ආදරේ කලානේ කොයි තරම් නන්දුතරාගේ වැරදී කීවත් මට නම් තාමත් හිතෙන්නේ නන්දු මෙයාව දාලා ගියේ මෙයාගේම වරදක් නිසා කියලා“
“වෙන්න පුළුවන් අක්කී මොකද අපි දන්නේ අයියා කියන දේවල් විතරයි නන්දුත්තරාගේ පැත්තෙන් මොන මොන දේවල් තියෙනවද කියලා අපි දන්නේ නැහැනේ අක්කිට නන්දුත්තරාව මුණ ගැහිලා තියෙනවද..“
“නැහැ මල්ලා.. මම එයා ගැන අහලා විතරයි තියෙන්නේ.. ඒත් එයා හිටි කැම්පස් එකේ මගෙත් යාළුවෙක් හිටියා මම විස්තර හෙව්වා ඒත්..තාම හරි විස්තරයක් හම්බ උනේ නැහැ... අයියා පිස්සු බල්ලෙක් වගේ හොයන නිසා නනදුත්තරා හැංගිලා වෙන්න ඔනි..“ කේතකී මිදුලේ වු පහන් පැල අසල ඇවිද යමින් කීවාය
“මොකක්??!! ඇයි අක්කී නන්දුත්තරා ගැන විස්තර හොයන්න ගියේ අයියා දැන ගත්තොත් මොනවා වෙයිද.. දැනටත් අයියා හිතාගෙන ඉන්නේ අක්කි එයාට නරකක් නපුරක් කරනවා කියලා“ භාග්‍ය කිවේ නොරිස්සුම් හඬකිනි.
“අදරේ කරන එක නරකක් නපුරක්ද මල්ලී.. අනික එයයි මුලින් මට ආදරේ කියාගෙන ආවේ.. එයයි මට එයාගේ දුක කියාගෙන ආවේ “ තව බොහෝදෑ කියන්නට අවැසි උවත් කේතකී නිහඬවුවාය.. ඇය බුදු කුටිය තුල වු පර මල් ඉවත් කර අසල වතුසුද්ද ගසෙන් මල් එකිනෙක ගෙන වට්ටිය සරසන්නට වුවාය.
“මම සුදු අක්කියාට කියලා තියෙනවනේ ඔය ගැන වැඩිය හිතන්න යන්න එපකියලා අපි වෙන මොකක් හරි ගැන කතා කරමු අක්කේ අපරාදේ මමයි මෝඩ වැඩේ කර ගත්තේ ඔයාට මේක කියලා.“ භාග්‍ය පසුතැවෙමින් කීවේය..
“ඔයා කීවත් නැතත් මම ඒ ගැන හිතන වෙලාවට හිතනවා මල්ලියා... නොහිතා ඉන්න උත්සහ කරනවා බලමු හරි යයිද කියලා ...“ සුදු මල් එකිනෙක වට්ටියේ අහුරමින් කේතකී කීවාය.
“ඔයා කිව්වට කරන්නේ නෑනේ අක්කී.. මම දැක්කා පොතේ කවියක් කුරුටු ගාලා තිවුනා අයියා කවදා හරි එනකල් බලා ඉන්නවා කියාලා... අනේ මන්දා අක්කේ ඔයාට මේක කොහොම තේරුම් කරන්නද කියලා.. ඔයා දන්නවා අයියා කරන වැඩ...අනේ.. මන්දා...“
“හ්ම්ම්ම්ම්... පේනවා මල්ලි කරන කියන හැමදේම පේනවා.... මම නන්දුත්තරාව හොයන්න ට්‍රයි කලේ අයියා එයා ආපහු ආවොත්වත් මේ පිස්සු අත්අරලා හැදෙයි කියලා... ඒත් එයා ආවත් අනේ මන්දා.....“
“අනේ මන්දා තමයි අක්කී.. දැන් ඇත් අපි මේ කතාව නතර කරමු අක්කී අප්සට් යන එක විතරයි වෙන්නේ “ භාග්‍ය නිවස තුලට යමින් කීවේය.
කේතකී සුදු වතුසුදු මල් පිරුණු මල් වට්ටිය බුදු කුටිය තුල තබා බංකුව මත වු පොතත් රැගෙන භාග්‍ය පසුපසම නිවස තුලට ගියාය.
මුදලාලි ආතා.
3 Jan 2012 5:06 AM (13 years ago)
සිලි සිලි හඬින් නද දෙන පන්සල් භූමිය ගොම්මන් අඳුරෙන් වැසී යන්නට ගත වුයේ සුළු වේලාවකි. බෝධි පුජාවට සාභාගි වු බැතිමතුන් හෙමිහෙමින් ගල් පඩිපෙල බසිද්දි අත්තම්මාත් මමත් දෙදෙනා ගමන ඉක්මන් කෙරුවෙමු. එහෙත් අපේ අරමුණ කරා යන්නට අපගේ සුළු ප්‍රමාදය හේතුවිය.
“අයියෝ.!! අන්න පාන් කඩේ බස් එකත් යනවා... දැන් ඉතින් පයින් තමයි යන්න වෙන්නේ...!!“ මම මුහුණ හකුලාගෙන කීවෙමි.
“දැන් ඉතින් වෙන මොනවා කරන්නද සුදු දෝනි ඔන්න ඔහේ කතාවක් දාගෙන යමු.. හඳත් පායගෙන එනවනේ.. “ අත්තම්මා සැනසිලිදායක හැඬින් පවසා සාමාන්‍ය ගමනින් ගල් පඩි පෙල බසින්නට වුවාය.
පන්සලේ සිට නිවසට ඇති සැතපුම් කිහිපය පාගමනින් යෑම කවදත් මට හිසරදයකි. පයින් ගමන ප්‍රිය නොකල නිසාම පන්සල් යෑම විශේෂිත පොහෝදිනකට පමණක් සීමා විය. එහෙත් අත්තම්මාට එය මහ දුරක් නොවේ ඇය සතියට දෙතුන් වරක්වත් පන්සල් ගියාය. මගේ තරුණ සිතිවිලි ඇය විවේචනය කලේ විකාර වැඩ කරන්නියක් ලෙසිනි. නමුත් පන්සල් බිමට පය තෑබු විට සිතිවිලි වලට දැනෙන නිදහස හා ශන්ත බව මමද නොමසුරුව විඳ ගනිමි.
“ ගමේ අය එකතු වෙලා උඩහා කන්දේ පන්සලක් හදන්න නේද අත්තම්මා උන්නේ.... ඇයි තාම ඒක පටන් ගත්තේ නැත්තේ? “ පයින්ම නිවස කරා එන අතරතුරේ මම විමසිලිමත් වුවෙමි.
“ අර නාකි මනුස්සයා නඩු කියන්න පටන් ගත්තනේ..“ අත්තම්මා කිවේ නොරිස්සුමිනි.
“මොන...?“
“ඇයි අර මුදලාලි උන්දෑ.. ඉඩමට නඩු කියන්න පටන් ගත්තනේ..“
“මොකක්!! ඒ කැලෑවටත් අයිති කාරයෙක් ඉන්නවද.. අනේ හැබෑට.. ඔකේ තියෙන තරමක් තියෙන්නේ කැලෑ මීවනයි තිරුවාණා ගලුයිනේ.. ඔයාට මකතද ඉස්සර චමරි අක්කයි මායි ඒ කන්දේ මීවන අතු කඩන්න යනවා..“ කුඩා අවදියේ සුන්දර මතකයන් අතරට යමින් මම පැවසීමි.
“හ්ම්ම්ම් තිරිවානා ගල් උනත් ඉඩම මිනිහට වටිනවා කියන්නේ... ඩොසරේ දාලා පාර කප්පපු දවසේ ආවේ ඔය සරමත් කරට අරන් මිනිස්සුනට බැනගෙන.. දැන් ඔන්න නඩු කියනවලු ගමේ මිනිස්සු එක්ක...“ අත්තම්මාගේ ස්වරයේ කලකිරිණු ස්වභාවයක් විය.
“ කවුද අත්තම්මා මුදලාලි උන්දෑ කියන්නේ...?“
“ඇයි ළමයෝ අහලා නැද්ද අර එළවලු තොග කඩේ පත්මේ මුදලාලිගේ තාත්තා.. ගමේ මිනිස්සු කියන්නේ මුදලාලි ආතා කියලා“
“පත්මේ මුදලාලි කියන්නේ සල්ලි කාරයෙක්නේ.. ඉතින් ඔය මනුස්සයා කරන දන් පින වල හැටියට පුදුමයි ඔය ඉඩං කෑල්ලට ලෝබ උනා.“
“පත්මේ මුදලාලි දන් පින් කරාට මහ මනුස්සයා කුනු ලෝබයා. කුඩු කේඩු කම් කරලමයි වයසට ගියේ...“
“ අනේ මන්දා.. ඒ ඉඩම ලැබුනනම් අපිටත් ගමට පන්සලක් තියෙනවා.. කොව්වර උනත් දැන් අපි යන්නේ අනුන්ගේ ගමක පන්සලකටනේ..“
“අනුන්ගේ වෙන්නේ කොයිද ළමයෝ.. මේක ඔයාගේ ආතාගේ ගම... මේ පන්සලට අපිටත් අයිතියක් තියෙනවා“
“ ඒ උනාට ඉතින් හැතැප්ම ගානක් පයින් බඩ ගාන්න ඔනිනේ...“ මම මුහුණ හකුලාගෙන කීවෙමි.
**ℓℓℓℓℓℓℓ**
“අන්න අප්පච්චිලා හෙට ලොකු පිනක් කර ගන්න යනවා..“ පොතකට මුහුන ඔබා සිටි මගේ හිස කෙස් වලට පොල්තෙල් අතුල්ලන අතර අම්මා කිවාය..
“හෙට ඉතින් පොසොන් පෝය වෙච්චි එකේ කවුරු කවුරුත් පින් තමා කරන්නේ..“ මම සරදම් කලෙමි..
“ විහිලු නෙවෙයි ළමයෝ... තකහනියක් පෙරේරා සර් ලඟට ගිහින් නැකත් බැලවේවා හෙට අර ලයිට් කණුව පල්ලෙහා ගල් ගොඩේ බෝධියක් හිටවනවා කියන්නේ, ඔන්න දැන් උදැල්ක් උස්සගෙන ගියා වට පිටාව සුද්ද කරන්න.. ගමේ කොල්ලෝ සේරම එකතු වෙනවා කියන්නේ.“
අම්මා විස්තර කලේ ඇඟිලි තුඩු වලින් මගේ හිස සම්භානය කරමින්මය.
“එහෙනම් අම්මේ අපි ගිහින් උදව් කරමු.... හරි නෑනේ.. අනික අපේ අල්ලපු වැටනේ.. “ නැවුම් උනන්දුවකින් මා නැගී සිටියේ බෝ සෙවනක ගොම්මන් වාමය ගත කරන සුන්දඑ කාලය දුර ඇතක නොන බැව වැටහුනු නිසාවෙනි.
“ඔයා ගිහින් කීදෙනකේද ඉන්නේ කියලා බලන්න.. එන ගමන් කඩෙන් බිස්කට් මොනවා හරිත් ගේන්න අපි තේ ටිකක් හදාගෙනම යමු..“ අම්මා කීවේ නැවුම් උනන්දුවකිනි.
“ හරි.... අපිත් පිනක් කර ගන්න එපායෑ.. ඔන්න බිස්කට් මගේ ගානේ..“ කියමින් මම මිටින් හල කිරිල්ලියකසේ එම ස්ථානයට දිවගියෙමි.
ප්‍රධාන පාරට මුහුනලා පිහිටි ඉඩම විශාල කළු ගලක් සහිත කටු පඳුරු පිරුණු භුමියකි. එය අයත් වුයේ ගමේ දුප්පත් තරුණ සහොදරයින් දෙනෙකුටය. කෙනෙකු කිරි හරකුන් සහ කුකුලන් ඇති කරමින් කිරි හා බිත්තර වලින් ලැබෙන ආදායමින් ජීවත් වන අතර අනෙකා ගමේ වතු වල දවසේ පඩියට කුලී වැඩ කරමින් ජීවත් වෙයි.
උදාවු පොහෝදින සෙත් පිරිත් හඬ මැද්දේ අභි නව බෝධිය රෝපණය කෙරිනි. එම අවස්ථාවට සාභාගී වු හිමි නම පවා ඉඩම ලබා දුන් තරුණයින්ට පැසසු සේක.
**ℓℓℓℓℓℓℓ**
බෝධිය කෙමෙන් වැඩෙනනට විය ප්‍රෙදශයේ දානපතීන් බුදු කුටියක් ඉදිකිරීමට නොමසුරුව ආධාර කලෝය. ගමේ මේසන් වරු තම තමන්ගේ විවේක වේලාවන්හීදි කැපවී වැඩ කරමින් බුදු කුටියේ වැඩ කලෝය. සියලු දෙනාගේ සිත් වල බලා පොරොත්තු පහන් දල්වමින් බෝධින් වහන්සේගේ රන්වන් පැහැයෙන් දළුලමින් වැඩුනු සේක්..
එහෙත් ගමේම ඊට විරුද්ද කල්ලියක් විය. ඔවුන් බෝධින් වහන්සේට කිරි වත් කොට නැවුම් දළු කරවන්නට සැලසුවෝය. එහෙත් සැදැහැතියන් නොසැලී දිවා රෑ වෙහෛසී බොධින් වහන්සේ රැක ගැනීමට කට යුතු යෙදුවෝය.
දිනක උදෑසන කාලයේ නිදි ගැට කඩමින් මිදුලේ තණ බිස්සේ සක්මන් කරමින් සිටි මට දෙවැට දෙසින් අත්තම්මාගේ හඬ ඇසි විපරම් කලෙමි...
“ආ... නැන්දා.. මල ගෙදර යන්නේ නෑද?“ හරක් දක්කාගෙන යමින් සිටි තරුණයා අත්තම්මාගෙනි ව්මසුවේය.
“කවුද.. පුතා.. ආරංචි උනේ නැහැනේ...“ අත්තම්මා කුතුහලයෙන් යුතුව ඔහු දෙම බලා ඇසුවාය.
“ඇයි මුදලාලි ආතා.. ඔන්න ඊයේ හවස පරලොව ගියාලු... “ සමච්චල් හඬන් කියා ඔහු හරකුන්ට කෙවිටෙත් තැලුවේය
“හැබෑට!! එහෙනම් යන්න වෙයි නේද... පුතා ඔය ගමන්ම යනවද....“
“ දැන් බෑ නැන්දා.. අර උඩහා කන්දේ ඉඩම අරන් යනන් ඔනි.. උන්දෑගේ පෙට්ටියට දාන්න..“ සමච්චලයට කියා ඔහු හරකුන් දක්කාගෙන කන්ද පහලට ගියේය..
“ඔය මනුස්සයාට එහෙම කියන එක වැරදියි. පන්සල හදන්න ඉඩම කවුරුත් ඒ මනුස්සයාගෙන් ඉල්ලලා නැහැ. මේ මිනිස්සු බලෙන් ගිහින් ඉඩම සුද්ද කරද්දි ඒ ආතා ඇවිත්.. ඇයි අහපු වෙලේ අම්මා අප්පා මකත් කරලා කුණුහරුපෙන් බැනලා.. ඒකනේ ඔය ඉඩම දෙන්න බෑ කියලා තියෙන්නේ“ මෙතෙක් වෙලා පත්තරයට මුහුණ ඔබා සිටි අප්ච්චී කණ්නාඩි කුට්ටමට ඉහලින් බලමින් කීවේය.
කවිකාර සිත බල කරයි
ලියන්නලු කවියක්
සිත් යාය සිහින අසරණයි
සිතේ නැහැ සිතිවිලි බිඳක්
ඔබ සිහිනයක් වගේ දුරයි
සිතට නෑ නිවනක්
ආදරෙයි මම ආදරෙයි
කියන්නට නැහැ ඉඩක්
අහස තරහින් මඟ හරියි
කියන්නට බැහැ දුකක්
වරු ගනන් දුක් අසා ඇතිවී
අහස මිතුදම් හැර ගිහින්
හංස ගීතයෙන් ඔබ්බට.. අද තවලමෙත් කවියක්.. පුංචි වෙනසකටත් එක්ක....

මහපාන්දර පටන්ගත් සිරි පොද වැස්ස නිමක් නැත. වැස්ස නිමවන තුරු සිටින්නට මට සිතක් නැත.. මුහුණට පුයර බිඳක් දමාගෙන හැඩවී මම ගෙයින් පිටවුනෙමි. කවදත් මා අශා කල රෝස පැහැති සුවිටරයත් වුල් මෆ්ලරයත් මට උණුසුම ගෙන දුනි. ඉතින් මම මාවත දිගේ ඔහේ ඇවිද ගියෙමි.
සිතල දෙසැම්බරය වඩ වඩාත් සුන්දර කරවන නෙක පැහැති ඩේලියා මල් මාවත දිගේ මට සිනාසුනි.. සීතලෙන් පෝෂණය ලබන ඇත්තමේනියා , ඩේසි හා ජේබරාස් මල් හිහැහෙන අතර සීතලට දොස් පවරමින් රෝස සහ සමන් පිච්ච මල් සැගවී උන්හ.. එහෙත් වැට අද්දර කහ පිච්ච පඳුරේ අතරින් පතර මල් කිහිපයක් සීතල පරයා නැගි සිට මගේ මාවත් සරසන ලදි. ඉතින් මම මාවත දිගේ ඔහේ ඇවිද ගියෙමි..
වැස්සට සේදී ඔප ගැන්වුනු තාර පාරේ මින් පෙර දුවිලි බිඳක්හො තිබුනු බවට සලකුණක් නැත.. සැබැවින්ම එය බුමුතුරුණක් තරමට සුපිරිසිදුය. කළු පැහැති කාපට් ඇතිරු මාවත දෙපය යායම කොල පැහැයට හැරවී ඇත.. මසක් පමණ කලක් සිට නොනවත්වා වහින වැස්ස නිසා පෝෂණය වු පඳුරු ශාක මාවත දෙපසට නැවුම් සුන්දරත්වයක් එක්කොට ඇත. ඉතින් මම මාවත දිගේ ඔහේ ඇවිද ගියෙමි..
සීතල කපාගෙන පාළු පාර දිගේ පැමිණි බස් රථයට නැවතුම් සංඥාව දෙන්නට හකුලාගෙන සිටි සුරත දිගු කලෙමි. කම්මැලි ස්වරූපයෙන් පැමිණි බස් රථය කීරීස් හඬ නංවා මා ඉදිරි පිට නතර කරන ලදි. මා එයට නැඟුනෙමි.. බසය නැවත කම්මැලි විලාසයෙන් ගමන් අරඹිය. සීතලට ගුලිවි ගොළුවත රැකි නිහඬ මිනිසුන් සියල්ලම පාගේ රේඩියෝවේ වාදනය වන ගීතයන්ට සම වැදී උන්හ... “දෙතුන් වතාවත් ඔබ ඇමතූවෙමි.. සැප දුක සොයා බලන්න.. මගේ දුරකතනයේ අංකය මතකද මොහොතක් කතා කරන්න.. “ ඉබේම වාගේ මම දුරකතනය ගෙන බැලුවෙමි. නිහඬ සිතිවිලි සේම දුරකතනයද නිසොල්මනේ විය. මාද අන් අය සේම සංගීතයට සමවැදී උන්නෙමි. උද්භිත උද්‍යානය අසලින් පිටුපස අසුන් වල සිටි ජෝඩු කිහිපයක් බසසෙන් බැස්සෝය. මා ඔවුන් දෙස බැලුවේ සීතලෙන් ගල් ගැසුනු සිතිවිල්ත් සමඟයි. මන්ද.. මෙවන් වු කම්මැලි සීතල දිනයක කොයිතරම් සුන්දර වුවත් විවෘත උද්‍යානයක ඇවිදින්නට මට නම් සිත් නොදේ... වැව් ඉස්මත්තේද සීතල නොතකන සංචාරකයින් බයිසිකල් පදිමින් ඔබමොබ ඇවිදිමන් විනොද වෙමින් උන්නෝය. දුප්පත් ගොවියන්ට මින් පෙර තම හරකුන් සහ එළඵදෙනුන්ව පොෂණය කල තණ පිටිය අද සංචාරක පාරා දීසයක්ව ඇති අරුම බලා මම උදාසිනව උන්නෙමි.. කෘත්‍රිම මං මාවත් කාත්‍රීම ලී පාලම් නැතත් මින් පෙර මා දුටු වැව් ඉවුර , ගවයින් සහ පෝනියන්ගෙන් පිරී තිබෙන විට මීට වඩා සුන්දර ලෙස මට පෙනුන බව මතකය. එහෙත් දැන් එය සුපිරි පන්නයේ වාහන වලින් පැමිනෙන දෙස් විදෙස් සංචාරයයින්ට උරුම වුනු සීතල පාරාදීසයකි. ... සිතිවිලි අතරේ සිටියදීම බස් රිය ගමනාන්තයට ලං විය. ඉතින් මම මාවත දිගේ ඔහේ ඇවිද ගියෙමි..
කුඩයට ඔරොත්තු නොදෙන හිරිපොද වැස්ස හමන්නේ සුලඟ සමඟ එක ඇලයකටය. ඉඳින් කොතරම් උත්සහ කලත් නොතෙමී සිටීම උගටහය. මා මෙන්ම වැස්සෙන් බේරෙන්නට පොරකන සීතල කබා පොරවා ගත් ගුප්ප මිනිසුන් අතරට මමද එක් වීමි. ඔරොත්තු නොදෙන සීතලට සහ පීඩාකාරි හිරිපොදට විරුද්දව නැඟි සිටින්නට මෙන් මිනිසුන් සුපුරුදු ලෙස තම තමන්ගේ රජ කාරි වල නිරතව උන්නෝය.. සයිවර් කඩය පහුකර යනවිට දැනුනු උණු වඩේ සුවඳ දිවගට කෙල බිඳුමෝදු කරවීය. එහෙත් හිස්ව තිබුණු කුසට එවත් තෙල් සහින අහරක් නුසුදුසු බැවින් මම ගමන ඉක්මන් කලෙමි. ඉතින් මම මාවත දිගේ ඔහේ ඇවිද ගියෙමි..
බේකරිය අසල උදෑසන පොරනුවෙන් ගත් පාන් බනිස් ආදිය පිරි කුඩා ලොරි රථය නවතා තිබුනි. සේවයකින් දෙදෙනකු සීතල පරදමින් එවා යුහුසුලුව රාක්ක වල අසුරමින් සිටියෝය. එළවළු සහ පළතුරු වෙලඳුන් ප්ලාස්ටික් පෙට්ටි වල ඇසුරු ද්‍රව්‍යයන් රැගෙන මධ්‍යම වෙළඳ පොල දෙසට ඇදෙමින් සිටියෝය. මාවත දිගේ ඇවිඳන් එන යුවතියන්ගේ ඇදුම් මොස්තර දෙස බලමින් මම මාවත දිගේ ඔහේ ඇවිද ගියෙමි..
ස්ටෝබෙරි පෙට්ටියක් පුස් බයිසිකලයේ තබා ගත් වියපත් වෙළෙන්දෙකු දේශිය සංචාරකයින් පිරිසකට මැදිව උන්නේය. නියම ස්ටෝබෙරි රසය නොදන්නවුන් සේ ඔවුන් ඇඹුල් රසැති බාල ස්ටෝබෙරි අධික මුලදකට ගන්නට පොරබදිමින් සිටියෝය. ඒ දෙස බලා යමින් සිටි මම මල් කූඩයක් රැගෙන මල් කඩය වෙත යමින් සිටි කාන්තාවකගේ ඇඟේ නොහැපී බේරුනෙමි. ඇය සුහද ලෙස මා හා සිනාසුනේ ඇය අතවු සුන්දර මල් මිටියේ සිරි තවත් වැඩි කරමිනි. ඉතින් මම මාවත දිගේ ඔහේ ඇවිද ගියෙමි..
“සුභ උදෑසනක් පත්තර අයියේ.. මට රන්දිව අරන් තියන්න..“ මා පසුකරමින් කෑ ගසාගෙන ගියේ ඉදිරිපස කඩයක අයිති කරුවෙකි. ඔහු තම කඩය විවෘත කරන්නට දිවයන්නට ඇතැයි මම සිතුවෙමි. බුලත් කොල වතුරේ පොඟවමින් අසුරන බුලත්වෙලෙන්දිය ගැන මෙන්ම සීතලේ ටයිප්රයිටරයත් සමඟ පදික වේදිකාවේ සිටින ලියන්නා ගැනද ශෝකි සිතිවිලි සිත පිරදේදි මම මාවත දිගේ ඔහේ ඇවිද ගියෙමි..
සීතල ඇඳුම් වලින් උණුසුම් වුනු දරුවන් අතරින් පතර පන්තිය පුරා විසිර සිටියෝය. ඔවුන්ගේ වෙනදා ජවය නැත්තේ සීතල විසින් ඔවුන් ගල් පිළිමයන් බවට පත්කර ඇති හෙයිනි. වැඩිහිටි ළමුන් සඳහා වු මගේ පන්තියට ගෙඩවැදි ඔවුන් හා විශය කරුණු වල අතර මං උනෙමි. විවේක කාලය රසවත් කලේ අපූරු කෝපි කෝප්යකිනි. පන්තිය නිමවා ඉතින් මම මාවත දිගේ ඔහේ ඇවිද ගියෙමි..
මා දන්නා කල සිටම පාර අයිනේ කෙටි ආහාර සාදන ලොරිය සුපුරුදු ලෙස එහි විය. පුරුදු ලෙස ඔවුන්ගෙන් යමක් අම්මා වෙනුවෙන් මිලදී ගෙන යලිත් ගමන් ඇඹුවෙමි. වැස්ස සැරවෙමින් තිබුනි.. සීතල මගේ මග අවුරන්නට විය. කෝපි කෝප්පයක් රස විඳිමේ ආශාවෙන් පෙලෙද්දි මා මිතුරු යුවලක් මුන ගැසුනි. ඔවුන් සමඟ අවන් හලට වැදි රස කතා සමඟ කෝපි කෝප්ය රස විඳ යලිත් මම මාවත දිගේ ඔහේ ඇවිද ගියෙමි..සීතල දෙසැම්බරයේ පාළු හුදෙකලා මං මාවත් අතර තනි මම මාවත දිගේ ඔහේ ඇවිද ගියෙමි..